.

.

Apr 4, 2023

බන්ඩි ගොයම




 බන්ඩි ගොයම

➖➖➖➖🔴


නොමිළෙම බන්ඩි පොහොරත් ලැබෙනවා....ඇතී

කෙමිකල් කාබනික ලෙස ඇති වෙනසකුත්...නැතී

අත් ගුණ නැතොත් කෙත් වතු සරු නොවන.....ගතී

පෙර කළ සිටම ලීව්වයි පඬි වරුන්................රතී


©® කාව්ව සිරෝමනී මාතලන් 


#කුප්පකවි 

.



17 comments:

  1. කලින් පොස්ට් එකේ කොමෙන්ට් දාලා ඉල්ලං කාපු නිසා අජිත් ධර්මා ආයේ නං එන එකක් නෑ මේ පැත්තේ.

    මිනිහා සාගල ට කෝල් කර කර පින්සෙන්ඩු වෙනවලු ඇනෝ කොමෙන්ට් දෙක දාපු අයිපී අංක හොයල දෙන්න කියලා

    ReplyDelete
    Replies
    1. # AnonymousApril 5, 2023 at 1:10 AM

      අජිත් ධර්මකීර්ති හැදුවේ දීප්තිට මඩ ගහන්න. දීප්ති කඩවසම් නිසා දීප්තිට ඇලුම් කරනවා අජිත් ධර්ම ගේ බිරිඳ

      අජිත් ධර්මා දැන් ලිංගික බෙලහීන තත්වයකට බෙහෙත් ගන්නා කතාවකුත් කොහේදෝ ලියල තිබ්බා.
      මිනිහා දැන් පිස්සු වැටිලා ඉන්නේ.

      ජනාධිපති වික්‍රමසිංහ ගේ බලය පාවිච්චි කරන්නේ අජිත් ධර්මා.

      සාගල ගේ සේක්යුරිටි එකටත් ධර්මා වාතයක් වේලා

      Delete
    2. Ajith D Keerthi baya vela thiyena tharama kivvoth comments dannath baha minihage blog eke.

      Delete
    3. අජිත් කොටා කොහෙද උබ හැන්ගුනේ? වරෙන් ගහගන්න

      Delete
  2. ඇනෝලා අජිත් ඩී කීර්ති කියන භයානක මිනිහා ගැන නොදැන ඔය මිනීමරුවා කුලප්පු කරන්නේ.
    ඔය වැඩේ නවත්තලා දැම්මොත් හොදයි.

    ඩොක්ටර් කුමාර කළුආරච්චිට උන දේ මතක ඇතිනේ

    ReplyDelete
    Replies
    1. කුමාර කළු ආරච්චි යි රුවන් ජයතුන්ගයි අතරේ තමා ප්‍රශ්නේ තිබිල තියෙන්නේ බලාගෙන ගියහම

      Delete
    2. නෙළුම් යාය පදනම අයවැය ගැන ප්‍රශ්න කරපු doctor කලුආරච්චිගේ රස්සාවත් නැති කරා නේද

      Delete
    3. ඔය ප්‍රශ්නේ අහල එපා වෙන්නේ නැත්ද? මාතලන් ඇහුවා , ප්‍රා ජේ ඇහුව. ඇත්තම කියනවනම් in hindsight ඩොක්ටර් කළුආරච්චි කරපු දේ හොඳයි. මම දැන් හොඳින් ඉන්නව. ළමයින්ගේ ජිසිඊ වලට උදව් කරන්න පුළුවන් වුන. කාලය ශ්‍රමය ධනය ඉතුරු වුනා. බැනුම් අහන එක නතර වුනා නොකළ දේවල් වලට. ඒ දවස්වල ඔය බ්ලොග් සම්මාන ගත්ත අයවත් මගේ පැත්තට කතා කරන්න ආවේ නැහැනේ ඉයන් ඇරෙන්න. ඉයන් විතරක් අඩුම ගානේ සහයෝගය හරි දුන්න. මාතලන් පවා දර්ශනි කියල යාලුවෙකුට කියල තියෙනවා දැක්ක මම කිච වෙලා ගියා වගේ කතාවක්. මම අවුරුදු තුනක් කළා. ඒ ගැන තෘප්තිමත්. ආයේ කරන්නේ නැහැ. මොකද ඒ පාඩම හොඳටම ඇති. ලනක්වේ දෙයක් කරන්න පුළුවන් යන්න පුළුවන් සීමාවල් තියෙනවා. එනිවේ ඩොක්ටර් කළුආරච්චි ගැන කණගාටුයි. රස්සාව නැතිවුනේ මොකද කියන්න මම දන්නේ නැහැ.ආරංචිය නම් කවුද පේෂන්ට් කෙනෙකුට බලහත්කාරකමක් කරා කියල ඒවත් මේ ඔයාල දාන ඒවා වගේ මඩ වෙන්න ඇති. හබි මම නම් දන්නා තරමින් කාගෙවත් රස්සා නැති කරලා නැහැ. එහෙම බලයකුත් නැහැ.

