CAVA අභියෝගයට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් නේපාලයට

CAVA කාන්තා අභියෝගතා කුසලානය 2023

325
CAVA කාන්තා අභියෝගතා කුසලානය 2023

මැයි 22 වැනිදා සිට 29 වැනිදා දක්වා නේපාලයේ කත්මණ්ඩු නුවර දී පැවැත්වීමට නියමිත 2023 CAVA කාන්තා අභියෝගතා කුසලානය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම එළඹෙන 20 වැනිදා දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතයි.

මෙම තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ජ්‍යේෂ්ඨ කාන්තා කණ්ඩායමේ නායකත්වය තිළිණි වාසනා වෙත හිමිව ඇති අතර උප නායිකාව ලෙස කටයුතු කරන්නේ කවීෂා ලක්ෂානියි.

කණ්ඩායමේ ප්‍රධාන  පුහුණුකරු ලෙස අත්දැකීම් බහුල පුහුණුකරුවෙකු වන චාර්ල්ස් තිලකරත්න කටයුතු කරද්දී සහය පුහුණුකාරිණිය ලෙස චන්දිමා අකරවිටත්, තුෂාර පෙරේරා කළමනාකරු ලෙසත් කටයුතු කරනු ලබනවා.

තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවට අමතරව සත්කාරක නේපාලය, කසකස්තානය, මාලදිවයින, ඉන්දියාව, කිර්ගිස්තානය, උස්බෙකිස්තානය සහ බංග්ලාදේශය සහභාගී වීමට නියමිතයි. මෙම කණ්ඩායම් 8 A සහ B ලෙස කාණ්ඩ දෙකකට වෙන් කර තිබෙනවා. එහි දී නේපාලය, කිර්ගිස්තානය, බංග්ලාදේශය සහ ඉන්දියාව A කාණ්ඩයෙනුත් උස්බෙකිස්තානය, ශ්‍රී ලංකාව මාලදිවයින සහ කසකස්තානය B කාණ්ඩයෙනුත් තරග වැදීමට නියමිතයි.

>> Photos – Sri Lanka Women’s Volleyball Team Practices for Central Asian Women’s Volleyball Challenge Cup 2023<<

ශ්‍රී ලංකාවේ පළමු තරගය උස්බෙකිස්තානය සමඟින් 22 වැනිදා උදෑසන 9.30 ආරම්භ වීමට නියමිතයි. ඒ තරගාවලියේ සමාරම්භක තරගය ලෙසිනුයි. දෙවැනි තරගය කසකස්තානය සමඟිනුත්, තෙවැනි තරග මාලදිවයින සමඟිනුත් පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ සමස්ත තරග කාලසටහන:

තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය: තිළිණි වාසනා (නායිකාව), කවීෂා ලක්ෂානි (උප නායිකාව), දිලූෂා සංජීවනි, ප්‍රීතිකා ප්‍රමෝදනි, ජේ. තිලක්ෂනා, අප්සරා සෙව්මාලි, ඉරේෂා උමයංගනී, පියුමි භාශිනි, සංජීවනි කරුණාරත්න, අයේෂා මධුරිකා, අරුණ වසන්ති, කාංචනා චතුරානි, නඳුනි හිමංසලා, සචිනි චාරුකා.

තරගාවලියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කරන්නට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<