Translate

Sunday, February 12, 2023

2024 වසර අවසන් වන විට බාලදක්ෂ සාමාජිකත්වය ලක්ෂ දෙකක්

පළාත් නවයම ආවරණය වන පරිදි බාලදක්ෂ ව්‍යාපාරය ව්‍යාප්ත කරවීම සඳහා සහාය වන බව ජනපතිතුමා පවසයි

2024 වන විට පළාත් නවයම ආවරණය වන පරිදි බාලදක්ෂ ව්‍යාපාරය ව්‍යාප්ත කරමින් එහි සාමාජිකත්වය ලක්ෂ 02ක් දක්වා වැඩි කර ගැනීමට අවශ්‍ය පූර්ණ සහාය ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මේ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ යෞවන කටයුතු අමාත්‍යාංශයේ සහාය ලබා ගැනීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය. ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ පදවිය සහ අනුශාසක ධූරය ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත නිල වශයෙන් ප්‍රදානය කිරීම අද (21) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු වූ අතර එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේය.

බාලදක්ෂ කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා විසින් නිල කර ලේන්සුව හා ප්‍රධාන බාලදක්ෂ පදවියට අදාළ පත්වීමේ අක්තපත්‍රය ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය. බාලදක්ෂ ව්‍යාපාරයේ වර්තමාන ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් ද ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි.

මෙහිදි අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ 75 වන නිදහස් සැමරුම සඳහා බාලදක්ෂ ව්‍යාපාරයේ පූර්ණ දායකත්වය ලබාගැනීමට අපේක්ෂා කරන බවයි. ජනාධිපති කාර්යාලයේ මැදිහත්වීමෙන් සහ දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන පරිසරය සම්බන්ධ වැඩසටහන්වලට එක්වන ලෙස ද ජනාධිපතිවරයා බාලදක්ෂ, බාලදක්ෂිකාවන් වෙත ආරාධනා කළේය. ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු, නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් එම්.එස්.එස්. මුහීඩ්, විධායක කමිටු සභාපති රන්සිරි පෙරේරා ඇතුළු නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී විය.

 

No comments:

Post a Comment