Home Sinhala වර්ෂාවේ බාධා මැද ලසිත්ගෙන් වේගවත් ශතකයක්

වර්ෂාවේ බාධා මැද ලසිත්ගෙන් වේගවත් ශතකයක්

1769

ශ්‍රී ලංකා A කණ්ඩායම සහ එංගලන්ත Lions කණ්ඩායම අතර දෙවැනි නිල නොලත් ටෙස්ට් ක්‍රිකට් තරගය අද (07) ආරම්භ වුනේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදීයි. වර්ෂාවෙන් තරගයේ අර්ධයක්ම ගිලගත් අද දිනය නිමා වනවිට මුල් ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා A කණ්ඩායම මේ වනවිට කඩුලු 3ක් දැවී ලකුණු 190ක් ලබා සිටිනවා.

තරගාවලිය තුල දෙවැනි වරටත් ශ්‍රී ලංකා A නායක නිපුන් ධනංජය කාසියේ වාසිය දිනා ගැනීමත් සමඟ තරගය ආරම්භ කෙරුනා. පළමු තරගයේ දී මෙන්ම ඔහු අදත් තීරණය කළේ මුලින් පිතිකරණයේ යෙදීමටයි. ඒ අනුව ඉනිම ආරම්භ කළ නිශාන් මදුශ්ක සහ ලසිත් කෲස්පුල්ලේ පළමු කඩුල්ලටම අර්ධ ශතක සබඳතාවයක් ගොඩ නැගුවා.

පසුගිය තරගයේ දෙවැනි ඉනිමේ දී පීඩනය මැද විශිෂ්ට ද්විත්ව ශතකයක් ලබා ගනිමින් තරගය බේරා දුන් නිශාන් මදුශ්ක අද පන්දු 42කට මුහුණ දෙමින් ලකුණු 22ක් ලබා ගත්තා. හතරේ පහර 4ක් එල්ල කිරීමෙන් පසු ඔහු දැවී ගියේ Josh Tongueගේ පන්දුවක් හමුවේ Tom Abell අතට උඩපන්දුවක් ලබා දෙමිනුයි.

නිශාන්ගෙන් පසු ඉනිම ආරම්භ කළ නුවනිඳු ප්‍රනාන්දුත් අද රැස් කළේ හරියටම ලකුණු 22ක් පමණයි. ඒ වෙනුවෙන් ඔහු පන්දු 73කට මුහුණ දුන්නා. Sam Cookගේ ඉල්ලීමක් හමුවේ පිටියේ විනිසුරු විසින් කඩුල්ල මුවා කිරීමේ වරද පිලිගත් නිසා නුවනිඳුට තම ඉනිම නිමා කිරීමට සිදුවුනා.

පසුගිය තරගයේ අවස්ථාවක් නොලද කමිඳු මෙන්ඩිස් අද අංක 4 පිතිකරුවා ලෙස පිටියට පැමිණියද ලැබුනු අවස්ථාවෙන් නිසි ප්‍රයෝජන ගැනීමට ඔහු අසමත් වුනා. ඒ පන්දු 12කදී ලකුණු 6කට ඔහු දැවී ගිය නිසයි. ඔහුගේ කඩුල්ල හිමිවුනේ පසුගිය තරගයේ ඉනිමක කඩුලු 5ක් දවා ගනිමින් කැපී පෙනුනු Matthew Fisherටයි.

දිවා ආහාරයෙන් පසු වැඩි කාලයක් තරග කිරීමට දෙපාර්ශවයටම අවස්ථාව ලැබුනේ නැහැ. ඒ ගාල්ල අවට විසිර තිබූ කළු වළාකුළු ක්‍රමයෙන් පිටිය ආක්‍රමණය කිරීමත් සමඟයි. පළමු වරට තරගයට වර්ෂාවෙන් බාධා සිදු වනවිට ශ්‍රී ලංකා A පළමු ඉනිම දැක්වුනේ ලකුණු 150ට කඩුලු 3ක් ලෙසයි.