      Delete
  3. අජිත් ධර්මකීර්ති කියන්නේ ආවොත් සෙන්ට් ගියොත් ඔිඩිකොලොන් ජාතියේ පොරක්. යකෙකුටවත් බය නෑ. මෑන් ගාව මරනෙත් පදිරිවෙලා තියෙනව. ගහනව කිව්වොත් ගැහුවා. මරනව කිව්වොත් මැරුව. මීට පෙරත් ඒවගේ ගේම් ගහපු සුපිරි චරිතයක්. අනික් අටදෙනාම ගියත් නොමැරුනොත් මෙයා තනියම හරි ගේම් එක ප්ලේ කරනව. මීට පෙරත් 88/89 භීෂණ සමයේ රුසියාවේ ඉදං ඇන්ටනොව් ගුවන් නැවේ ලංකාවට ඇවිත් ඒ ගමන්ම තුන්දෙනෙක් එක්ක මාතර ගිහින් කැරලිකරුවන් පිරිසක් පස්සෙන් පන්නල බාවපු සුපිරි චරිතයක්.

    එකපාරක් තිහගොඩ අපේ කට්ටියක් ජේවීපී ත්‍රස්තයන්ට කොටුවෙලා පන පිටින් අල්ලගන්න කිට්ටුම වෙනකොට තුන්දෙනෙක් එක්ක ගේමට බැහැල ජේවීපී ටෙරාව නන්නත්තාර කරල පොකුරු පිටින් එලොව යවල ටැට්ටරේකුත් අල්ලල අපේ කොටුවුන ටීම් එකත් සීරීමක්වත් නැතුව බෙිරගත්තු ජාත්‍යන්තර පොරක්.

    එයාට යුධ පුහුණුව ලබා දීමට රුසියාවෙ කෙජිබි බුද්ධි අංශයට යැව්වේ ඒ කාලේ රනිල් වික්‍රමසිංහ ඇමතිතුමාගේ උවමනාවට.

    ඊට පස්සේ ඊශ්‍රායල මොසාඩ් බුද්ධි අංශය, ඉන්දියාවේ රෝ ඔත්තු සේවය, බ්‍රිතානයේ බුද්ධි අංශ මගින් පුහුණුව ලබා දුන්නා.

    අජිත් ධර්මකීර්ති මහතා කොතරම් දක්ෂයෙක් දැයි කිවහොත් කොටි සංවිදානයේ ටොසි බුද්ධි අංශයෙනුත් පුහුණුව ලබා ගැනීමට ඔහු සමත් උන.
    බුද්ධි අංශ නායක කර්නල් සුසෙයිගේ අභ්‍යන්තර කවයේත් හිටියා. ඒ ආණ්ඩුවේ උවමනාවට.

    ReplyDelete
    Replies
    1. ඔය දරුවට පොතක් ලියන්න පුළුවන්. හොඳ හැකියාවක් තියනවා. imaginations මරු 😀 😃 😄 😁

