.

.

Apr 7, 2023

කෙසෙල් කොලේ බත්

 



කෙසෙල් කොලේ බත් 

➖➖➖➖➖➖➖🔴


එකලේ කෑම ආ රඹ කැන් කොලේ .........එතී

ඇතුලේ තිබෙන දේවල් රස වැඩියි ........නිතී

කිතුලේ නැගී අම රසයද පෙරා ...........බොතී

පතුලේ පවා ලෙව කාගෙන උලා ............කතී


©® කාව්ව සිරෝමනී මාතලන් 


#මාතලන් 


22 comments:

  1. අජිත් ධර්මකීර්ති නං කන්නේ රනිල්ගේ පොල්කුඩු සහ ගනිකාවන්ගෙ යෝනිස්‍රාව කියනවනේ.

    මේ අජිත් ධර්ම එන්නේ නැති පොස්ට්.

    ReplyDelete
  2. ධර්මකීර්තිගේ හාමිනේ දීප්ති එක්ක බුදියගත්තා කියන්නේ ඇත්තද

    ReplyDelete
  3. අජිත් ධර්මකීර්ති පොන්නයා කමෙන්ට් වහලා හැංගෙනවා.

    ඕකා තමයි ඩොක්ටර් රුවන් සහ දීප්ති කෙටෙව්වේ.

    ReplyDelete
  4. අජිත් ධර්මකීර්ති කුරුමිටි පරබල්ලා ඕකාට හෙන හත වදින්න ඕනි සක්කිලියා

    ReplyDelete
  5. කට්ටිය බඩුවක් ගහන්ඩ ගිහිල්ලා. එකේ එකෙක් බඩුවගේ හුත්ත අස්සේ කැරි ටික දාලා ආවම පස්සේ අජිත් ධර්මකීර්ති ඒ කැරි ටික උරලා බීලා

    ReplyDelete
  6. දීප්ති වගේ ගොඩක් අයට මගේ සෙක්ස් හැකියාව, ප්‍රිෆරන්ස් එක, සයිස් එක වගේ ප්‍රශ්න තියෙනවා. ඒ අය නිතර කමෙන්ට් කර කර මේ ගැන අහනවා. මං පිරිමියෙක් නෙමෙයි, බලන් ඉන්න තමයි පුළුවන් වගේ කතා කියනවා. මේ අයවෙනුවෙන් විවෘත පැහැදිලි කිරීමක් කරන එක වටිනවා.

    මං පිරිමියෙක් නෙමෙයි. මගේ උත්සාහය ගැහැනියක් වෙන එකයි. මේ ගැන මං කීපවතාවක්ම කියල තියෙනවා. මගේ ඒ තරම් ලොකු සයිස් එකක් නෑ. පුංචියි. ඒ වගේම ඔය කමෙන්ට් කරන අයගෙ වගේ නිතර ප්‍රානවත් වෙන්නෙත් නෑ. සෙක්ස්වලදි පුරුෂ ලිංගයට වඩා රසවත් දේවල් මට තියෙනවා.

    ඒ වගේම මං සෙක්ස් කරනවට වඩා ඒ ගැන කතා කරන්න, අනුන් කරනවා බලන් ඉන්න කැමතියි.නැරඹුම්කාමීයි. පෝර්න් බලන හැමෝම එහෙම අය තමයි. ඉතිං මේ දේවල් ආපහු වෙන වෙනම කමෙන්ට්වල කියන්න ඕන වෙන එකක් නෑ කියල හිතනවා.

    -අජිත් ධර්මකීර්ති-

    ReplyDelete
    Replies
    1. Ruth Katz නොහොත් Aura Candy මතක්වුනා

      Delete
  7. පැරකුම් සර්ට මඩ ගහන්න ආපු ධර්මකීර්තියාට රෙවෙන්ඩ දීලා නේද. මිනිහා ආන්න හොදටම බීගෙන කෝල් දිදී බනිනවා හතර වටේ.

    ReplyDelete
  8. අජිත් පී ජයසිංහ (අගලවත්ත) Vs අජිත් ඩී කීර්ති (ලන්ඩනය)

    කවුද දිනන්නේ.

    ReplyDelete
  9. මාතලන් තව දෙයක් තමයි ජිවිතේ සමහර බැඳීම් තියෙනවා ඒ අය මේ ජිවිතේදි අපේ පවුලේ සාමාජිකයො වෙලා ඉන්නෙ ආත්මගත වෛරයක් පිරිමහන්නද කියලත් හිතෙන... 🥴

    අම්මා තාත්තා උනත් එහෙම තමයි.. හැමොගේම අම්මලා තාත්තලා වන්දනීය පූජනීය චරිත නෙමෙ.. සමහර අම්මලා තාත්තාලා ඉන්නවා දරුවො ඒ අය නිසා පව් ගෙවනවා... දරුවන්ගෙ ජිවිත වලට මලම ඇණයක් වෙච්චි , දරුවෙක්ට පාරේ බැහලා යන්න නැති කරන , දරුවන්ට ඉතාම තුච්ච ලෙස ඊරීසියා කරන, දරුවොන්ට පුදුමාකාර හතුරුකම් කරන දෙමාපියවරු ඕනෙ තරම් ඉන්නවා මන් ලංකාවේ හිටපු කාලෙ ඕන තරම් දැකලත් තියෙනවා...

    සමහරු " දෙමාපියො" කියන නම දාගෙන දරුවන්ගෙ ජිවිත මත ආධිපත්‍යය පතුරවලා අමුතු ආතල් එකක් ගන්න අය.. ඒ අය තමුන්ගෙ ඉටු නොවුන හීන, තමන්ට සාක්ශ්‍යාත් කරගන්න බැරි වුන ඉලක්කවලට යන්න තමුන්ගෙ දරුවන්ව " use " කරනවා ඉතාම නින්දිත ලෙස...

    සමහරු දරුවො හදනවා " ආදරය" කියන එක ඇමට දාලා.. දරුවන්ව හිතූ හිතු අතට ඔලුබක්කො වගෙ නටවනවා..

    සමහරක් දෙමාපියවරු මාර චූන් එකක් ලබනවා " ප්‍රින්සිපල් " පාට් එක ආරුඨ කරගෙන සමහර තාත්තාලා ආසයි අර හිට්ලර් වගෙ දරුණු නාසි ලොක්කෙක් විදියට ඇක්ට් කරන්න..

