රන් මහා සටනේ වැඩි ගෞරවය මහානාමයට

17 වැනි රන් මහා සටන 2023

506
17 වැනි රන් මහා සටන 2023

කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය සහ මහානාම විද්‍යාලය අතර 17 වැනි වරටත් පැවති මහා දෙදින ක්‍රිකට් තරගය අද (25) අවසන් වුනේ ජය පරාජයෙන් තොරවයි.

කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ පළමු ඉනිම ජය ගනිමින් තරගයේ වැඩි ගෞරවය දිනා ගැනීමට මහානාම ක්‍රීඩකයින් සමත් වුනා.

පළමු දිනය වූ ඊයේ (24) දිනය සඳහා තරගය අවසන් කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි මහානාම ක්‍රීඩකයින් කඩුලු 8ක් දැවී ලකුණු 255ක් ලබා සිටින විට ඉනිම අත්හිටවීමට තීරණය කළා.

මහානාම විද්‍යාලය වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කළ කවිඳු අමමෙත් පන්දු 113කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහර 5ක් සමඟ ලකුණු 112ක් ලබා ගැනීමට සමත් වුනා.

ඔහුට අගනා සහයක් ලබා දුන් අංජල බණ්ඩාර පන්දු 96ක් ක්‍රීඩා කරමින් හයේ පහර 7ක් සහ එක් හයේ පහරක් සමඟ ලකුණු 82ක් ලබා සිටින විට අවාසනාවන්ත වෙත දුවද්දී දැවී යාමකට ලක් වුනා.

ඩී. එස්. සේනානායක විද්‍යාලය වෙනුවෙන් වැඩිම කඩුලු ලාභියා වූ අදීශ බණ්ඩාරනායක ලකුණු 70කට කඩුලු 4ක් දවා ගැනීමට සමත් වූ අතර සෙනුර සිල්වා ලකුණු 60ක් ලබා දෙමින් කඩුලු දෙකක් දවා ගත්තා.

සිය දෙවැනි ඉනිම සඳහා ඩී. එස්. සේනානායක ක්‍රීඩකයින් පන්දුවාර 73.2ක් අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 242ක් ලබා සිටින විට සිය ඉනිම අත්හිටවීමට තීරණය කළා.

දෙවැනි ඉනිම පුරාවට අගනා ඉනිමක් ක්‍රීඩා කළ හිමන්ත කේෂාන් පන්දු 201ක් තුළ ලකුණු 114ක් ලබා ගත් අතර ඔහුගේ ඉනිමට හතරේ පහර 13ක් සහ හයේ පහර 5ක් ඇතුළත්.

වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ ඩී. එස්. සේනානායක නායක මනුර පීරිස් පන්දු 40ක් තුළ ලකුණු 50ක් රැස් කළ අතර සෙනුර සිල්වා ලකුණු 31යි.

පන්දු යැවීමේ දී මහානාම විද්‍යාලය වෙනුවෙන් වෙනුක් හෙට්ටිආරච්චි කඩුලු දෙකක් දවා ගැනීමට සමත් වූ අතර දුල්නිත් සිගේරා, විරංග යේෂාන් සහ අංජල බණ්ඩාර අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ මහානාම ක්‍රීඩකයින් දිනය අවසන් වන විට පන්දුවාර එකොළහක් තුළ කඩුලු දෙකක් දැවී ලකුණු 76යි.

  • ඩී. එස්. සේනානායක පළමු ඉනිම – 203 (61.1) ගවිරු සෙන්හස් 27, මනුල පීරිස් 98, අදීශ බණඩාරනායක නොදැවී 24, දුල්නිත් සිගේරා 2/50, ඉනුක කන්නංගර 5/62, රශ්මික පෙරේරා 2/38
  • මහානාම පළමු ඉනිම – 255/8 (44) කවිඳු අමමෙත් 111, , අංජල බණ්ඩාර නොදැවී 82, අදීශ බණ්ඩාරනායක 4/70
  • ඩී. එස්. සේනානායක දෙවැනි ඉනිම – 242/5 (73.2): හිමන්ත කේෂාන් 114, මනුර පීරිස් 50*, වෙනුක් හෙට්ටිආරච්චි 2/36.
  • මහානාම දෙවැනි ඉනිම – 76/2 (11): බනුල අලගවත්ත 25, කවිඳු අමමෙත් 23.

තරගයේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ සම්මාන බෙදී ගියේ පහත ආකාරයටයි.

  • තරගයේ වීරයා – කවිඳු අමමෙත් (මහානාම විද්‍යාලය)
  • හොඳම පිතිකරු – මනුර පීරිස් (ඩී. එස්. සේනානායක විද්‍යාලය)
  • හොඳම පන්දු යවන්නා – ඉනුක කරණ්නාගොඩ (මහානාම විද්‍යාලය)
  • හොඳම පන්දු රකින්නා – අදීශ බණ්ඩාරනායක (ඩී. එස්. සේනානායක විද්‍යාලය)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<