Home Sinhala පළමු දිනයේම එංගලන්ත සිංහයින්ගෙන් ශ්‍රී ලංකාවට අභියෝගයක්!

පළමු දිනයේම එංගලන්ත සිංහයින්ගෙන් ශ්‍රී ලංකාවට අභියෝගයක්!

289

සංචාරක එංගලන්ත Lions සහ ශ්‍රී ලංකා A කණ්ඩායම් අතර පැවැත්වෙන නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද (31) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුනා.

පළමු දිනය නිමාවට පත්වන විට එහි වැඩි ගෞරව දිනා සිටින්නේ තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන දස්කම් දැක්වූ එංගලන්ත Lions කණ්ඩායමයි.

තරගාවලිය ආරම්භ කරමින් උරගා බැලුණු කාසියේ වාසිය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා A නායක නිපුන් ධනංජය සමත් වුනා. ඔහු තෝරා ගත්තේ මුලින් පිතිකරණයේ යෙදීමයි.

තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම්

  • ශ්‍රී ලංකාව: නිපුන් ධනංජය (නායක), නිශාන් මදුශ්ක, ඕෂධ ප්‍රනාන්දු, නුවනිඳු ප්‍රනාන්දු, සදීර සමරවික්‍රම, සහන් ආරච්චිගේ, දුනිත් වෙල්ලාලගේ, ලක්ෂිත මානසිංහ, ඇම්ශි ද සිල්වා, ලසිත් ඇඹුල්දෙණිය.
  • එංගලන්තය: Haseeb Hameed (නායක), Alex Lees, Tom Haines, Tom Abell, Josh Bohannon, Jack Haynes, Jamie Smith, Liam Patterson-White, Matthew Fisher, Jack Carson, Sam Cook.

ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කරමින් නිශාන් මදුශ්ක සහ ඕෂධ ප්‍රනාන්දු ඉනිම ඇරඹූ අතර ප්‍රථම කඩුල්ලේ සබඳතාවය ලකුණු 5කට පමණක් සීමා වුනා. එහි දී Matthew Fisherගේ වේගපන්දුවක් හමුවේ දැවී ගියේ එක් ලකුණක් පමණක් ලබා සිටි නිශාන් මදුශ්කයි.

ඉන්පසු ඕෂධ ප්‍රනාන්දු සහ නුවනිඳු ප්‍රනාන්දු යන තීරණාත්මක කඩුලු 2ම වේලාසනින් දවා ගැනීමට වමත් පිට දඟපන්දු යවන ක්‍රීඩක Patterson-White සමත් වුනා. ඕෂධ ලකුණු 21ක් රැස් කරද්දී නුවනිඳු රැස් කළේ ලකුණු 17ක් පමණයි. ශ්‍රී ලංකා නායක නිපුන් ධනංජය ලකුණු 15ක් ලබා සිටිය දී Sam Cookට ගොදුරු වුනා.

සදීර සමරවික්‍රම අද ඉනිමේ වැඩිම ලකුණු ලාභියා ලෙස පන්දු 60කින් ලකුණු 43ක් වාර්තා කළා. ඒ හතරේ පහර 7ක් සමඟයි. කණ්ඩායම අසීරුවෙන් සිටින මොහොතේ සහන් ආරච්චිගේගෙන් සහ දුනිත් වෙල්ලාලගේගෙන් හොඳ ඉනිම් දෙකක් අපේක්ෂා කළ ද, එම බලාපොරොත්තු ඉටු කිරීමට ඔවුන් දෙදෙනාම අසමත් වුනා.

කෙසේ වෙතත්, පසුපෙළ පිතිකරුවෙකු ලෙස ලක්ෂිත මානසිංහ රැස්කළ ලකුණු 26 ශ්‍රී ලංකාවට යම් සහනයක් ගෙන දුන්නා. නමුත් ඔවුන්ට පන්දුවාර 35.4ක් අවසානයේ දී සියල්ලන් දැවී ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 136ක් පමණයි.

පන්දු යැවීමේ දී එංගලන්ත ජාතික කණ්ඩායම නියෝජනය කර ඇති දකුණත් වේගපන්දු යවන්නෙකු වන Matthew Fisher විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් කඩුලු 5ක් දවා ගත්තේ සත්කාරකයින්ට ලකුණු 34ක් පමණක් ලබා දෙමින්. Patterson-White කඩුලු 3ක් බිඳ හෙළුවා.