    තව සමහර අම්මලා ලමයගෙ පෙකිනි වැල ඉපදෙනකොට කපන්න ඉඩ දීලා නෑ. ලමයා ජිවත් වෙන්නෙ පෙකිනි වැල ඇඟ වටේ ඔතාගෙන... ඒ වගෙ අයට අපි මමාස් බෝයිලා, මමාස් ගර්ලා කියනවා😁

    ඔය ආදරේ පෙන්නගෙන දරුවන්ගෙ ජිවිත අනාථ කරන දෙමාපියො එහෙම වඩාත් බයානකයි.

    මගෙ එක ඥාති සහෝදරියක් හිටියා . පොශ් පවුලක.. එකම දුව. කිසිම දේකින් අඩුවක් නෑ. හැදුනෙ අම්මා තාත්තා අස්සෙමයි. ජිවිතේට තනියෙන් කොහෙවත් ගිහින් නෑ. දැන් වයස 40 යි.. ගෙට හූවක් දූරින් කැලණි පන්සල. ඒ පන්සලට තනියෙන් යන්නවත් දන්නෑ. අම්මට තාත්තට තිබ්බ අසිමිත බය නිසාම ජිවිතේට කිසි කෙනෙක් එක්ක යාලු වෙන්න හිතුවෙවත් නෑ.. එයා ඒකට බය නෙමෙ " ගෞරවය " කියන්නෙ . අම්මලා තාත්තාලා කේන්දර හොය හොය හිටියා කේන්දරේට ගැලපෙන කෙනෙක් බන්දන්න. මනමාලයො 10000 ක් විතර බලන්න එන්නැති. ඒ අම්මට තාත්තට කිසි කෙනෙක් හිතට ඇල්ලුවෙ නෑ. තාත්තා මෑතකදි මැරිලා ගියා හාට් ඇටෑක් එකකින්. අම්මා ඉන් පස්සෙ රෝද පුටුවට උනා .

    දැන් මොන කසාදද? කියලා අම්මා බලාගෙන ඉන්නවා... පෞ ජිවිතයක් අම්මයි තාත්තයි එක්ක එකතු වෙලා අනුභව කරපු!!

    ReplyDelete
    Replies
    1. ඒ වගෙ ජන්මාන්තර වෛර පිරිමහන සහෝදර සහෝදරියොත් ඉන්නවා. ලගදි තිබ්බා පේස්බුකියේ ගෲප් එහෙක නිර්නාමික ගැටළුවක්...

      එක තරුණියක් ඉන්නවා ඇර කියන්නේ ඇගෙ පලමු ලව් එෆෙයාර් එක කැඩිලා තියෙන්නෙ බෝයිෆ්‍රෙන් එයාගෙ නන්ගිට ලයින් දාලා අහුවෙලා. පස්සෙ වෙන කෙනෙක්ව කසාඳ බැදලැ දැන් ලමයෙකුත් ඉන්නවා. ලගදි අහුවෙලා දැන් ඉන්න හස්බන්ඩුත් නන්ගි එක්ක චැට් කරලා අවුරුදු 04 ක් මේ තරුණියව බැන්දට පස්සෙ.

      නන්ගිට තමයි ආදරේ කිය කිය යවලා නන්ගිත් ඒවට අනුබල දීලා. අන්තිමෙ මේ නන්ගි එක්ක හුටපටේ අහුවෙලා තියෙන්නෙත් මේ තරුණියන්ගෙ පියාට...

      අන්න ඒ වගෙ අක්කලාගෙ කසාඳ කඩන නන්ගිලත් ඉන්නවා. නන්ගිලාගෙ කසාඳ කඩන අක්කලත් ඉන්නවා..

      සහෝදර සහෝදරියෝ වෙලා එක බඩ වැල කඩන් ඇවිත් කුමන ආකාරයක හෝ හතුරුකම් පිරිමහන සහෝදර සහෝදරියොත් ඉන්නවා..

      සැමියා/ බිරිඳ හෝ දරුවො වෙලා අපිව කම්න ආපු හුප් .. තම්ලා ඉන්නවා

      ඒ වගේම මුලු පවුලෙම උන් එකතු වෙලා ඒ පවුලෙම එකෙක්ට වෙනස්කම් කරන / ඔළුව කම්න හදන / උගෙ ඇගේ එල්ලිලා ගොඩ යන්න බලන අවස්ථාත් තියෙනවා..

      සමහර පවුල් ඒකක මාරම toxic ... සමහරවිට ඒ ටොක්සික් පවුල් ඇතුලෙ හොද උනුත් එකෙක් දෙන්නෙක් කනාවට ඉන්න පුලුවන්. හැබයි ඒ ජිවිතත් කිසි තේරුමක් නෑ

      මේ ලගදි මගෙන් අදුරන නන්ගි කෙනෙක් ඇහුවා

      " අනෙ අක්කෙ මගෙ බෝයිෆ්‍රෙන්ගෙ පවුලේ බෝයිෆ්‍රෙන් විතරමයි හොද.. අම්මා තාත්තා අක්කා මහ නරකාදී මිනිස්සු . බෝයිෆ්‍රෙන්ට නම් ඒ ගතිගුණ නෑ.. හැබයි එයා බැඳලා වෙනම ඉන්න ආසත් නෑ. ගෙදරම ඉන්නෝනෙලු""

      මම දුන්න එකම උපදෙස

      @ දුවපන් කෙල්ලෙ දුවපන්!! පසු නොබල දුවපන්!!

      නරකාදී පවුලක එකෙක් ඉන්නවා නම් හොද එකෙක් ඌට කිසිම උවමනාවක් නෑ ඒ නරකාදියෙම ලගින්න.. ඌට හම්බෙන පලවෙනි චාන්ස් එකේදිම ඌ නරකාදීයෙන් ලෙෆ්ට් වෙනවා. ඌ උබවත් ඒ නරකාදීයටම අදින්න ට්‍රයි එක දෙනවා නම් ඌත් නරකයෙක් තමා වෙස් වලාගත්ත.. උගෙයි පවුලෙ උන්ගෙයි වෙනසක් නැති බව තේරුම් ගන්න අර පවුල තුලටම රින්ගන රිස්ක් එක ගන්න එපා!

      ජිවිතේ වැදගත් තීරණ වලදි මිනිස්සු එහෙම රිස්කි වැඩ කරන්නම ඕනෙ කියලා එකක් නෑ..

      පවුලකට කසාදෙකින් සම්බන්ධ වෙන්න ඉන්නවා නම් ඒ පවුලෙ උන් මොනවගේද කියන එක ඉතාම වැදගත්..