      Delete
    2. අජිත් ඔබ ලියද්දී පරිස්සමින් ලියන්න, මොකද ඔබ දන්නවා ඇති ඉතාමත් මෑතකදී උක්රයීන සම්භවයක් ඇති රණකාමීව මිලිටේරි බ්ලොග් ලියපු ව්ලාද් බිලිගත් හැටි ඒ වගේම අපට ආරංචි උන හැටියට සුද්දාගේ රටේ පහ හය සේවා වලින් දැන් අපේ හෙළ බස දන්න දෙතුන් දෙනෙක් හරහා එහේ ඉන්න අපේ ඈයෝ ලියන ලියැවිලි හොයලා බලලා ඒවාට අවශ්‍ය බෙහෙත් දෙන්න හදන්නේ කියලා, නිකම් කළු කුඩු බස්නේ ඕනේ නෑනේ අජිත් ඒ නිසා බොහොම පරිස්සමින් භාෂණයේ නිදහස දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රටවල් කියලා එකක් ඇත්තේ නෑනේ ඒවා නිකන් ගෝලීය පොලිටික්ස් වලදී සෙලවෙන මනස් විතරයිනේ, බොරු බයිලා තමයි ලංකාවේ වගේ හිඟන ලොඳ රටවලට විතරයි ඔය නීති සේරම ලංකාවේ පොලිසි නීතිය ක්‍රියාත්මක කරනවා වගේ තමයි ඒ නිසා ඔයරටවල උනත් පරිස්සමින් හොඳද? මේවා කියන්නේ හිතවත් කමට තර්ජනයක් නම් නෙවෙයි ඉතින් හරිද පුළුවන් නම් දිගටම ලියන්න වෙන නමකින් හෝ ලංකාවේ එකෙක් විදියට මාට්ටු නොවී... සුබ දවසක් වේවා කිව්වා අජිත්

      Delete
    3. එහෙම දෙන්නෙක් ඉන්න බව දන්නවා ඇනෝ . ස්තූතියි

      Delete
  4. අජිත් ධර්මකීර්ති මහත්තයා එක්ක හැප්පෙන්න කලින් අපි දැනගන්න එපැයි අපේ තත්වය. අපි පොන්නයො. අපිට මොකුත් කරන්න ශක්තිය නැහැ. ඒ හින්දා අපේ පසු බසිනවා අජිත් ධර්මකීර්ති ඔබතුමාට ජය වේවා. අපිව මරන්න එපා

    ReplyDelete
  5. මාතලන් සහ ධර්මා, ඔය පින්තුරේ ඉන්නේ චූලාක්ෂී, ඔය කුඹුරු දැක්කම මට මතක් උනේ ලංකාවේ හිටපු අති සාර්ථක උපහාස ගී ගායකයෙක් වුණ, අපි පුංචිම කාලෙ හිටපු දැන් අප අතර නැති ෆ්‍රෙඩී සිල්වා සීයාව, ඔහූව අද පරම්පරාවට එච්චරම සෙට් වෙන්නේ නැතත් පරණ පරම්පරාව ඔහුගේ ගීත වගේම රංගනයෙන් සතුටට පත් වුනා නමුත් මම ලංකාවේ පැරණි සිනමා නිර්මාණ නැවත බලලා සහ සිනමාව ගැන අධ්‍යයනය කරලා අනාවරණය කර ගත්තේ නම් ෆ්‍රෙඩී සිල්වාගේ බහුතරයක් චිත්‍රපට වල ඔය මාතලන් ලියපු කවිය වගේ කිසිම හරයක් නැති මහා ඝෝෂාකාරී සහ ඒකාකාරී රඟපෑමක් තිබුනේ.

    මම අධ්‍යන කරපු නිසා දැනගත්තේ 1960 දශකයේ තරුණයෙකු ලෙස සිනමාවට ආපු ෆ්‍රෙඩී, තමුන්ට වයස 60 ආසන්න කාලයක් වනතුරුත් විකටයා සහ අවුරුදු 20 නව යොවුන් පෙම්වතාගේ නාකි විකට සපෝටර්ට රඟපෑවා වසර 2000 ඉක්මවන තුරු. 1980 දශකයෙ මුල් කාලයෙන් පසුව ඔහුගේ රඟපෑම අතිශයින්ම අසාර්ථකයි. අපි පොඩි කාලේ බලපු ඔහුගේ අවසන් නිර්මාණ වලදී අධික බීමත් කම නිසා අවසාන කාලයේ රඟපෑ චිත්‍රපට වල ඔහුගේ මුහුණ විරූපී වෙලා, හරියට කට හඬ පිට වුනේ වත් නැහැ. ඔහුට ඇවිද ගන්නවත් බැරිව එක තැන හිට ගෙන රඟපෑවේ.

    මට හිතෙන විදියට ෆ්‍රෙඩී ජනප්‍රිය වීමට හේතුව තමයි 1970 දශකයේ මැද භාගය වන විට එවකට අති දක්ෂ විකට නළුවන් වු බී.එස්.පෙරේරා, ඇන්තනී සී පෙරේරා, දොන් සිරිසේන මැදි වියේ සිටි නිසා අවුරුදු 30-35 වයසේ හිටපු ෆ්‍රෙඩීට තරඟයක් දෙන්න අළුත් විකට නළුවන් සිනමාවට ආපු නැති එක.

