Saturday, May 13, 2023

සින්දූර ගස | The Oak Tree

 

හැමුවා මහා කුණාටුවක්

රැයේ පටන් දවස පුරාම

උදුරාගෙන ගියා ගසේ කොළ

ලොකු අත්තකුත් බිඳගෙන කඳෙන්

සින්දූර ගස පෙළා හෙම්බත් කර


එනමුදු,

සින්දූර ගස දරා සිටියා

අවට ගස් උදුරා වැටෙද්දි බිම

වෙහෙසට පත්වූ සුළඟ

ලං වෙලා විමසුවා හෙමිහිට

සින්දූර ගසේ, කොහොමද නුඹ

නොවැටී ඉන්නේ කෙළින්, තවම


සින්දූර ගස තැන්පත්ව කියා සිටියා,

සුළඟේ, මම දනිමි නුඹට පුළුවන

අතු ඉති මගේ සිඳ බිඳ දමන්නට

ගසාගෙන යන්නට කොළ ඉවතට

රිදවන්න මගේ කඳ, අඹරන්න


එනමුත්,

මට ඇත මුල් පස තුළටම විහිඳුන

උපන් දා සිට දින දින සවියෙන් වැඩෙන

දුටුව ද නුඹ, පුළුවනි ද අත තියන්න

එයයි මගේ සවිය, බලවත්


අද වෙනතුරු,

දැන සිටියේ නැහැ නෙව

මෙතරම් ඔරොත්තු දිය හැකි ද මට

තුතිය නුඹට,

අද දැනගත්තෙමි

කෙතරම් ශක්තිමත්ද මා


* ඇමෙරිකානු ජාතික, Johnny Ray Ryder Jr. කවියාගේ "The Oak Tree" නිර්මාණයේ පරිවර්තනයකි.

* ඕක් ගස හැඳින්වීමට වැඩියේ භාවිතා නොවන සින්දූර ගස කියන සිංහල යෙදුම පාවිච්චි කරා. ඕක් ගස විහිදුන අතු, පිරි කොළ වලින් අලංකරය වගේම නුවණ, ශක්තිය හා ඔරොත්තුදීමේ සංකේතය හැටියට ගැනේ.

* සින්දූර ගස අපිට ලොකු පාඩමක් කියාදෙනවා නේද?

පරිවර්තනය: එම්. ඩීන්, ගල්මල්-Coral

3 comments:

  1. 'සින්දූර ගස අපිට ලොකු පාඩමක් කියාදෙනවා නේද?'

    බොහොම රසවත් වගේම ආදර්ශමත් කවි කතාවක් මා එම් ඩීන් මල්ලියා.

    ReplyDelete
    Replies
    1. හිතගත් කවි වලින් එකක්, උත්සාහයක් ගත්තේ ඉන් දෙන ආදර්ශය බෙදන්න. බොහෝම ස්තුතියි, ඒ වචන හයියක්!

      Delete
  2. හොඳ පරිවර්තනයක්. මුල් බැස ගත්තම උදුරන්න අමාරුයි . ඒක දෙපැත්තටම වැදෙන එකක්.

    ReplyDelete