      අම්මා තාත්තා අස්සෙ හැදෙන කොටි පැටියෙක් හාවෙක් වගෙ හැදෙන්න ඉඩ ඉතා අවමයි.. ඉතාම අවමයි.

      එලියෙ සමාජෙට ඇවිත් ගොදුරක් ඩැහැගන්න ටෲ කලර්ස් හන්ගන එක තමයි ගොඩක් වෙලාවට වෙන්නෙ.

      අන්තිමෙ ඩැහැගත්ත ගොදුර ගුහාවට ආදරෙන් අරන් ගිහින් අම්මා තාත්තටත් දීලා බෙදාහදාගෙන කනවා.

      කසාඳෙකදි උබ අන්න ඒ වෙස් වලාගත්ත කොටි පැටියගෙ ආදරේ කියන ඇමට වහ වැටුන " ගොදුර වෙලා" උගෙ පවුලෙ අයගෙ ආහාරය වෙන්නෙපා!!

      විශ සහිත පවුලකට සම්බන්ධ උනා කියන්නෙ ජිවිතේ අපායක්!!

      මෙන්න මේ වගෙ ජන්මාන්තර බැඳිම් තමුන්ගෙ පවුල තුල තිබුනත් හැකි තාක් ඈතටම දුවපං!!

      ප්‍රශ්නයක් නෑ අම්මා තාත්තා උනත්!! අත අරින්න ඕනෙ තැනදි අම්මා තාත්තා හෝ අත් හැරිය යුතුයි!

      මේ කෙටි ජිවිතේ විශ සහිත ටොක්සික් උන්ගෙ ගොදුරු වෙන්න වෙලාව වැය කරන්න එපා!

      ඈතටම දුවපං !

      ඕකයි මගේ උපදෙස...

      Delete
  10. මාතලන්

    මීට ටික කාලේකට කලින් අපි ඇනස්ලි බර්ටි සැමුවෙල් කියන තුන්දෙනා කරපු විනෝද සමය ගැන කතා කර කර හිටපු තැනක එක මල්ලි කෙනෙක් ඇහුවා..

    " ඇනස්ලි බර්ටි සැමුවෙල් කියන්නෙ වස්තිලා වගෙ සෙට් එකක්ද ? " කියලා

    මේ සැසඳිම ගැන මන් එදා කම්පාවට පත් උනත් පස්සෙ මං තේරුම් ගත්තා මේක ජෙනරේශන් ගැප් එකෙ ප්‍රශ්නයක්.. විනෝද සමය වගේම වස්තිලා මේ ජෙනරේශන් එකෙ අයිකොන් එකක් වෙලා කියන එක..

    ඒ එක්කම මට කියන්නම ඕනෙ කතාවක් මේක!!

    ළමයින්ගෙ ඉස්කෝල නිවාඩුවත් එක්ක දැන් අවුරුදු ගානක් තිස්සෙම හැම ඉස්කෝල නිවාඩු කාලේකම නොවරදවා පෙන්නන ලමා චිත්‍රපටි ටික ආයි මුල ඉදන්ම පෙන්නන්න පටන් අරන් තියෙනවා දැක්කා..

    ගොඩක් අයට මේක දැන් බෝරිං කියනවා මට ඇහිලා තියෙනවා..

    නමුත් ගිය අවුරුද්දෙ මේවා බලපු ලමයා නෙමෙයි මේ අවුරුද්දෙ මේක බලන්නෙ .. ලමයි සහ ලමයින්ගෙ ලමා කාලය සදාකාලික එකක් නෙමෙ.. ප්‍රශ්නෙ තියෙන්නෙ පෙන්නන ඒවයෙ ගුණාත්මකභාවය සහ ලමා ලෝකයට හරයාත්මකව මේවා ගැලපෙනවද කියන තැනයි..

    ඒ සදාකාලික නොවිච්ච ලමා කාලයක් තිබ්බ මාත් අනුව දශකයෙ මුල හරියෙ ඉපදුන ලමයෙක් හැටියට ජනමාද්‍ය විඳපු හැටි මට ටිකක් මතක් කරන්න හිතුනා..

    ඒ කාලෙත් ලමා රසවින්දනයෙ මන් නොදැකපු පරාස ඉසව් තියෙන්න ඇති.. මේ මට ස්පර්ශ උන තැන් කීපයක්.. සහ මං විඳපු තැන් ..

    ළමයින්ගෙ ලමා කාලයට රේඩියෝව විවුර්ත කරන්නෙ SLBC හෙවත් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්තාව.. ක්‍රමයෙන් ගොඩ නැඟුන ලමා ජනමාද්‍ය කලාව ගැන කියද්දි අපි ඉපදිලා නැතත් ඒ කාලෙ ගිය " සිරි අයියගෙ ළමා පිටිය " අමතක කරන්න බෑ.. 1940 ගනන් වල අග භාගය සහ 50 ගණන් වල මුළ භාගය අතර සිරි අයියගෙ ලමා පිටිය ගුවන් ගත වෙන්නෙ.. සිරි අයියා විදියට ඒ කාලේ ඉදලා තියෙන්නෙ U.A.S පෙරේරා කියලා කවිකාරයෙක්..

    "සිරි අයියෙ පැණයක් අසමි
    අම්මාද තාත්තද වැඩිය හොඳ"

    මේ ජනප්‍රිය ගීතය ඔයාලාට මතක ඇති.. කාලයක් ගියාම මේ ලමා පිටිය කාලයත් එක්ක අළුත් මුහුණුවරකින් ඇවිත් තියෙනවා.. ඒකට කියලා තියෙන්නෙ "ළමා මණ්ඩපය"

    ළමා මණ්ඩපයෙ පුරෝගාමියා වෙලා තියෙන්නෙ එවකට සිරි අයියගෙ ගෝලයෙක් උන කරුණාරත්න අබේසේකරයන්.. රේඩියෝ සිලෝන් කියලා මුලින් හදුන්වපු ගුවන් විදුලි සංස්ථාවෙ පලවෙනි ලමා වැඩසටහන් සම්පාදක හැටියට පත්වීමක් ලබන්නෙ මෙන්න මේ කරුණාරත්න අබේසේකර කියන අපි හොඳින් හදුනන ගී පද රචකයා..

    පහු කාලේක ස්වර්ණවාහිනියෙ හපන් පැදුර හරහා අපි අහපු ගොඩක් ලමා ගීත මෙන්න මේ ලමා පිටියෙ කියපු බොහොමයක් සහ කරුණාරත්න අබේසේකර ශූරින් රචනා කරපුවා.

