ප්‍රංශ නායකත්වය ම්බාපේට

272
Mbappe
Courtesy – Goal.com

Hugo Llorisට (හියුගෝ ලොරිස්) පසුව හිස් වූ ප්‍රංශ පාපන්දු නායකත්ව අසුනට Kyllian Mbappe (කිලියන් ම්බාපේ) නම් කොට තිබෙනවා.

ප්‍රංශ පාපන්දු සම්මේලනය (FFF) මේ බව සඳහන් කළ අතර පුහුණුකරු Didier Deschamps (ඩිඩියර් ඩෙෂාම්ප්) කළ ආරාධනය ම්බාපේ විසින් පිළිගත් බවයි සඳහන් වුනේ. Antoine Griezmann (අන්ටුවාන් ග්‍රීස්මාන්) කණ්ඩායමේ උපනායකයා වනු ඇති.

හිටපු නායක ලොරිස් පසුගිය ජනවාරි මාසයේ දී පාපන්දු වලින් සමුගැනීමත් සමඟ ම්බාපේගේ නම නායකත්වයට සුදුසු යැයි කතාබහක් ඇති වුනා. ලොරිස්ගේ නායකත්වය යටතේ ප්‍රංශ කණ්ඩායම පිට පිට දෙවරක් පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරගවලට ක්‍රීඩා කොට එක් ලෝක ශූරතාවයක් ජයගත්තා.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<