    මගේ පර්යේෂණ වලට අනුව 1947 සිට 1972 දක්වා සිලෝන් තියටර්ස්, සිනමාස් වැනි සිනමා සමාගම් තිබුන කාලයේ ඔවුන් වාර්ෂිකව අළුත් නළු නිළියන් සිනමාවට හඳුන්වා දුන්නා. නමුත් චිත්‍රපට සංස්ථාව ඇති වුනාට පස්සේ නළු නිළියන් තමන්ගේ ඒකාධිකාරයක් ගොඩ නගා ගෙන නවක නළු නිළියන්ට සිනමාවට ඒම මග ඇහිරුවා. මේ නිසා තමයි 1970 දශකයේ මුල හිටපු නළු නිළියන් 1990 මැද භාගය වුන තුරු අනෝජා, මාලිනී, වයස 55 වෙලත් ලමා සාරි ඇඳගෙන පාසල් යන, ගස් වටේ සිංදු කියන, රවින්ද්‍ර කොට කලිසම් ඇඳගෙන පාසල් යන දර්ශන රඟපෑවේ. කොටින්ම විජය පවා ඔහුගේ අවසන් කාලයේ සබීතා සමග කරපු පෙම් ජවනිකා වල මුහුනේ මෝරපු බව හොඳින් පෙනුනා. ඕන්නම් බලන්න තුෂාර චිත්‍රපටයේ තිබුන සැහැල්ලු බව වෙනුවට නොම්මර 17 වැනි චිත්‍රපට ඔහුගේ මුහුණේ සහ ඇඟේ ඉදිමුණු බවක් තිබෙන්නේ. ඔහු ගීත වලට නටන්නේ නැතුව අපහසුවෙන් ඇවිදින එක කෙරුවේ.

    හැබැයි ගාමිණී පමණක් තමන්ගේ තරුණ වයස ඉක්මවන ගමන්, ඉතා දක්ෂ ලෙස තරුණ පෙම්වතාගේ චරිතයෙන් මිදිලා ප්‍රධාන චරිත රඟපෑවා. සාගරයක් මැද, සත්‍යග්‍රහණය වගේම වාණිජමය සිනමාවේ චණ්ඩි ශ්‍යාමා, චංචල රේඛා, උතුමාණෙනි චිත්‍රපට වල ශ්‍යාමා, නදීකාගේ සහ ෆරිනා ලායිගේ අයියා. මයුරිගේ කතාව සහ මිස් මල්ලිකා චිත්‍රපට වල වීණාගේ අත පතන මැදි වියේ පුද්ගලයා මතකයි නේද?

    ඒ වගේම තමයි අලුතින් නළු නිළියන්ට සිනමාවට එන්න ඉඩ නොදීපු නිසා ඊට පස්සේ කාලයේ දී ආපු අතලොස්ස පවා, හිටපු නළු නිළියන්ගේ ඥාතින් පමණයි. එහෙම නැත්නම් වැඩිහිටි නිලියකුගේ අනියම් පෙම්වතා වුනොත් පමණයි. ඒ වගේම තමයි ෆ්‍රෙඩී තමුන්ගේ අනියම් පෙම්වතියට අවස්ථාව දෙන්න සමන්ති ලැනරෝල්ව චිත්‍රපට වලින් ඉවත් කල බව ඇය ප්‍රසිද්ධියේ චෝදනා කලා. 1970 වනතුරු සිනමාවට ආවේ එයට ආදරය කරපු අය. නමුත් ඊට පස්සේ සිනමාවට සම්බන්ධ වුණේ රැකියාවක් නැති කමට, සහ තවත් පහුවෙද්දී ඉක්මනින් ප්‍රසිද්ධ වෙලා පාර්ලිමේන්තුවට යන්න ඕනේ අය. ෆ්‍රෙඩි සිල්වා මුල සිටම හොඳ විකට නළුවෙක් නෙවෙයි. හැබැයි හොඳ උපහාස ගීත ගායකයෙක්. එහෙම නේද?