    රේඩියෝ සිලෝන් එකෙ ඒ කාලෙ ජනප්‍රිය ලමා වැඩසටහන් කීපයක් තිබිලා තියෙනවා..

    ළමා රංග පීඨය, ටිකිරි සිනා රැළි . , බෝසත් ලමා ලපටියො වගෙ ඒවත් මේ කියන සමයෙ ලමයින්ගෙ ලෝකය ආක්‍රමණය කලාලු..

    කරුණාරත්න අබේසේකරයන්ව ඒ කාලෙ හඳුන්වලා තියෙන්නෙ කරු අයියා කියන අනවර්ථ නාමයෙන්..

    කරු අයියා ලියපු බොහොම ජනප්‍රිය ගීත කීපයක් ඔයාලත් මේවා ජිවිතෙ එක පාරක් හරි අහලා ඇති

    " හිනහේවි බෝනික්කා ඇස් නටවා බල බලා"

    " නැළැවිලා මව් තුරුලෙ දොයි දොයි දොයි බබා"

    " දැන් නිවාඩු කාලේ හින්දා නෑ ඉස්කෝලෙ"

    ...

    ReplyDelete
    Replies
    1. ඔය සිරි අයියාගෙයි කරු අයියාගෙයි ළමා පිටියෙන් පටන් අරන් ගුවන් විදුලියෙ A ශ්‍රේණියෙ ගායකයො වෙලා ( ගුවන් විදුලියෙ ඒ කාලේ ගායකයො වර්ග කලාලු.. ගීතත් වර්ග කලාලු සරල ගී වගෙ කැටගරි වලට)පන්නරයක් ලබපු ගොඩක් ඈයො තමයි පස්සෙ කාලෙක ප්‍රවීන ගායකයො හැටියට එළි බහින්නෙ.. ඉන්ද්‍රානි විජය බණ්ඩාර වගෙ අය මේ ලමා පිටියෙන් ආපු අය කියලයි අපි අහලා තියෙන්නෙ

      1960 ගණන් වලදි " හඳ මාමා" කියලා වැඩසටහනක් සුමනා ජයතිලක කියන ප්‍රවීන නිවේදිකාවක් කරලා තියෙනවා ගුවන් විදුලියෙ වෙළද සේවයෙ..

      ඒ කාලෙ තමයි මේ ප්‍රේම කීර්තිද අල්විස් වගෙ අය කරලියට එන්නෙ..

      ලමා පිටිය මෑත කාලිනවත් විදුල ගුවන් විදුලියෙ විකාශය උන බව මන් අහලා තියෙනවා

      පස්සෙ කාලේක ආරම්භ උනාලු ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙ අද්‍යාපන සේවය.. ඒ හරහාත් විශාල මෙහෙයක් ඉටු වෙමින් තිබුන කාලේක තමයි  ඔන්න රූපවාහිනි සංස්ථාව හරහා එතෙක් තිබ්බ රේඩියෝ ශ්‍රව්‍ය ලමා ලෝකය මේ තීරය මතුපිටට ගේන්නෙ..

      ටයිටස් තොටවත්ත කියන නම ඉන් පස්සෙ ලමා වැඩසටහන් ගැන කතා කරද්දි නොකියම බැරි නමක්..  ටයි මාමා .. අපි ඒ කාලෙ බලපු අදටත් අපිට අමතක නැති බොහොමයක් ලමා වැඩසටහන් වල මෙහෙයුම්කරුවා ඔහු..

      1980 ටයි මාමා හඳපු හඳයා චිත්‍රපටය ඒ වසරේ හොඳම ලමා චිත්‍රපටියට හිමි සරසවි සම්මානය පවා දිනාගත්තා

      චිත්‍රපට අද්‍යක්ශවරයෙක් වගේම හඬ කැවීම් ශිල්පියෙක් සංස්කාරකවරයෙක් හැටියට ඒ කාලෙ ලමයින්ගෙ ලෝකය හොල්ලපු වීරයා ටයි මාමා..

      ඔශින් වගෙ විදේශිය හඬකවපු නාට්ටි වගේම දොස්තර හොඳ හිත වගෙ කාටුන්.. ඔයාලට මතක ඇති..

      ඒ වගේම ටයි මාමා හඬ නිපදවීමෙන් දායක උන

      " අසි අසි අසි අසිපත අත ගත් අසරුවා සෝරෝ"@

      මේ ලස්සන සිංදුව තිබ්බ සෝරෝ කාටුන් එක බලන්න පුංචි කාලේ අපි වාසනාවන්ත උනා..

      පිස්සු පූසා,, වලස් මාමා වගෙ කාටුන් බලනකොට කාටද ටයි මාමා අමතක වෙන්නෙ?

        හඬකැවිම කියන්නෙ වෙනම කලාවක් කියලා අපිට ඔප්පු කරන්නෙ ටයිටස් තොටවත්තයන්.. එතුමා යටතේ මේ හඬකැවිම් ක්ශේත්‍රයෙ පන්නරය ලබාපු ගොඩාක් අය ඉන්නවා ඔශින්ට හඩ කවපු රසාදරි. පීරීස්,, එතකොට අපේ ගීතා කාන්ති ජයකොඩිගෙ නන්ගි රත්නාලලිනි, ඔශින්ගෙ පොඩි කාලෙට හඩ කවමු ශශි ප්‍රභා.. මං අහලා තියෙන විදියට ගාමින්ද ප්‍රියවිරාජ් හා සුනෙත් චිත්‍රානන්ද පවා ටයි මාමගෙ ආභාශය ලබපු අය..

      ටයි මාමා එක්ක පටන් ගත්තු ඒ ගමන ඉස්සරහට අරන් යන්න ඉන්නෙ දැන් අතුල රන්සිරිලාල් මහත්මයා..

      එතුමාත් ටයි මාමා වගේම ලෙජන්ඩ් එකක්..

      ස්පෙල් බයින්ඩර් ( හඬ කැවිමක්) .. ඇපල් ආදිපාද , දගර වලිග ලප වානර සහ පසුකාලිනව ආපු අති ජනප්‍රිය කොරියන් ටෙලිනාට්ටි උන සුජාත දියණි වගෙ ඒවට මන් හිතන්නෙ අතුල රන්සිරිලාල් ලොකු දායකත්වයක් සැපයුවා..