විරාමයකින් පසු තරගය නැවත වරක් ආරම්භ කෙරුනද ඉන් පසුව යැවීමට හැකි වුනේ පන්දුවාර 8ක් පමණයි. ඒ නැවතත් වර්ෂාව පෙරටත් වඩා දරුණු ලෙස ක්‍රීඩාංගණය අවට ප්‍රදේශයට පතිත වීම නිසයි. ඒ වනවිට ශ්‍රී ලංකා ඉනිම ලකුණු 190ට කඩුලු 3ක් ලෙස දිස්වූ අතර නැවතත් තරගය ආරම්භ කිරීමට හැකියාවක් ලැබුනේ නැහැ.

දිනයේ සුවිශේෂීම සිදුවීම ලෙස අද නිශාන් සමඟ අනෙක් අන්තයෙන් ඉනිම ඇරඹූ ලසිත් කෲස්පුල්ලේ තම ශතකය කරා යාම හැඳින්විය හැකියි. පන්දු 109කට පමණක් මුහුණ දුන් ලසිත් දිනය නිමා වනවිට නොදැවී ලකුණු 122ක් ලබා සිටිනවා. ටෙස්ට් ඉනිමකට වඩා එක්දින ඉනිමකට සමවූ ලසිත්ගේ ඉනිම අලංකාර හතරේ පහර 16කින් සහ දැවැන්ත හයේ පහර 3කින් හැඩ ගැන්වුනා.

අනෙක් අන්තයේ නොදැවී ක්‍රීඩා කරන ශ්‍රී ලංකා A කණ්ඩායමේ නායක නිපුන් ධනංජය පන්දු 31කට මුහුණ දෙමින් ලකුණු 14ක් ලබා සිටිනවා. ඒ හතරේ පහර 3ක් සමඟයි.

වර්ෂාව නිසා අද දිනය පුරාවට ක්‍රියාත්මක කිරීමට හැකිවුනේ පන්දුවාර 44.3ක් පමණයි. දෙපාර්ශවය අතර ටෙස්ට් තරගාවලිය මෙතකින් නිමාවට පත්වන නිසා කණ්ඩායම් දෙකම මෙම තරගය සම්පූර්ණ වශයෙන් පවත්වා ජයග්‍රාහකයෙකු නිශ්චය කර ගැනීමේ බලාපොරොත්තුවෙන් පසු වනවා. ඒ ගාල්ලේදීම පැවති පළමු ටෙස්ට් තරගයත් ජය පැරදුමෙන් තොරව නිමා වීම නිසයි.

තරගයේ දෙවැනි දිනයේ සියලු තරග තොරතුරු හෙට (08) ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්!

Result

Match drawn

Sri Lanka A Team
332/10 (88.1) & 356/10 (74.1)

England Lions
405/10 (76.4) & 173/7 (39)

Batsmen R B 4s 6s SR
Nishan Madushka c Tom Abell b Josh Tongue 22 42 4 0 52.38
Lasith Croospulle c Matt Fisher b Josh Tongue 128 130 16 3 98.46
Nuwanidu Fernando lbw b Sam Cook 22 73 3 0 30.14
Kamindu Mendis c Josh Tongue b Matt Fisher 6 12 0 0 50.00
Nipun Dhananjaya c Tom Abell b Josh Tongue 61 104 10 0 58.65
Lahiru Udara c Josh Bohannon b Josh Tongue 0 1 0 0 0.00
Chamika Karunarathne c Alex Lees b Josh Tongue 0 3 0 0 0.00
Lakshitha Manasinghe c Liam Patterson-White b Matt Fisher 43 87 2 1 49.43
Lasith Embuldeniya c Jack Haynes b Jack Carson 42 55 7 1 76.36
Vishwa Fernando b Sam Cook 0 8 0 0 0.00
Praveen Jayawickrama not out 1 14 0 0 7.14