    ReplyDelete
  6. ලංකාවේ politics කරන එවුන්ට ලංකාවේ එවුන්ව අන්දන එක nothing. ඕකුන් අනිවා පොඩි මයිනා කියන පර බල්ලවත් (නාමලුත්) ඔය රටේ ජනාධිපති කරන එක කරනවා දැන් බුකියේ බැන බැන හිටියට, ඔන්න බලපන් බොරුනම්, ඕකුන් ඔක්කොම එකම කල්ලියක් මාලිමාවේ නායක ලප රිලවා රනිල් හාමුට බදු වැඩි කර ගන්න ලයිට් බිල වැඩි කරන්න අවශ්‍ය වාතාවරණයක් හදන්න බොරුවට පහුගිය කාලෙ ප්‍රාදේශීය සභා ඡන්දේ ප්‍රමෝට් කරලා බොරු නාඩගමක් නැටුවා, ආයේ තව ටික දවසකින් තව නැටුමක් නටයි ඒ අස්සේ වසන්ත මුදලිගේ ගොන් වැද්දා හිරේ ඇතුලට ගිහින් ආයේ එලියට එනවා සැරින් සැරේ මෝඩ මීහරක් ටිකක් ෆෝම් කරනවා පාරේ ගිහින් විලාප තියලා නාලා එන උන් සෙට් එකක්... ඒ අස්සේ සජිත් ජලනි බලවේගයේ නායක පුතාණෝ මලහොල්මන රනිලා එක්ක ඩීල් එකක් දාලා ෂේප් එකේ අගමැති වෙලා ලෝ රිස්ක් ගේමක් දෙන්න හදනවා රනිලාගේ පැත්තට වගකීම බාර දීලා, පොහොට්ටු හොර රැලේ උනුත් එක එක ජල්තර දානවා ඊළඟ ඡන්දේ සීට් එක බේරා ගැනීමට බූරුවංස ගම්මන්පිල වාසිදේව කල්ලිය සිරිසේන ගමරාලගේ එල්ලිලා ඉන්න ගමන් තවත් ගේමක් දෙන්න ට්‍රයි එකක් දෙනවා චීන සමූහාණ්ඩුවේ ආධාර උපකාර මත... රටේ පාලනය බාර ගන්න පොනීල් තරම් වත් හැකියාවක් ඇති එකෙක් වත් නෑ, පාටලී හරි පොඩි මයිනර් (නාමෝල් හොරා) හරි තමයි ඊළඟට ගේම ගහන්න තරමක් හරි ගට්ස් තියෙන බව පේන්නේ අනිත් උන්ගේ බොරු කයීයයි පඩි ගඳයි පොයියයි ගජබින්නයි විතරයි මෙලෝ හසරක් ඇති බවක් පෙනෙන්නට නැත රටින් පිට පලයව් පුළුවන් නම් එච්චරයි කියන්න තියෙන්නේ

    ReplyDelete
  7. ශූන්‍ය යන සංකල්පය කවුරුන් විසින් සොයා ගත්තේ ද යන වග සම්බන්ධයෙන් ආචාර්ය Nalin de Silva මේ දිනවල විවිධ ලිපි පළ කරනු දුටුවා. එම ලිපිවල අවධානය යොමු වී ඇත්තේ ශූන්‍ය පිළිබඳ ඓතිහාසික වර්ධනය පිළිබඳ කතා කිරීමයි. එහෙත් ශූන්‍ය යන්න ශූන්‍ය වන්නේ ඇයි ද යන්න කීමට ඔහුට හැකි වී නැත. අප ශූන්‍යතා සංකල්පය පිළිබඳ කතා කිරීමේ දී වැදගත් වන්නේ ශූන්‍යතාව පිළිබඳ කතා කිරීම (about Sunyata) නොව, ශූන්‍යතාව ම කතා (of Sunyata) කිරීම බව මගේ අදහසයි. අප මේ පිළිබඳ 2016 වසරේ සිට මෙම වෝලයේ ම ලිපි පළ කර තිබෙන අතර අවශ්‍ය නම් ඒවා මගේ වෝලයෙන් ලබා ගත හැකියි.

    ශූන්‍යතාවේ ස්වභාවය පිළිබඳ බුදුන් වහන්සේ තරම් අන් කිසිවෙකු පැහැදිලි කර නැහැ., මුළු පටිච්චසමුත්පාදය ම මේ පිළිබඳ අපූරු පැහැදිලි කිරීමක්. එහි අර්ථය "සාරයක් නොමැතිව වීමයි" (becoming without substance). එනම් ස්ථිර ආත්මයක් හෝ දෙවියෙකු හෝ පරමයක් (thing-in-itself) නොමැතිව, හුදු ශූන්‍යතාව නිසාම දේවල් පැවතීමයි. ශූන්‍ය නැතිනම් දේවල්වලට (things) පවතින්න බැහැ. ඉන්න මම පැහැදිලි කරන්නම්.