      Delete
    2. රූපවාහිනියෙ අපි පුංචි කාලේ බලපු ශනිදා ආයුබෝවන් චිත්‍ර පිටුවත් අපිට අමතක කරන්න බෑ.. නිලාර් එම් කාසිම් මොහාන් රාජ් මඩවල ප්‍රේම කිර්තිද අල්විස් වගෙ කට්ටිය කාලෙන් කාලෙට ශනිදා ආයුබෝවන් කලා.. රූපවාහිනියෙන් චිත්‍ර බලන එක අමුතු දෙයක් උන මේ කාලේ අපි ආසාවෙන් බැලුව එකක් චිත්‍ර පිටුව.. එතනින් ගියාම ඔයාලට මතක නැතිවත් ඇති

      " බැහැයි කියලා බෑ" එළුසන් කරපු වැඩසටහන ..

        අනු ගණන්වල මුල හරියෙ රූපවාහිනියෙ හඬ කවපු සුරංගනා කතා මාලාවක් ගියා

      "සුරඟන කතා කරලිය " කියලා..

      හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් වගෙ අයගෙ සුප්‍රසිද්ධ සුරඟන කතා පැයක විතර එව්වා සිංහලෙන් හඬ කවලා ( මං හිතන්නෙ ඒකත් කලේ ටයි මාමා) විකාශය උනා.. එතනින් ජනප්‍රිය කීපයක් තමයි

      " ගෙබි කුමාරයා"
      " ජැක් සහ මායා බෝංචි වැල"

      " සින්ඩරෙල්ලා"

      " බියුටි ඇන්ඩ් ද බීස්ට් ( විරූපි සහ සුරූපි) වගෙ ඒවා..

      මේ කතා මාලාවම ඔයාට අදටත් යූ ටියුබ් එකෙ සුරඟන කතා කරලිය කියලා සර්ච් කරොත් බලාගන්න පුලුවන්

      අද දවස ගානෙ හඩ කවලා විවිධ නම් වලින් එන නොයෙක් කාටුන් සහ ටෙලිනාට්ටි එක්ක බලද්දි ඔයා බැලුවොත් ඔයාට තේරෙවි මේ හඬ කැවීම් වල විශිශ්ඨත්වය..

      අහ් අමතක නොකරම බෑ ඉඟුරු පාන් මල්ලි

      රොඩ්නි වර්ණකූලගෙ හඬින් කියන

      " නිතරම කණ කාලා හැදෙන " සිංදුව මතකද??

      ඥාණ කතා මල්ලි , විලියම් ටෙල්.. රොබින් හුඩ් වගෙ පස්සෙ කාලෙක ආව ඒවත් අපි බැලුවා මතක ඇති..

      " වෙරළෙ ජිවිත නැව් පෙරළි
      මුතු සොයනා අය කව්දො??"

      මතකද?? රොබින්සන් අන්දරය.. අපිව මුසපත් කරපු ඒ කතාව??

      පන් පසිඳුවන්( ෆේමස් ෆයිව්). ඇලිස්ගෙ විස්මලන්තය වගේ එව්වත් ඔයාට අමතක වෙන්න විදියක් නෑ

      නයිල් නදි කුමරි ,, round the twiest , කාබාසිනියාතුමා වගෙ ඒවා
      අපි ටික ටික ලොකු වෙද්දි බලපුවා..

      රූපවාහිනියත් එක්ක අපි ගත කරපු ලමා කාලේදි අපිට අමතක කරන්න බැරි දේවල් කීපයක් තියෙනවා...ටයිටස් තොටවත්ත,, තේවිස් ගුරුගෙ මැදිරිය,, අතුල රන්සිරිලාල්.. මේ දේවල් ඒ ලමා කාලේ වර්ණවත් කලා..

        රූපවාහිනියෙන් අයි ටී එන් එකටත් එන්න ඕනෙ. පොඩ්ඩකට ེ..


      සුදු පුංචා මතකද?? මං හරිම ආසාවෙන් බලපු මපට් වැඩසටහනක්.. මොන්ටිසෝරි යන කාලේ සදුදා හවස පහමාරට සුදු පුංචා බලන්න අනිවාර්‍යෙන්ම  අමතක කරන්නෙ නෑ..

      අයි ටී එන් එකෙත් හවසට හවසට ඒ කාලේ ගියා ගොඩක් ලමා වැඩසටහන් මට දැන් නම මතක නැතත් ඔය උපුල් මාමා වගෙ කට්ටිය ඒවයෙ රඟපෑවා මතකයි..

      සිරස කියන්නෙ දුර ඈත ලමා කාලෙකට යන්න බැරි ඉතිහාසයක් නැති එකක් උනත් අපි ඉස්කෝලෙ මද්‍ය ශ්‍රේනි වල ඉද්දි තොත්ත බබාලා,, පැංචා , ටින් ටින්( ටින් ටින් ඊට කලින් රූපවාහිනියෙ ගියා) සූර පප්පා සහ කවුද බෝයි ආසාවෙන් බැලුවා..

      ගොඩක් අය ලමා කාලය කියද්දි හැබැයි ඔලුවට එන්නෙ සූරපප්පා වගෙ නුදුරු අතීතයක් උනත් සූරපප්පාටත් එහා ටිකක් දුර අතීතෙ ලමා ජනමාද්‍ය ඊට වඩා රසවින්දන පරාස වලට ලමයින්ව ගෙනිච්චා..

        මට අමතක උන මඟ හැරුණ ගොඩක් වටින දේවල් ඇති ඔයාලට මතක.. ඒවා අපි බෙදාගමු..

      මේක ලියද්දි මේ මතකයේ අහුමුළු අවුස්සන එක පවා මොන තරම් මිහිරිද කියලා මට හිතුනා.. ❤️

      අපේ ලමා කාලය මේවත් එක්ක හරිම සුන්දරව ගලාගෙන ගිය නිසා අද දකින යාණ්ත්‍රික ආත්මාර්ථය  පෙරදැරිකරගෙන හැල්මෙ දුවන ලමයි දැක්කම දුක හිතෙනවා තමයි...!!

      නමුත් මම හැම තිස්සෙම හිත හදාගන්නවා 1945 ලමයා 1975 ලමයා නොවේය 1975 ලමයා 1991 ලමයා නෙමේය 1991 ලමයා 2023 ලමයා නොවේය .. ඒකට ලමයාගෙ වරදක් නැත.. අවශේශ පසුබිම සමඟ හොඳට හෝ නරකට ලමයින් අප්ඩේට් වෙමින් සිටින බව හිතලා!!

      මුතුහර ලමා සමාජයෙ මෙන්න මේ තේමා ගීතයෙන් මේ සංවාද සටහනට තිත තියන්නම්.. මේක අහපු නැති කෙනෙක් ඉන්න විදියක් නෑ..

