ජේම්ස් වෙබ්ට හමුවුණු පළමු ග්‍රහයා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 16, 2023

ජේම්ස් වෙබ්ට හමුවුණු පළමු ග්‍රහයා

ජේම්ස් වෙබ් James Webb Space Telescope (JWST) දුරේක්ෂය, තාරකා විද්‍යාඥයන් මවිත කරමින්, විශ්වයේ රහස් සෙවීම ආරම්භ කර තිබේ. පසුගිය සතියේ එය තවත් අපූරු සොයා ගැනීමට දායක විය. ඒ, පෘථිවියට සමාන, විශ්වයේ ඈත පිහිටි, පාෂාණීය ග්‍රහලොවක් සොයා ගැනීමය. නාසා ආයතනය, ජේම්ස් වෙබ් දුරේක්ෂය අභ්‍යවකාශයට යවා‍, අභ්‍යවකාශයේ රැඳවූයේ 2021 දෙසැම්බර් මාසයේය. ඉන්පසු, ජේම්ස් වෙබ් දුරේක්ෂය නව ග්‍රහලෝකයක් සොයා දුන් පළමු අවස්ථාව මෙයයි. 

නාසා විද්‍යාඥයන් මෙම නව ග්‍රහලොව නම් කර ඇත්තේ LHS 475 b යන නමිනි. මෙම බාහිර් ග්‍රහයා (Exo-Planet) සියයට 99 ක් ප්‍රමාණයෙන් පෘථිවියට සමානය. එසේ වුවත්, LHS 475 b ග්‍රහයාට වායු ගෝලයක් තිබෙනවාද? ජීවීන්ට සුදුසු හිතකර තත්ත්වයන් තිබෙනවාද? වැදගත්ම ප්‍රශ්නය, LHS 475 b ග්‍රහයා මතුපිට ජීවීන් සිටිනවාද? යන්නට පිළිතුරු මෙතෙක් සොයාගෙන නැත. 

මේ ප්‍රශ්නවලට පිළිතුරු සෙවීම මේ වනවිට ආරම්භ වී තිබේ. ජේම්ස් වෙබ් අපට සොයා දුන්නේ, LHS 475 b ප්‍රමාණයෙන් සියයට 99 ක් පෘථිවියට සමාන ග්‍රහලෝකයක් බව පමණි. එසේ වුවත්, LHS 475 b ග්‍රහලෝකයේ, අප සෞරග්‍රහ මණ්ඩලයට අයත් යෝධයා, බෘහස්පති ග්‍රහයාගේ, ටයිටන් (Titan) චන්ද්‍රයාගේ මෙන් මීතේන් වායුව පිරි ඝන වායු ගෝලයක් නොමැති බව තහවුරු කරගෙන ඇත. 

ජේම්ස් වෙබ් දුරේක්ෂයට අනුව, LHS 475 b ග්‍රහලොව පිහිටා ඇත්තේ ආලෝක වර්ෂ 41 ක් දුරිනි. අභ්‍යවකාශයේ එසේත් නැතිනම් මන්දාකිණි සහ තරු අතරේ දුර මැනීම සිදුවන්නේ ආලෝක වර්ෂවලිනි. ආලෝකය එක් තත්පරයක දී කි.මී. 2,97,600ක දුරක් (සැතපුම් 1,86,000ක දුරක්) ගමන් කරයි. ඒ අනුව ආලෝකය, එම වේගයෙන් වසරක් තිස්සේ යන දුර එක ඒකකයක් සේ සලකා, තාරකා විද්‍යාඥයෝ අභ්‍යවකාශයේ දුර මැනීම සිදු කරති. හිරුගේ සිට අපට (පෘථිවියට) ආලෝකය ඒමට ගතවන කාලය මිනිත්තු 8.6 කි. 
ලැබුණු දත්ත අනුව, LHS 475 b ග්‍රහලොවේ උෂ්ණත්වය පෘථිවියේ උෂ්ණත්වයට වඩා අංශක සිය ගණනකින් වැඩි යැයි අනුමාන කෙරේ. එමෙන්ම, මෙම නව ග්‍රහලොව දින දෙකකින් කක්ෂයක් සම්පූර්ණ කරන බව ද පැවැසෙයි. විශ්වයේ ඈත මෙවැනි ග්‍රහලෝක සොයා ගැනීම පහසු නොවෙයි. ඒවා පහසුවෙන් දකින්න ලැබෙන්නේ නැත. 

කෙසේ නමුත් ජේම්ස් වෙබ් දුරේක්ෂය, මීට පෙර අභ්‍යවකාශයේ රැඳවූ අභ්‍යවකාශ දුරේක්ෂ මෙන් නොව, එය නිදවා ඇති තාක්ෂණය අපූරු එකකි. LHS 475 b ග්‍රහලොව සොයා ගැනීමට උපකාරී වූයේ එම තාක්ෂණයයි. ජේම්ස් වෙබ් දුරේක්ෂය සුවිශේෂී එකකි. විද්‍යාඥයන් මෙම දුරේක්ෂක හඳුන්වන්නේ ‘අතීයට නෙත් හෙලන’ දුරේක්ෂය යනුවෙනි. ‘අතීයට නෙත් හෙලනවා’ යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? 

මේ දුරේක්ෂය කාලතරණය කළ හැකි කාල යන්ත්‍රයක්ද? එක්තරා විදිහකට මෙම ජේම්ස් වෙබ් දුරේක්ෂය කාල යන්ත්‍රයක් වැනිය. පෘථිවියේ සිට සැතපුම් මිලියනයක් ඈතින් රැඳවෙන දුරේක්ෂය, පෘථිවිය වටා කක්ෂගත වනු ඇත්තේ තාරකාවලින් සහ මන්දාකිණිවලින් විහිදෙන ආලෝකය ස්කෑන් (පරීක්ෂා) කරමිනි. 
මෙම දුරේක්ෂයට තාරකාවලින් සහ මන්දාකිණිවලින් විහිදෙන ආලෝකය, ආලෝක වර්ෂ බිලියන 13.7 ක් ආපස්සට නිරීක්ෂණය කිරීමේ හැකියාව ද ඇත. එසේ කළ හැකි වන්නේ මෙය රඳවා ඇත්තේ පෘථිවියේ සිට බොහෝ ඈත අභ්‍යවකාශයේ නිසාය. ජේම්ස් වෙබ් දුරේක්ෂයට, රත්තරන්වලින් නිර්මාණය කළ දර්පන (කණ්ණාඩි) සවි කර තිබේ. මේ දර්පන රැසක් සහ ප්‍රධාන දර්පනයක් ඊට අයත් වෙයි. ප්‍රධාන දර්පනයේ පළල අඩි 21 කි. 

ජේම්ස් වෙබ් දුරේක්ෂය විශ්වයේ රැඳවීම විශ්වය ගවේෂණයේ සන්ධිස්ථානයකි. ඉදිරි දශකය පුරාවට, තව තවත් විශ්වයේ මෙතෙක් සොයා නොගත් රහස් රැසක් අනාවරණය කර ගැනීමට දුරේක්ෂය උදව් වේවි යැයි නාසා ආයතනය පැහැදිලි කර ඇත.

෴ උපුටා ගැනීම - Daily Mail

Classified_Ad

Classified_Ad_News_Bottom