2035 සිට පෙට්‍රල් සහ ඩීසල් මෝටර් රථ අලෙවිය තහනම් කිරීමට යුරෝපා සංගමයේ පාර්ලිමේන්තුව තීරණය කරයි


දේශගුණික විපර්යාසවලට එරෙහිව සටන් කිරීම අරමුණු කරගත් නීතියක් යුරෝපා පාර්ලිමේන්තුව අනුමත කිරීමෙන් පසු 2035 සිට නව පෙට්‍රල් සහ ඩීසල් කාර් සහ වෑන් විකිණීම යුරෝපා සංගමය තුළ තහනම් කෙරේ.

2035 වන විට අලෙවි කරන නව මෝටර් රථ සහ වෑන් රථවලින් CO2 විමෝචනය සියයට 100කින් කපා හැරීමට මෝටර් රථ නිෂ්පාදකයින්ට සිදු වනු ඇත. 

මෙමගින් එම දිනයේ සිට යුරෝපා සංගමය තුළ නව අභ්‍යන්තර දහන එන්ජින් බලැති වාහන විකිණීමට නොහැකි වනු ඇත.

ඒ අනුව 2035 සිට යුරෝපය තුල ඉලෙක්ට්‍රික් වාහන හෝ හයිඩ්‍රජන් වැනි පිරිසිදු ඉන්ධනයකින් ධාවනය වන වාහන පමණක් විකිණීමට මෝටර් රථ නිෂ්පාදකයින්ට සිදුවෙයි.



Comments