      " විශ්වයෙ සැමටම
         යුක්තිය ඉටුවන
          ලස්සන ලොවක් තනම්!!

          ඒ ලොව සැදුමට
           ඇප කැප වී නිති
        මුළු ශක්තිය යොදවම්!!

      දෑ කුල ආගම්
      සුදු කළු ආදී භේද
      කිසිත් මෙහි නෑ!!
      ඊර්ශ්‍යා ක්‍රෝධා දී අවගුණයන්
      කිසි විටෙකත් මෙහි නෑ!!

      මෛත්‍රී  කරුණා දස දෙස පතුරා
      සාමය රජයාවී...!!

      සහෝදරත්වය මානුශිකත්වය
      ඉහළින් වැජඹේවී!!

      එක් වෙමු රොක් වෙමු
      එක පවුලක් වෙමු
      බැරිකම් දුරලලමු!!

      මානව සංහතියම සනසන්නට
      අත හිත දිරිය දෙමු!!

      හෙටින් උදාවන ලෝකය අපගෙයි
      අප එය බබළවමු!!

      ඒ වෙනුවෙන් අද දින අප වෙහෙසි
      මුල් පියවර ගනිමු!!

      දෙමාපියනි වැඩිහිටියනි අපහට
      රැකවරණය දෙන්න!!
      අපේ දුබලකම් පෙන්වා ආදරයෙන් ඔවදන් දෙන්න!!

      ලොවේ අනාගත උරුමය අපහට
      නිසි ලෙස පවරන්න!!

      අප හැදුනොත් අද
      හැකිවෙනු ඇත හෙට

      මේ ලොව රැක ගන්න!!!❤️❤️ ❤️

      Delete
  11. අයිසේ මාතලන් නන්දෙව එලවල තොපේ මහ ලොකු රනිල් හාමුව ජනාධිපති කරගන්න කම් විතරයි තොපි හැමෝගෙම ලබ්භේ අරගල... ඊට පස්සෙ අරගල අකුලාගෙන නැට්ට පුකේ ගහගෙන හිටපියව් ජේවීපී මාලිමා රටහරක් ටිකත් බොරු බයිලා රැස්වීම් දියාරු උද්ඝෝෂණ විතරයි පක්ෂයේ වහල් මීහරක් පොලිසියේ මඩ වතුර නාලා ෂේප් වෙන්න ගිහින් නිකන් මැරුම්කනවා ලොක්කෝ ෂේප් එකේ කඩ අස්සේ හැංගිලා ආතල් එකේ ඉන්නවා යටින් රනිල්ලාට රාජපක්ෂ හොර පවුලට සපෝට් එකක් දෙන්න ඩීල් දාගෙන...

    අයි එම් එෆ් ගොන් ආතල් වලින් දැනට ඇදගෙන යනව ඒත් තව මාස කීපයක් යද්දී තත්ත්වය ආයේ අවුල් වෙයි එතකොට මාලිමාවේ තොපේ හොර ඒජන්සිය දාගෙන ෂේප් වෙන්න හම්බ වෙන එකක් නෑ විශේෂයෙන් ලබන අවුරුද්දේ මැද විතර වෙනකොට තත්ත්වය භයානක වෙයි අනිවාර්යයෙන්ම

    ReplyDelete
  12. මාතලන් උඹ අයිත්ට මඩ ගහන්නම මේ පොස්ට් එක දාලා උඹම ඇනෝ කොමෙන්ට් දැම්ම නේහ්...

    ReplyDelete
  13. අජිත් ධර්මකීර්ති මහත්මයා, ඔබතුමා ට ඇයි මෙලෙස චෝදනා එල්ල වන්නේ

    ReplyDelete
  14. අජිත් ධර්ම ලිංගික බෙලහීනතාවයට බෙහෙත් ගන්නවා කියන්නේ ඇත්තද?

    ReplyDelete
  15. මේ දිනවල ආර්ථිකයේ යම් පිබිදීමක් ගැන සාකච්ඡාවක් පවතින අතර රටට ණයක් ලැබී තිබෙන බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක පවසනවා. ඒ අතර ඇතැම් භාණ්ඩවල මිල අඩුවි තිබෙන බව ඔහු කියනවා.

    “ජනතාව කල්පනා කරනවා, දැන් අපේ රටේ ආර්ථිකය යම් සුබදායක යම් සුබදායී දිසාවකට යොමු වි තිබෙනවා කියලා. ඒත්, අපේ රටේ ජනතාව මේ ආර්ථිකයේ මේ සුබදායී දිසාව දෙස බලා සිටියේ අද පමණක්ද. අද පමණද අපේ රටේ ජනතාවට අපේක්ෂාවන් තිබුණේ. අපේ රටේ ජනතාව දීර්ඝ කාලයක් ආර්ථිකයේ සුබ සිහිනයක් දකිමින් සිටියා. ආර්ථිකයේ සංවර්ධනය පිළිබඳ සිහින මවාගෙන සිටියා. විටින් විට බලයට ආ පාලක කණ්ඩායම් විසින් ජනතාවගේ ඔළුවේ විවිධාකාරයෙන් ඒ සිහින සඳහා මැවීම් කළා.

    1970 සිට 1977 දක්වා අනුගමනය කරන ලද ආර්ථික ප්‍රතිපත්ති බිඳ වැටීම හේතුකොට ගෙන අපේ රටේ හාල් පෝලිම්, මිරිස් පෝලිම් ඇතුළු තවත් පෝලිම් ගණනාවක්ම නිර්මාණය වෙලා තිබුණා. ජේ.ආර්. ජයවර්ධන 77 දී ප්‍රකාශ කළා, ඔහුට බලය දෙන්න, ශ්‍රී ලංකාව සිංගප්පූරුවක් කරනවා කියලා. විශාල ගොඩනැගිලි, විනයක් සහිත රටක්, විශාල පාරවල්, තරුණ තරුණියන්ට රැකියා, රටේ නිෂ්පාදනය ඉහළ යාම, වරාය, ගුවන් සේවය, බැංකු සේවය කාර්යක්ෂම සිදුවෙන රාජ්‍යයක් පිළිබඳව ඒ නිසා ජේ. ආර්. හරහා ජනතාව සිහින දැක්කා. ජනතාවගේ ඔළුවේ ඒ සිහිනය මැව්වා.

