ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට

පාපන්දු ලෝක කුසලානය 2022

3020
USA vs Netherlands, Argentina vs Australia

ලෝක පාපන්දු පිටිය උණුසුම් කරමින් කටාර් හිදී පැවැත්වෙන පාපන්දු ලෝක කුසලානයේ අවසන් 16 දෙනාගේ වටය ආරම්භ කරමින් පැවති තරගවලින් ජයග්‍රහණ වාර්තා කරන්නට ආජන්ටිනාවට සහ නෙදර්ලන්තය සමත් වුනා.

ආජන්ටිනාව සහ ඕස්ට්‍රේලියාව

තරගාවලියේ පෙරළිකාරී කණ්ඩායමක් වූ ඕස්ට්‍රේලියාව ගෝල 2-1ක් ලෙස පරදවා ජයග්‍රහණය ලබා ගන්නට ප්‍රබල ආජන්ටිනාව සමත් වුනා.

මෙම තීරණාත්මක තරගයේ පළමු ගෝලය වාර්තා කළේ සුපිරි ක්‍රීඩක Lionel Messi විසිනුයි. 35 වැනි මිනිත්තුවේ දී ලැබුණු පන්දුවක් අලංකාර පහරක් මගින් ගෝලයට එල්ල කරමින් ඔහු එම ගෝලය වාර්තා කළා.

පළමු අර්ධයේ දී ගෝලයක් ලබා ගැනීමට අවස්ථාවක් නිර්මාණය කර ගැනීමට ඕස්ට්‍රේලියාවට නොහැකි වීම නිසා එම අර්ධය අවසන් වුනේ ආජන්ටිනාව පෙරමුණේ තබමිනුයි.

තරගයේ වැඩි ආධිපත්‍ය ආජන්ටිනාවට දිනා දෙමින් ඕස්ට්‍රේලියා ක්‍රීඩකයෙකු සිදු කළ වරදකින් ප්‍රයෝජන ගත් ආජන්ටිනා ක්‍රීඩක Julian Alvarez 57 වැනි මිනිත්තුවේ දී දෙවැනි ගෝලය වාර්තා කළා.

Argentinaමෙතෙක් වෙලා තරගයේ නිහඬව සිටි ඕස්ට්‍රේලියාවට තරගයට පිවිසීමට අවස්ථාවක් හිමි වුනේ ආජන්ටිනා ක්‍රීඩක Enzo Fernandez එල්ල කළ පන්දුවක් ඔවුන්ගේම ගෝලය තුළට යොමු වීම නිසයි.

එම ගෝලයෙන් පසුව ඕස්ට්‍රේලියා ක්‍රීඩකයින් ගෝල ලබා ගැනීමට ආසන්න පහරවල් කිහිපයක්ම එල්ල කළත්, ඒ සියල්ලම වැළැක්වීමට ආජන්ටිනා ආරක්ෂක ක්‍රීඩකයින්ට සහ ගෝල රකින්නාට හැකි වුනා.

එම නිසාවෙන් තරගය ජයග්‍රහණය කරමින් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට ආජන්ටිනාවට හැකි වුනේ ලෝක කුසලාන සිහිනයට තවත් පියවරක් ළං වෙනුමිනුයි.

අවසන් ලකුණු තත්වය: ආජන්ටිනාව 02 – 01 ඕස්ට්‍රේලියාව

ගෝල රැස් කළ ක්‍රීඩකයින්,

  • ආජන්ටිනාව: Lionel Messi 35’, Julian Alvarez 57’, Enzo Fernandez 77’ (OG)

නෙදර්ලන්තය සහ ඇමරිකා එක්සත් ජනපදය

ප්‍රබල නෙදර්ලන්තයට ආරම්භයේ දී ම පීඩනයක් එල්ල කරමින් ගෝලයක් වාර්තා කිරීමට ඉතා ආසන්න අවස්ථාවක් තුන්වැනි මිනිත්තුවේ දී ලැබූ නමුත් එය සාර්ථක කර ගැනීමට Christian Pulisicට හැකි වුනේ නැහැ.

10 වැනි මිනිත්තුවේ දී ලැබුණු පන්දුවක් ඉතා සාර්ථකව ගෝලය තුළට එල්ල කරමින් තරගයේ ගෝල ලබා ගැනීම ආරම්භ කිරීමට නෙදර්ලන්ත ක්‍රීඩක Memphis Depayට හැකි වුනා.

පළමු අර්ධයේ අමතර කාලයේ දී ලැබුණු පන්දුවක් ප්‍රතිවාදී ගෝල රකින්නා පසු කර ගෝලයට එල්ල කරමින් සිය කණ්ඩායමට දෙවැනි ගෝලය වාර්තා කිරීමට නෙදර්ලන්ත ක්‍රීඩක Daley Blindට හැකි වුනේ පළමු අර්ධයේ වැඩි ගෞරව සිය කණ්ඩායමට ගෙන දෙමිනුයි.

Netherlandsඇමරිකානු ක්‍රීඩකයින් නැවත තරගයට ගෙන එමින් 76 වැනි මිනිත්තුවේ දී ගෝලයක් ලබා ගැනීමට Haji Wright සමත් වුනේ Christian Pulisic ලබා දුන් පන්දුවක් සාර්ථකව ගෝලයට එල්ල කරමිනුයි.

නමුත් ඇමරිකානුවන්ගේ සතුට කෙටි වේලාවකට සීමා කරමින් 81 වැනි මිනිත්තුවේ ලැබුණු පන්දුවක් ගෝලය තුළට යොමු කරමින් සිය දෙවැනි ගෝලය වාර්තා කිරීමට Daley Blind සමත් වුනා.

එම ගෝලයත් සමඟ තරගයේ ජයග්‍රහණය තහවුරු කර ගනිමින් අවසන් කණ්ඩායම් 08 අතරට පිවිසීමට නෙදර්ලන්තයට හැකි වුනා.

අවසන් ලකුණු තත්වය: නෙදර්ලන්තය 03 – 01 ඇමරිකා එක්සත් ජනපදය

ගෝල රැස් කළ ක්‍රීඩකයින්,

  • නෙදර්ලන්තය: Memphis Depay 10’, Daley Blind 45+1’ & 81’
  • ඇමරිකාව: Haji Wright 76’

තරගාවලියේ තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<