“ඔහු ලෝක සිටින හොඳම ක්‍රීඩකයින්ගෙන් කෙනෙක්”

ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය 2023

400
ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය 2023

ලොව ප්‍රධානතම ලීග් තරගාවලිය වන ඉන්දීය ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස තරගාවලිය ආරම්භ වීමට පෙර Delhi Capitals කණ්ඩායමට තරමක පාඩුවක් ගෙන දුන්නේ රිය අනතුරකට මුහුණ දීම නිසා Rishabh Pant තරගාවලියෙන් ඉවත් වීම නිසයි.

කණ්ඩායමේ නායකයා මෙන්ම කණ්ඩායමේ කඩුලු රකින්නා ද වන ඔහු කණ්ඩායමට ඉතා වැදගත් ක්‍රීඩකයෙක් වන අතර ඔහුගේ ස්ථානයට ආදේශ කළ හැකි ඉන්දීය ක්‍රීඩකයෙක් තවමත් කණ්ඩායම සොයාගෙන නැහැ.

නමුත් තරගාවලියට අලුතින් හඳුන්වා දී ඇති ක්‍රීඩක ආදේශක නීතිය මගින් එයට යම් විසඳුමක් ලබා ගැනීමට කණ්ඩායමට හැකි වෙනවා.

“අපි ඉන්දීය කඩුලු රකින්නෙකු යොදා ගෙන උපරිම ප්‍රයෝජන ගන්න බලාපොරොත්තු වෙනවා. නමුත් ආදේශක ක්‍රීඩකයෙකු කණ්ඩායමට කැඳවීමේ නීතිය නිසා අපි ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ගැන අවධානයෙන් ඉන්නේ.

මේ නීතිය නිසා අපිට තුන් ඉරියව් ක්‍රීඩකයින් වැඩි වශයෙන් අවශ්‍ය වෙන්නේ නැහැ. පිතිකරණයට හෝ පන්දු යැවීමට ශක්තිමත් කණ්ඩායමක් නිර්මාණය කරලා ක්‍රීඩකයින් මාරු කරන්න විතරයි තියෙන්නේ,” යැයි Delhi Capitals පුහුණුකරු Ricky Ponting ප්‍රකාශ කළා.

Pant තරගාවලියට සහභාගී නොවීම නිසා කණ්ඩායමේ වැඩි වගකීම් Prithvi Shawට හිමි වන බව වාර්තා වෙන අතර කණ්ඩායමේ නායකත්වය ද ඔහුට හිමි වන බව වාර්තා වෙනවා.

Shaw මීට පෙර කිසිදා දැකපු නැති තරම් පුහුණුවීම් කරන්න අරන් තියෙන්නේ. ඔහු දැන් පෙරට වඩා ශාරීරික යෝග්‍යතාවකින් සිටිනවා වගේම මම ඔහු එක්ක සාකච්ඡා කළා පුහුණුවීම් සිදු වන ආකාරය ගැන.

මේක ඔහුගේ විශාලතම ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය වන අතර ඔහු වෙනදාට වඩා උනන්දුවෙන් ඉන්නවා. අපිට ඉතා ඉක්මනින් ඔහුගේ හරි දස්කම් බලාගන්න පුළුවන් වෙයි.

මම හැමතිස්සෙම ක්‍රීඩකයින්ට කියන දෙයක් තමයි, මම කම්මැළිකමට සහ තමන්ගේ දක්ෂතා වලින් ප්‍රයෝජන ගන්නේ නැති ක්‍රීඩකයින්ට කැමති නැහැ කියන එක. ඒක මීට කලින් Shawට ද අදාළ වූවත් දැන් එය ගොඩක් දුරට වෙනස් වෙලා තියෙන්නේ.

ඒ වගේම මම හැමතිස්සෙම තරුණයින්ට කියන දෙයක් තමයි ඔයාලා තරගයට සම්පූර්ණ අවධානය දුන්නේ නැත්නම් ඒක ඔයාලගෙන් දුරස් වෙනවා. ඒ නිසා තරගයක් ලබා ගන්න නම් අපි උපරිමය ලබා දෙන්න ඕන කියන එක,” යැයි Ponting ප්‍රකාශ කළා.

එමෙන්ම සිය කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ කමිස සහ හිස්වැස්ම අතර Rishabh Pantගේ ඒවා ද තැබීමට තමන් කැමති බව ද Ponting ප්‍රකාශ කළා.

Rishabh Pant කියන්නේ කණ්ඩායමේ හදවත සහ ආත්මය වගේ කෙනෙක්, ඒ නිසා මම කැමතියි ඔහු ක්‍රීඩාගාරයේ ඉන්නවා නම්. ඒ නිසා මම විශ්වාස කරනවා ඔහුගේ කමිසය සහ හිස්වැස්ම අනිත් ක්‍රීඩකයින්ගේ ඒවා එක්ක තියන්න පුළුවන් කියලා.

ඔහුගේ අහිමි වීම විශාල පාඩුවක් වගේම ඔහුගේ ස්ථානයට කවුරු ආවත් ඔහුගේ පාඩුව යවන්න ලේසි වෙන්නේ නැහැ. මම විහිළු කරනවා නෙවෙයි ඔහු මේ ආකෘති තුනේම ලෝක දක්ෂතම ක්‍රීඩකයින්ගෙන් කෙනෙක්.”

Times of India ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<