Main Logo

Saturday 11 March 2023

මෛත්‍රිපාල දඩයම

 මෛත්‍රිපාල දඩයම

 

මෛත්‍රිපාලට තමා ලේකම් පදවිය දැරූ ශ්‍රී නි පක්‍ෂය අත්හැර යෑමට සිදු වූයේ ඇතැම් රාජපක්‍ෂලාගේ උද්ධච්ඡකම නිසා බව පැහැදිලියි. එස් බී දිසානායක වරක් සම්බන්ධයෙන් කර ඇති ප්‍රකාශයකින් එය තහවුරු වෙනවා. මට මතක හැටියට එස් බී මෛත්‍රිපාලගෙන් අසා තියෙනවා පක්‍ෂය හැර දා යන්නේ බැසිල් නිසා නම් බැසිල් සමග ගැන කතා කරමු කියා. එහෙත් මෛත්‍රිපාල එයට එකඟ වෙලා නැහැ. බැසිල් කිසිම ජාතිකත්වයක් ඇති අයකු නො වෙයි. බැසිල් නාමල් හා අනෙක් මහේන්ද්‍ර පුත්‍රයන් ජාතිකත්වයට කර ඇති හානිය කියා නිම කරන්න බැහැ.

 

කෙසේ වෙතත් සිංහල බෞද්ධ විරෝධීන්ට මෛත්‍රිපාල කෙරෙහි ඇත්තේ වෛරයක්. අදත් බව මොනවට පේන්න තියෙනවා. අද ඔවුන් මෛත්‍රිපාල දඩයමක යෙදී ඉන්නවා. පාස්කු ප්‍රහාරය ඔහුගේ වැඩක් නො වෙයි. බවක් කිසිම අධිකරණයකින් තීන්දු කර නැහැ. එහෙත් ඇතැමුන් පෙනනන්න හදන්නේ එය ඔහුගේ වැඩක් බවයි. මෛත්‍රිපාල දඩයමෙන් පැන නගින ප්‍රශ්නයක් තමයි පාස්කු ප්‍රහාරය ඔහු ඉවත් කිරීමට කළ එකක් යන්න. එදා ඔහු ඉවත් කිරීමට බැරි වූ නිසා අදවත් ඔහු දේශපාලනයෙන් ඉවත් කිරීමේ සැලසුමක් තියෙනවා ? ඔහු අවසානයේ සජිත් සමග එකතු වී ඔහුට සහාය දේවි ද? මා ප්‍රශ්නයක් අහනවා පමණයි. ගැන මට සාක්‍ෂි නැහැ. මෛත්‍රිපාල හෙලිකොප්ටරයේ ජනාධිපති අපේක්‍ෂක වේය කියා හිතන්න බැහැ. කොහොමටත් හෙලිකොප්ටරය ගුවන්ගත කිරීමට බැරි වෙලා තියෙන්නෙ. ශ්‍රී නි පක්‍ෂයට තනියම ජනාධිපති අපේක්‍ෂකයකු ඉදිරිපත් කිරීමට  තරම් ශක්තියක් නැහැ.

 

2019 පාස්කු ප්‍රහාරය ගැන හරින් ප්‍රනාන්දු යම් දෙයක් දැන හිටි බව පැහැදිලියි. ඔහුගේ පියා සම්බන්ධයෙන් කී කාරණයක් දිනවල ප්‍රසිද්ධ වුණා. මට ඇති ප්‍රශ්නය නම් ඇතැම් කතෝලිකයන් ගැන යම් කිසිවක් දැන ගෙනත් කාදිනල්තුමාට බව දැනුම් දුන්නේ නැත්තේ ඇයි යන්නයි. එසේ කළා නම් කාදිනල්තුමාට සමහර විට පාස්කු දේව මෙහෙය සම්බන්ධයෙන් විකල්ප වැඩ පිළිවෙළක් අනුගමනය කරන්න තිබුණා. සත්තකින් කාදිනල්තුමාට අවශ්‍ය වුණත් නැතත් අපට පාස්කු ප්‍රහාරයේ මහා මොළකරු දැන ගන්න ඕන.

 

පාස්කු ප්‍රහාරය ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති කරවීම සඳහා කරන ලද්දක් යන මතයක් රටේ පැතිරවීමට සමහරුන්ට අවශ්‍ය වෙලා තියෙනවා. කාලයේ ගෝඨාභය ජනාධිපති කිරීමේ වුවමනාවක් ජාතිකවාදීන්ට තිබුණා කියා මා හිතන්නේ නැහැ. පාස්කු ප්‍රහාරය සිදු වූ දිනවල මා සිටියේ ඕස්ත්‍රේලියාවේ. කිසිවකු මට ගෝඨාභය ජනාධිපති කිරීමක් ගැන දිනවල කියා තිබුණේ නැහැ. මා කොහේ හිටියත් ජාතිකවාදීන් සමග සම්බන්ධකම් පවත්වනවා.