    හැබැයි සිහින මවපු ජේ.ආර්. දැන් මියගිහින්. 2022 වසරේ සිංගප්පූරුවේ වසරක සමස්ත ආර්ථිකයේ වටිනාකම ඩොලර් බිලියන 424යි. ලංකාවේ වසරකට නිෂ්පාදනය කරන්නේ ඩොලර් බිලියන 65යි. සිංගප්පූරුවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 79,500යි. හැබැයි ගිය වසරේ ලංකාවේ ජාතික නිෂ්පාදිතය අනුව ඒක පුද්ගල ආදායම ඩොලර් 3000ටත් වඩා ටිකක් අඩුයි.

    1994 දී චන්ද්‍රිකා කුමාරතුංග කිවුවා, මේ විවෘත ආර්ථිකය අපේ රටට මහත් විනාශයක් ළඟා කළ බව. කර්මාන්ත ශාලා, නිෂ්පාදන ආයතන, කඩා වැටෙන්න පටන් ගත් බවත් කිවුවා. දේශපාලනයේ විශාල පිරිහීමක්, අපරාධ, දූෂණ, නීතිගත වුණු, රාජ්‍යයක් ඇති වුණ බවත් කිව්වා. විවෘත ආර්ථිකය අමානුෂිකයි, මෙයට මානුෂික මුහුණුවරක් දීමට අවශ්‍ය බව ඇය ප්‍රකාශ කළා. ජනතාව සිතුවා දැන්නම් රටේ යහපත් තත්වයක් නිර්මාණය වෙයි කියලා. චන්ද්‍රිකා නිසා ආර්ථිකයේ විශාල වර්ධනයක් ඇති වේවි, තාක්ෂණය උපයෝගී කරගෙන දියුණු කර්මාන්ත ශාලා පද්ධතියක් ආරම්භ කරාවි කියලා. මානුෂික ආර්ථිකයක් ගොඩනගාවි යැයි ජනතාව විශ්වාස කළා. ඒ ගැන සුබ සිහින දැක්කා. හැබැයි චන්ද්‍රිකාගේ පාලනය නිසා එහි ප්‍රතිඵලත් අතිශය නීරස වුණා. අමානුෂික වුණා.

    නැවත 2005දී ‘රට පෙරට’ කියමින් මහින්ද රාජපක්ෂ රට ඉදිරියට ගෙනයන බව කියමින් තවත් වැඩපිළිවෙළක් ඉදිරිපත් කළා. නමුත් ඒ සිහිනය ණය කන්දකට, දූෂිත චෞර වළල්ලක පාලනයට නතුව බිඳ වැටුණා. ආයෙමත් ඒ මහින්දම 2010 දී ආසියාවේ විස්මයජනක රාජ්‍යයක් බවට ශ්‍රී ලංකාව පත්කරන බව පැවසුවා. මහින්දගේ ප්‍රචාරක බලඇණිය ජනතාවට සුබ අනාගතයක් මැව්වා. ජනතාව ආසන්න අත්දැකීම අමතක කරලා ඒ සුබ අනාගත සිහිනය ඔස්සේ ගමන් කළා. ඒක අවසන් වෙන්න, ඒ සිහිනයෙන් මිදෙන්න ජනතාවට සිද්ධ වුණේ සිහින පෙන්නපු මහින්දව ජනෙල් පඩියක එල්ලලා.

    ReplyDelete
    Replies
    1. ඊට පසුව රනිල් වික්‍රමසිංහ මෛත්‍රී එක්ක එකට එකතු වෙලා ජනතාවට ‘යහපාලනය’ සිහිනය පෙන්නුවා. යහපාලනයකින් මේ රට ගොඩනගන බවට ජනතාවට පොරොන්දු වෙමින් පැමිණියා. ජනතාව ඒ සුබ සිහිනය ඔස්සේ විශ්වාසය තබාගෙන සිටියා. ජනතාවගේ සුබ සිහිනය මැද ඉතිහාසයේ එක ආණ්ඩුවක් ලබාගත් වැඩිම ණය තොගය සහිත රට බවට රනිල් වික්‍රමසිංහ මේ රට පත්කළා.

      2007 සිට 2015 දක්වා වසර අටකට ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර විකුණා, මහින්ද රාජපක්ෂ ණය අරගෙන තිබුණේ ඩොලර් බිලියන 3.5යි. නමුත් රනිල් වික්‍රමසිංහ 2015 සිට 2019 දක්වා වසර 04ක කාලය තුළ ඩොලර් බිලියන 12යි, මිලියන 50ක් ලබාගනිමින් ලංකා ආණ්ඩුව ලබාගත් වැඩිම ණය තොගය සහිත පාලනය තම පාලනය බවට රනිල් - මෛත්‍රී හවුල ඔප්පු කළා. ජාතික සම්පත් විකිණීමට පටන් ගත්තා. ජනතාව යහපාලනයත් මිරිඟුවක් බව තේරුම් ගත්තා. ජනතාව ඒ සුබ සිහිනෙන් අවදි වුණා.

      ඊට පසුව ගෝඨාභය රාජපක්ෂ දියුණුතම මෙවලම් උපයෝගී කරගන්නා රටක් නිර්මාණය කරන බව පැවසුවා. අලුත් රටක ආර්ටිෆිෂල් ඉන්ට්‍රෙලිජන්ස්, ඔරකල් ඩේටා බේස්, පරිපාලනය, කළමනාකරණය ගැන සිහිනය ජනතාවට දුන්නා. ජනතාව ඒ සුබ සිහිනය විශ්වාස කළා. නමුත් අවසානයේ චීනයේ කුණු පොහොර ලංකාවේ කුඹුරුවලට ගහන තත්වයක් නිර්මාණය කර ජනතාවගේ සුබ සිහිනය විනාශ කළා.

      දැන් නැවත වතාවක් මේ හවුල් ආණ්ඩුව ජනතාවට සිහින පෙන්නන්න පටන් අරන්. ජනතාව අලුත් හීනයක්, සුබ සිහිනයක් දකින්න පටන් අරගෙන. පසුගිය මාර්තු මාසයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමඟ මේ ආණ්ඩුව එකඟතාවකට පැමිණියා. මේ රට ගොඩයාමේ ඒකායන මාර්ගය මේ ණය ගැනීම බවට ආණ්ඩුව විශාල මාධ්‍ය මෙහෙයුමක් දියත් කරමින් සිහින වපුරනවා.

      අමතක කරන්න එපා මේක ණයක්, මේක රැවටීමක්.

