CL Synergy T20 ශූරතාවය දිනා ගනී

30 වැනි සිංගර් වෙළඳසේවා ක්‍රිකට් තරගාවලිය 2023

217
30th Singer-MCA Super Premier League T20 2023

සිංගර් ආයතනයේ අනුග්‍රාහකත්වය ඇතිව ශ්‍රී ලංකා වෙළඳසේවා ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලැබූ 30 වැනි විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගන්නට CL Synergy කණ්ඩායම අද (24) සමත් වුනා. එහි දී ඔවුන් හමුවේ පරාජයට පත් වුනේ හේලීස් A කණ්ඩායමයි.

වෙළඳසේවා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් CL Synergy පළමුව පන්දු රැකීමට තීරණය කළා. ඒ අවසරයෙන් පළමුව පිටියට අවතීර්ණ වුනු හේලීස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුල කඩුලු 7ක් දැවී ලකුණු 138ක් ලබා ගත්තා. එහි දී සන්තුෂ් ගුණතිලක පන්දු 40ක් තුල ලකුණු 52ක් ලබා ගනිමින් හුදකලා සටනක නිරත වුනු අතර ඔහුගේ ඉනිම 6 පහර 4කින් වර්ණවත් වුනා.

වේගපන්දු යවන ක්‍රීඩක ප්‍රමෝද් මදුශාන් ලකුණු 34ක් තුල කඩුලු 3ක් දවා ගනිමින් දස්කම් දක්වන විට, උදිත් මදුශාන් කඩුලු 2ක් දවා ගනිමින් හේලීස් ඉනිම අඩපණ කළා.

පිළිතුරු ඉනිම දියත් කළ CL Synergy පන්දුවාර 18ක් අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී සිය ඉලක්කය පසු කර ගියා. එහි දී ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුනු ප්‍රියමාල් පෙරේරා පන්දු 35ක් තුල 4 පහර 2ක් සහ 6 පහර 4ක් එල්ල කරමින් ලකුණු 48ක් ලබාගෙන දස්කම් දක්වන විට, නවෝද් පරණවිතාන ලකුණු 35ක් ලබාගෙන සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළා.

Hayleys Group (A) – 138/7 (20): සන්තුෂ් ගුණතිලක 52*, ප්‍රමෝද් මදුශාන් 3/34, උදිත් මදුශාන් 2/40

CL Synergy Limited – 142/5 (17.3): ප්‍රියමාල් පෙරේරා 48, නවෝද් පරණවිතාන 35

CL Synergy කණ්ඩායමට කඩුලු 5ක ජයක්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<