 

අපි හිතමු ජාතිකවාදීන් දෙතුන් දෙනෙකුට ගෝඨාභය ජනාධිපති කිරීමේ වුවමනාව තිබුණා කියා. දෙතුන් දෙනා අතර රාජපක්‍ෂලා නම් නොසිටි බව මට සහතිකයි. පසුව වුණත් රාජපක්‍ෂලා දිගින් දිගට ගෝඨාභය ජනාධිපති කිරීමේ යෝජනාවට දැඩි ලෙස විරුද්ධවයි සිටියේ. ජාතිකවාදීන් දෙතුන් දෙනාට හැකි කමක් තිබුණා සහාරන් සහ තවත් මුස්ලිමුන් කිහිප දෙනකු යොදා ගෙන පාස්කු ප්‍රහාරය සැලසුම් කරන්න. මුස්ලිමුන් ජාතිකවාදීන් කිහිප දෙනකු වෙනුවෙන් එවැනි ඝාතනයක් කරාවි ? පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූ මුස්ලිමුන් වහාබ්වාදීන් යන්නයි මගේ මතය. වහාබ්වාදීන් ගෝඨාභය ජනාධිපති කිරීම සඳහා ජාතිකවාදීන් කිහිප දෙනකුගේ සැලසුමකට අනුව ක්‍රියා කෙළේ යන්න ඇසිය යුතු ප්‍රශ්නයක්වත් නො වෙයි.

 

ජාතිකවාදීන් ගෝඨාභය ජනාධිපති අපේක්‍ෂක කිරීම සාකච්ඡා කෙළේ පාස්කු ප්‍රහාරයෙන් කලකට පසුව. ජාතිකවාදීන්ට එදත් වහාබ්වාදය ප්‍රශ්නයක් වුණා. අවාසනාවකට ඔවුන් සුෆී මුස්ලිමුන් සමගත් සම්බන්ධකම් ගොඩ නගා ගෙන තිබුණේ නැහැ. අදත් හරිහමන් සම්බන්ධයක් නැහැ. 2019 ජනාධිපතිවරණය කිට්ටු වන විට තමයි ජාතිකවාදීන් ජනාධිපති අපේක්‍ෂකයකු ගැන හිතන්න පටන් ගත්තෙ. ඔවුන්ට සිහියට නැගුණේ ගෝඨාභය රාජපක්‍ෂ.

 

ගෝඨාභයට දේශපාලන අත්දැකීම් තිබුණෙ නැත කියන එක පස්සෙ හදාගත් කතාවක්. බණ්ඩාරනායක මැතිණියට තිබූ දේශපාලන අත්දැකීම මොකක් ? එදා හේන්පිටගෙදර ඥානසීහ හාමුදුරුවන් ප්‍රධාන භික්‍ෂූන් වහන්සේ තමයි ඇය අගමැති පදවියට යෝජනා කෙළේ.  ඇතැම් සිංහලයන් යම් යම් සමාජයීය ප්‍රශ්න නිසා ඇයට විරුද්ධ වුණත් එදා භික්‍ෂූන් වහන්සේ ඉටු කෙළේ තම ඓතිහාසික කාර්යභාරය. කාර්යභාරය තමයි පසුගිය දවසක මනුෂ නානායක්කාර දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ප්‍රශ්න කර තිබුණෙ.

 

බණ්ඩාරනායක මැතිණිය අනෙක් අයගේත් සහාය ලබමින්  අවස්ථා කිහිපයක අගමැති ධුරයේ කටයුතු කළා. ඇය පළමු වරට අගමැතිණිය වුණේ එකල තිබූ සෙනේට් සභාවේ මන්ත්‍රිවරියක ලෙස දිවුරුම් දෙමින්. එකල ඇය පාර්ලිමේන්තු මන්ත්‍රිණියක් නුවූ බැවින්. ඇගේ දේශපාලන ජීවිතය අවසන් කෙළේ ජේ ආර් ජයවර්ධන ප්‍රජා අයිතිවාසිකම් නැති කරමින්. එදා අගේ ප්‍රජා අයිතිවාසිකම් නැති කිරීමට සහාය දුන් ඇතැමුන් ගෝඨාභය ඉවත් කිරීමටත් කටයුතු කර ඇති බව පැහැදිලියි.