Extras 7 (b 4 , lb 3 , nb 0, w 0, pen 0)
Total 332/10 (88.1 Overs, RR: 3.77)
Bowling O M R W Econ
Sam Cook 21 6 69 2 3.29
Matt Fisher 22 4 83 2 3.77
Josh Tongue 22 2 75 5 3.41
Liam Patterson-White 11 0 56 0 5.09
Tom Abell 2 0 11 0 5.50
Jack Carson 10.1 3 30 1 2.97
Batsmen R B 4s 6s SR
Alex Lees c Kamindu Mendis b Praveen Jayawickrama 97 113 10 0 85.84
Haseeb Hameed c Lahiru Udara b Chamika Karunarathne 4 2 1 0 200.00
Tom Abell c Nishan Madushka b Vishwa Fernando 4 8 1 0 50.00
Josh Bohannon c Nuwanidu Fernando b Vishwa Fernando 54 62 9 0 87.10
Jamie Smith c Nishan Madushka b Chamika Karunarathne 126 82 13 8 153.66
Tom Haines c Lahiru Udara b Chamika Karunarathne 10 12 0 0 83.33
Liam Patterson-White c Lasith Croospulle b Lasith Embuldeniya 24 33 1 1 72.73
Matt Fisher not out 35 86 2 0 40.70
Jack Carson b Vishwa Fernando 6 50 1 0 12.00
Josh Tongue c Lahiru Udara b Praveen Jayawickrama 29 39 4 0 74.36
Sam Cook c Kamindu Mendis b Chamika Karunarathne 0 4 0 0 0.00


Extras 16 (b 3 , lb 9 , nb 1, w 3, pen 0)
Total 405/10 (76.4 Overs, RR: 5.28)
Bowling O M R W Econ
Vishwa Fernando 21 1 83 3 3.95
Chamika Karunarathne 13.4 2 84 4 6.27
Lasith Embuldeniya 20 3 113 1 5.65
Lakshitha Manasinghe 5 0 54 0 10.80
Praveen Jayawickrama 17 2 59 2 3.47
Batsmen R B 4s 6s SR
Nishan Madushka c Sam Cook b Josh Tongue 100 125 16 1 80.00
Lasith Croospulle c Liam Patterson-White b Jack Carson 47 41 4 2 114.63
Nuwanidu Fernando c Jack Carson b Matt Fisher 1 15 0 0 6.67
Kamindu Mendis c Nathan Gilchrist b Jack Carson 67 76 11 0 88.16
Lasith Embuldeniya c Jamie Smith b Sam Cook 13 51 2 0 25.49
Nipun Dhananjaya c Jamie Smith b Josh Tongue 15 19 1 0 78.95
Lahiru Udara c Josh Bohannon b Liam Patterson-White 63 71 8 0 88.73
Chamika Karunarathne b Josh Tongue 0 6 0 0 0.00
Lakshitha Manasinghe lbw b Jack Carson 43 36 7 0 119.44
Vishwa Fernando not out 0 1 0 0 0.00
Praveen Jayawickrama c Tom Haines b Jack Carson 1 5 0 0 20.00


Extras 6 (b 3 , lb 1 , nb 1, w 1, pen 0)
Total 356/10 (74.1 Overs, RR: 4.8)
Bowling O M R W Econ
Sam Cook 11 1 38 1 3.45
Matt Fisher 12 1 58 1 4.83
Liam Patterson-White 12 1 72 1 6.00
Josh Tongue 15 2 77 3 5.13
Jack Carson 22.1 4 94 4 4.25
Tom Abell 2 0 13 0 6.50


Batsmen R B 4s 6s SR
Alex Lees b Praveen Jayawickrama 9 8 0 1 112.50
Haseeb Hameed c Kamindu Mendis b Lakshitha Manasinghe 47 66 2 1 71.21
Tom Haines c Nishan Madushka b Lakshitha Manasinghe 10 21 0 0 47.62
Tom Abell c Lasith Croospulle b Lakshitha Manasinghe 20 38 0 0 52.63
Josh Bohannon not out 34 50 1 0 68.00
Jamie Smith c b Lakshitha Manasinghe 14 13 2 0 107.69
Liam Patterson-White c b Lasith Embuldeniya 3 3 0 0 100.00
Matt Fisher lbw b Lakshitha Manasinghe 22 19 0 1 115.79
Jack Carson not out 2 16 0 0 12.50


Extras 12 (b 6 , lb 1 , nb 0, w 5, pen 0)
Total 173/7 (39 Overs, RR: 4.44)
Bowling O M R W Econ
Vishwa Fernando 4 0 14 0 3.50
Praveen Jayawickrama 8 0 40 1 5.00
Lakshitha Manasinghe 16 1 61 5 3.81
Lasith Embuldeniya 11 0 51 1 4.64



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<