SLC නිල ලකුණු සටහන්කරුවන්ගේ සංගමයට නව නිලධාරි මණ්ඩලයක්

189
Office bearers of Sri Lanka Cricket Scores

ශ්‍රී ලංකා ක්‍රිකට් නිල ලකුණු සටහන්කරුවන්ගේ සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම සහ නිලවරණය 2023 ජනවාරි 28 වැනි සෙනසුරාදා කොළඹ ජාතික ක්‍රීඩා විද්‍යායතනයේ දී පැවැත්වුනා.

ඒ සඳහා සහභාගී වූ පූර්ණ සාමාජිකයින් 69 දෙනා අතරින් ඉදිරි වසර දෙකක කාලය සඳහා නව නිලධාරි මණ්ඩලයක් පත් කරගත්තා.

ඒ අනුව 2023/24 වසර දෙකට අදාලව ශ්‍රී ලංකා ක්‍රිකට් ලකුණු සටහන්කරුවන්ගේ සංගමයේ නව කමිටු සභාපති ලෙස චින්තක මුණසිංහ මහතා පත්වූ අතර උප සභාපතිවරුන් දෙදෙනා ලෙස ජගත් ප්‍රේමචන්ද්‍ර සහ සමන් පීරිස් යන මහත්වරුන් දෙදෙනා තේරී පත්වුනා.

මෙහි දී සභාපති, ප්‍රධාන ලේකම්, භාණ්ඩාගාරික, තරග පැවරුම් ලේකම් සහ ප්‍රධාන සංවිධායක යන තනතුරු සඳහා නිලධාරීන් පත්වුනේ නිතරගයෙන් වීම කැපී පෙනුණා.

2023/24 වසර දෙකට අදාලව ශ්‍රී ලංකා ක්‍රිකට් ලකුණු සටහන්කරුවන්ගේ සංගමයේ තනතුරු පහත පරිදි බෙදී ගියා.

  • සභාපති – චින්තක මුණසිංහ මහතා
  • ප්‍රධාන ලේකම් – නුවන් විජේවර්ධන මහතා
  • භාණ්ඩාගාරික – සංජය ජයසිංහ මහතා
  • තරග පැවරුම් ලේකම් – රංග සමන්ත මහතා
  • ප්‍රධාන සංවිධායක – එස්. රවීන්ද්‍රන් මහතා
  • උප සභාපති – සමන් පීරිස් මහතා සහ ජගත් ප්‍රේමචන්ද්‍ර මහතා
  • උප ලේකම් – චමිල් මදුශංක මහතා
  • උප භාණ්ඩාගාරික – චාමර පෙරේරා මහතා සහ නිලන්ත හේරත් මහතා
  • උප තරග පැවරුම් ලේකම් – තාරක සඳරුවන් මහතා සහ ඉෂංක උදයංග මහතා
  • කමිටු සාමාජිකයින් – කෙවින් ජෑන්ස් මහතා, දිනේෂ් කුමාර මහතා සහ චේතනා සුරසිංහ මහත්මිය

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<