    යමක් ශූන්‍ය වන්නේ කෙසේ ද? ලෝකය පවතින්නේ අන්ත දෙකක් ඇසුරු කරගෙනයි. කච්චානගොත්ත සූත්‍රයේ දී බුදුන් වහන්සේ එය පැහැදිලි ව දක්වා ඇත. එම අන්ත දෙක නම් ඇත හා නැත යන අන්ත දෙකයි. අවශ්‍ය නම් කෙනෙකුට මෙම තර්කය ඕනෑම යුගල ප්‍රතිපක්ෂයට (binary opposition) ආරෝපණය කළ හැක.

    ඉහත අන්ත දෙක නිරන්තර ව ගැටේ. එසේ ගැටෙන්නේ දෙකම එකම ආකාරයක, එහෙත් එකිනෙකට විරුද්ධ බල දෙකක් නිසාය. එම අන්ත දෙක ගැටෙන අතර ම, ඒ තනි තනි අන්ත තුළ ද එවැනි අන්ත නැවත නැවත නැවතත් ගැටේ. ඒ අනුව නොගැටෙන තැනක් නැත. සියල්ල ගැටේ.

    ගැටීමේ අරමුණ කුමක්ද ? ඒ අනෙකක් නොව පැවැත්මයි, එනම් නිර්මාණයයි. අප හා ලෝකය අලුතින් නිර්මාණය වන්නේ ඉහත ගැටීම නිසා ය. ගැටීම යනු ස්වයං ක්‍රියාවලියකි. එය ස්වයං පැවැත්මකින් ( self-sustainable) යුතුය. එනම් කිසිවෙකු විසින් එය මෙ⁣හෙයවිය යුතු නැත.

    ගැටෙන්නේ ඇයි? ගැටෙන්නේ අන්තවලින් එකකටවත් ස්වයං පැවැත්මක් නැති හෙයිනි. එනම් පරම පැවැත්මක් නැති හෙයිනි. යමකට පරම, නොසෙල්වෙන, සංස්කරණය නොවන පැවැත්මක් තිබේ නම් එය අනෙකක් හා ගැටිය නොහැකිය. මන්ද ගැටීම හරහා සංස්කරණය වන හෙයිනි. පරම දේවල් සංස්කරණය හෝ වෙනස් වන්නේ නැත. එසේ විය නොහැක. ඒ අනුව, ගැටීමේ පදනම ම පරායත්ත බවයි. එනම් එකක් අනෙක මත පැවතීමයි. පටිච්චසමුත්පාදය මගින් කියන්නේ එයයි. එකක් අනෙක මත යැපීමයි. "ඉමස්මිං සති ඉදං හෝති. ඉමස්මිං අසති ඉදං න හෝති" කීවේ එනයි.

    දැන් යමක් ශූන්‍ය වන්නේ කෙසේද ? දැනටමත් මා එය කියා ඇත. එනම්, යමකට ස්වයං පැවැත්මක් නැතිනම්, එනම් යමක් පැවතීම සඳහා අන් යමක් අවශ්‍ය නම්, ඒ එකකටවත් ස්වයං පැවැත්මක් නැත. දෙකම පවතින්නේ දෙකම නිසාය. එහි අර්ථය නම්, අප කතා කරන ඉහත "යම" සාරයක් නොමැති, නිති වෙනස්වන "යම" ක් බවයි. එම "යම" කොතරම් දුරට, කොතරම් ඇතුළට බෙදාගෙන ගිය ද සාරය (substance) හමු නොවේ. එනම් බෙදිය නොහැකි "යම" ක් හමු නොවේ. කොටින් ම එය ශූන්‍ය වේ.

    අවසන් වශයෙන් කිව යුත්තේ ශූන්‍ය යනු අද අප ඊට ලබා දී ඇති නිෂේධනාත්මක අර්ථය නොව, එය සියලු පැවැත්මේ මව හෙවත් අම්මා බවයි. එය ධනාත්මකබවේ උපරිමයයි. සියලු දෙය වන්නේ ශූන්‍ය නිසා ය. යම් පරමයක් තිබේ නම් එය මරණය සමය. මන්ද ඊට අලුතින් නිර්මාණය විය නොහැකි හෙයිනි.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න