      ජේ. ආර්. ගෙන් පටන් ගත්ත මේ මාවතේ තමන්ට පෙන්වන සිහින යතාර්ථයක් බවට පත්වෙන ගමනක් නොමැති බව දැන් ජනතාව තේරුම් අරගෙන තිබෙනවා. ජනතාව මේ රට ගැන වගේම ලෝකය ගැනත් එදාට වඩා අවදියෙන් ඉන්නවා. ජනතාවට ණය සිහිනය පෙන්වන පාලකයෝ මෙම ණය ලබාගැනීමේ එකඟතාවය ජයග්‍රහණය කළේ කවුද යන්න බෙදා ගැනීමටත් තරග කරමින් ඉන්නවා. මේ එකඟතාවයේ කුසලානය හිමි බැසිල් රාජපක්ෂට බව ඒ පැත්තෙන් ප්‍රකාශ කරනවා. අනෙක් අය කියනවා රනිල් වික්‍රමසිංහගේ සුවිශේෂී හැකියාවන් නිසා මේ රට ණයකාරයෙක් කරගන්න පුළුවන් වුණා කියලා. මේ පාලකයෝ රටකට ණයක් ලබාගැනීමේ කප් එකේ හිමිකාරිත්වයට පොර බදමින් ඉන්නවා. මේ පොර බැදීම ඇතුලේ රටේ ජනතාවට බලහත්කාරයෙන් සිහිනයක් පෙන්නන්න හදනවා ණය ගැනීම පමණක්ම තමයි යා යුතු එකම මාවත බව” යි අනුර දිසානායක මන්ත්‍රීවරයා සඳහන් කරනවා.
      #anuradisanayake #AKD #අනුර #NPP #JVP #මාලිමාව #විසඳුම #A5 #a5news #a5newssrilanka #news #NewsUpdate #NewsAlert #SriLanka #hotnews #LatestNews #Alert #sinhalanews #srilankanews #Fastnews

      Delete
  16. "සොක්‍රටීස්" පුරාණ ග්‍රීසියේ , ප්‍රඥාව පිළිබඳ විශාල කීර්තියක් ලබා සිටි සම්භාව්‍ය මහා දාර්ශනිකයෙක් ...
    බටහිර දර්ශනයේ නිර්මාතෘ ඔහුබව සහ ඔහුගේ සිසුන් වු ප්ලේටෝ සහ ඔහුගේ සිසුන් වූ ඇරිස්ටෝටල් වැනි සුප්‍රසිද්ධ දාර්ශනික ප්‍රජාව ගැන හදාරන අතර මට දැනගන්න ලැබුණු කතාවක් මතක් වුණා

    සොක්‍රටීස් ඇතන්ස් ගුරුකුලයේ සිටියදී දිනක් පුද්ගලයෙක් මේ මහා දාර්ශනිකයා මුණගැහිලා කතාවට වැටුනා.

    - සොක්‍රටීස් ඔබ දන්නවාද මට ඔයාගේ යාලුවා ගැන ආරංචි වුන දේ ?

    - පොඩ්ඩක් ඉන්න , සොක්‍රටීස් උත්තර දුන්නා.
    ඔයා මට ඒක කියන්න කලින් මම ඔයාට පෙරන තුනේ පරීක්ෂාව කරන්න කැමතියි.

    - පෙරන තුන? ඒ මොකක්ද ඒ ?

    - ඔව් පෙරන තුනේ පරීක්ෂාව , සොක්‍රටීස් උත්තර දුන්නා.
    කවුරුහරි මට අනිත් අය ගැන කියන්න කලින්, ඒ අය අදහස් කරන දේ පෙරලා ගන්න මම පරෙස්සම් වෙනවා. මම ඒකට කියන්නේ පෙරන තුනේ පරීක්ෂණය කියලා.

    මුල්ම පෙරණය "සත්‍යය". ඔයා මට කියන්න යන දේ ඇත්තද කියලා බැලුවද?

    - නෑ, මට ඒක ඇහුණ එකක් විතරයි.
    - ඉතා හොඳයි! ඉතින් ඔයා ඒක ඇත්තද දන්නෙත් නෑ.

    අපි දෙවන පෙරනයට යමු, දෙවන පෙරණය "කරුණාව". ඔයාට මගේ යාලුවා ගැන මට කියන්න තියෙන්නේ හොඳ දෙයක් ද?

    - අයියෝ නැහැ නරක දෙයක් ,කේලමක් ! .

    - ඉතින්, සොක්‍රටීස් අහනව ,
    ඔයාට එයා ගැන නරක දේවල් මට කියන්නත් ඕන හැබැයි ඒවා ඇත්තද කියලා ඔයාට විශ්වාසත් නෑ.

    කමක්නෑ අපි බලමු සමහරවිට ඔයාට තවමත් තුන්වන පෙරනයෙන් මේ පරීක්ෂණය සමත් වෙන්න පුළුවන්.

    තුන්වන පෙරණය "ප්‍රයෝජනවත් බව" .ඔයා යාලුවා ගැන කියන්න යන දේ මට ප්‍රයෝජනවත් දෙයක් ද?

    - නැහැ, ඒක මම නිකන් කියන්නේ.අපිට වැදගත් නෑ

    - ඉතින්, ඒ පුද්ගලයා දිහා අනුකම්පාවෙන් බලපු සොක්‍රටීස් කිව්වා , ඔයා මට කියන්න යන්නේ ඇත්තද දන්නෙත් නැති , අසුභවාදී ප්‍රයෝජනයක් නැති දෙයක්. ඇයි එහෙනම් මට මේක කියන්න හිතුවේ?

    "ඕපාදූප යනු නරක දෙයකි. ආරම්භයේදී එය විනෝදජනක වේ. විනෝදජනක ලෙස පෙනුනද, අවසානයේ එය අපගේ හදවත් දරුනු අඳුරකින් පුරවා අපව ද විනාශ කරයි!" - ලංකාවේ බොහෝ දේශපාලනය කරන කණ්ඩායම් වගේම සාමාන්‍ය මිනිස්සු පවා කරන්නේ මේකයි ඔහේ විවේචනය කරමින් අසත්‍ය ප්‍රචාර අසත්‍ය තොරතුරු පල කරමින් සමාජ ජාල වල වෛරය යන වෛරස් එක පැතිරීම පමණයි නේද? වෛරය ක්‍රෝධය ඊර්ෂ්‍යාව වැනි ඍණාත්මක අදහස් වලින් පිරුණු මිනිස්සු හෝ රටක් දියුණු කරන්න පුළුවන් වෙයි ද?

    ReplyDelete
    Replies
    1. හුග කාලෙකින් ඇවිත් කොමෙන්ටුවක් කියෙව්ව

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න