ගාලු තණතිල්ල පිළිබඳව අතැඹුලක් සේ දන්නා ශ්‍රී ලංකා පිතිකරුවන් අද පළමු සැසිය තුල දී ම අන්ත අසරණ වුව ද, ශ්‍රී ලංකාව ගැන වැඩි අත්දැකීම් නැති එංගලන්ත Lions පළමු කඩුල්ලටම ලකුණු 125ක සාර්ථක සබඳතාවයක් ගොඩ නැගුවා. ඒ අතරතුර ඔවුන් පන්දුවාරයකට ලකුණු 5ක පමණ වේගයක් ද පවත්වා ගැනීම විශේෂත්වයක්.

අලංකාර හතරේ පහර 9ක් සහ එක් හයේ පහරක් සමඟින් පන්දු 69ක දී ලකුණු 56ක් රැස් කිරීමට වමත් ආරම්භක පිතිකරු Alex Lees සමත් වුනා. ඉනිමේ මුල්ම කඩුල්ල ලෙස ඔහු දැවී ගියේ ලසිත් ඇඹුල්දෙණියගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙනුයි.

Lees සමඟින් ඉනිම ඇරඹූ එංගලන්ත Lions නායක Haseeb Hameed අද ලකුණු 81ක් රැස් කළේ දිනයේ වැඩිම ලකුණු ලාභියා ලෙසයි. පන්දු 109ක් වැය වුනු ඔහුගේ ඉනිමට හතරේ පහර 9ක් ඇතුළත් වුනා. ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය වෙනුවෙන් Dambulla Aura කණ්ඩායම නියෝජනය කළ Tom Abell අද රැස් කළේ ලකුණු 7ක් පමණයි.

තරගය අද දිනය වෙනුවෙන් නවත්වන විට සිව්වැනි කඩුල්ල වෙනුවෙන් Tom Haines සහ Josh Bohannon මේ වන විට ලකුණු 49ක නොබිඳුනු සබඳතාවයක් ගොඩ නගා තිබෙනවා.

නොදැවී ක්‍රීඩා කරන Haines වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 72ක දී ලකුණු 62ක් ලබා සිටිනවා. ඒ හතරේ පහර 7ක් සමඟයි. ඔහුගේ සහය පිතිකරු Josh Bahannon ලකුණු 26යි. එංගලන්ත ඉනිම මේ වන විට සටහන් වන්නේ පන්දුවාර 48ක් අවසානයේ කඩුලු 3කට ලකුණු 249ක් ලෙසයි.

මේ අනුව දිනයේ සම්පූර්ණ ගෞරවය දිනා ගත් එංගලන්ත Lions කණ්ඩායම මේ වන විට කඩුලු 7ක් අතැතිව ශ්‍රී ලංකාවට වඩා ලකුණු 113ක් ඉදිරියෙන් සිටිනවා. පන්දු යැවීමේ දී ලසිත් ඇඹුල්දෙණිය ලකුණු 89ට කඩුලු 2ක් බිඳ හෙළද්දී, සහන් ආරච්චිගේ ඉතිරි කඩුල්ලට හිමිකම් කිව්වා.

තරගයේ දෙවැනි දිනයේ සියලු තතු විත්ති වෙනුවෙන් රැඳී සිටින්න ThePapare.com සමඟින්!


Result

Match drawn

Sri Lanka A Team
136/10 (35.4) & 663/9 (157.1)

England Lions
467/10 (87.5) & 221/7 (48)

Batsmen R B 4s 6s SR
Nishan Madushka lbw b Matt Fisher 1 2 0 0 50.00
Oshada Fernando c Jack Haynes b Liam Patterson-White 21 39 3 0 53.85
Nuwanidu Fernando st Jamie Smith b Liam Patterson-White 17 27 3 0 62.96
Nipun Dhananjaya c Haseeb Hameed b Sam Cook 15 21 2 0 71.43
Sadeera Samarawickrama c Liam Patterson-White b Matt Fisher 43 61 7 0 70.49
Sahan Arachchige c Jamie Smith b Tom Abell 3 20 0 0 15.00
Dunith Wellalage c Jamie Smith b Liam Patterson-White 0 4 0 0 0.00
Lakshitha Manasinghe c Jamie Smith b Liam Patterson-White 26 27 5 0 96.30
Amshi De Silva c Jamie Smith b Matt Fisher 0 4 0 0 0.00
Lasith Embuldeniya c Jamie Smith b Matt Fisher 3 9 0 0 33.33
Milan Rathnayake not out 1 5 0 0 20.00


