සුරේන් බ්‍රිතාන්‍ය තරගාවලියට සුදුසුකම් ලබයි

571

සවි එසවීමේ ශූර ලහිරු සුරේන් පෙරේරා, Light Media Championship සවි එසවීමේ තරගාවලියේ 59kg අංශයෙන් ජයග්‍රහණය ලබා ගන්නට සමත් වුනා.

මහා බ්‍රිතාන්‍යයේ දී පැවති තරගාවලියේ පළමු අදියර ජයග්‍රහණය කිරීමත් සමඟ, පසුව පැවැත්වෙන බ්‍රිතාන්‍ය ජාතික සවි එසවීමේ ශූරතාවයට සහභාගී වීමේ අවස්ථාව ඔහුට උදා වී තිබෙනවා. බ්‍රිතාන්‍ය ජාතික තරගාවලිය සඳහා සුදුසුකම් ලැබූ පළමු ශ්‍රී ලංකා සවි එසවීමේ ක්‍රීඩකයා වන්නේ සුරේන් පෙරේරායි.

Squat ඉසව්වේ දී 160kgක බරක් ඔසවමින් සාර්ථක වූ සුරේන් Bench press ඉසව්වේ දී 122.5kgක බරක් එසවූවා. Dead lift හිදී 210kgක් එසවීමට සුරේන් සමත් වුනා. ඔහුට හිමි වුනේ පළමු ස්ථානයයි. ඒ අනුව සුරේන් එළඹෙන බ්‍රිතාන්‍ය තරගාවලියට සහභාගී වීමේ අවස්ථාව උදාකර ගත්තා.

පිළියන්දල ප්‍රදේශයේ ජිවත් වන සුරේන් පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයේ ආදි සිසුවෙක්.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<