Extras 6 (b 0 , lb 1 , nb 5, w 0, pen 0)
Total 136/10 (35.4 Overs, RR: 3.81)
Bowling O M R W Econ
Sam Cook 7 2 17 1 2.43
Matt Fisher 9.4 1 34 5 3.62
Liam Patterson-White 13 1 51 3 3.92
Tom Abell 4 0 17 1 4.25
Jack Carson 2 0 16 0 8.00
Batsmen R B 4s 6s SR
Alex Lees b Lasith Embuldeniya 56 69 7 1 81.16
Haseeb Hameed c Sadeera Samarawickrama b Sahan Arachchige 81 109 10 0 74.31
Tom Haines c Lahiru Udara b Lakshitha Manasinghe 118 138 12 1 85.51
Tom Abell lbw b Lasith Embuldeniya 7 7 0 1 100.00
Josh Bohannon c Milan Rathnayake b Lasith Embuldeniya 42 50 5 0 84.00
Jack Haynes c Sadeera Samarawickrama b Amshi De Silva 16 13 3 0 123.08
Jamie Smith b Lakshitha Manasinghe 22 23 3 0 95.65
Liam Patterson-White c Dunith Wellalage b Amshi De Silva 41 61 6 0 67.21
Matt Fisher c Sadeera Samarawickrama b Milan Rathnayake 53 46 2 2 115.22
Jack Carson c Nishan Madushka b Amshi De Silva 4 10 1 0 40.00
Sam Cook not out 2 6 0 0 33.33


Extras 25 (b 7 , lb 12 , nb 5, w 1, pen 0)
Total 467/10 (87.5 Overs, RR: 5.32)
Bowling O M R W Econ
Milan Rathnayake 16.5 1 81 1 4.91
Amshi De Silva 10 0 59 3 5.90
Lasith Embuldeniya 30 0 158 3 5.27
Lakshitha Manasinghe 17 1 85 2 5.00
Sahan Arachchige 9 1 44 1 4.89
Dunith Wellalage 5 0 21 0 4.20
Batsmen R B 4s 6s SR
Nishan Madushka c Matt Fisher b Jack Carson 241 423 25 4 56.97
Oshada Fernando c Alex Lees b Liam Patterson-White 114 134 18 0 85.07
Lakshitha Manasinghe c Sam Cook b Tom Abell 73 107 11 2 68.22
Nuwanidu Fernando b Jack Carson 80 90 11 2 88.89
Nipun Dhananjaya b Liam Patterson-White 128 170 18 1 75.29
Sadeera Samarawickrama lbw b Jack Carson 1 2 0 0 50.00
Sahan Arachchige c Tom Haines b Liam Patterson-White 4 11 0 0 36.36
Dunith Wellalage run out (Haseeb Hameed) 0 2 0 0 0.00
Amshi De Silva c & b Jack Carson 0 5 0 0 0.00
Lasith Embuldeniya not out 0 4 0 0 0.00


Extras 22 (b 11 , lb 6 , nb 5, w 0, pen 0)
Total 663/9 (157.1 Overs, RR: 4.22)
Bowling O M R W Econ
Sam Cook 19 1 95 0 5.00
Matt Fisher 15 3 57 0 3.80
Liam Patterson-White 50 7 231 3 4.62
Jack Carson 44.1 6 173 4 3.92
Tom Abell 20 7 55 1 2.75
Tom Haines 9 0 35 0 3.89


Batsmen R B 4s 6s SR
Alex Lees c Sadeera Samarawickrama b Milan Rathnayake 1 8 0 0 12.50
Haseeb Hameed c & b Milan Rathnayake 15 33 3 0 45.45
Tom Haines c Nishan Madushka b Milan Rathnayake 20 24 3 0 83.33
Tom Abell c Sadeera Samarawickrama b Amshi De Silva 11 21 1 0 52.38
Josh Bohannon lbw b Lakshitha Manasinghe 57 86 7 0 66.28
Jack Haynes lbw b Lakshitha Manasinghe 43 38 3 0 113.16
Jamie Smith not out 39 44 5 0 88.64
Liam Patterson-White run out (Lakshitha Manasinghe) 25 34 2 1 73.53
Matt Fisher not out 1 3 0 0 33.33


Extras 9 (b 4 , lb 0 , nb 3, w 2, pen 0)
Total 221/7 (48 Overs, RR: 4.6)
Bowling O M R W Econ
Lasith Embuldeniya 19 3 82 0 4.32
Milan Rathnayake 8 0 31 3 3.88
Dunith Wellalage 5 0 24 0 4.80
Amshi De Silva 5 1 25 1 5.00
Lakshitha Manasinghe 11 0 55 2 5.00



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<