Greys අපරාජිතව පෙරමුණට

කාන්තා සුපිරි කණ්ඩායම් හතරේ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය 2022

996
Women’s Super Four T20 Tournament 2022

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන 2022 කාන්තා සුපිරි කණ්ඩායම් හතරේ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවැනි දිනය අද (3) කොළඹ BRC ක්‍රීඩාංගණයේ දී නිමාව දුටුවා.

එහි පැවති තරග දෙකේ දී Greys සහ Greens අතර තරගයෙන් ලකුණු 26ක ජයක් ලබා ගන්නට Greys සමත් වුනු අතර, Reds සහ Blues අතර තරගය අවසන් වුනේ ප්‍රතිඵලයක් රහිතවයි. ඒ අයහපත් කාලගුණ තත්වය නිසාවෙනුයි.

Greys – Greens තරගයේ දී Greys ක්‍රීඩිකා හංසිමා කරුණාරත්න ලබා ගත් ලකුණු 36 සහ ඉමල්කා මෙන්ඩිස් ලබා ගත් ලකුණු 31 නිසාවෙන් ඔවුන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 6ක් දැවී ලකුණු 104ක් ලබා ගන්නට හැකි වුනා. උදේශිකා ප්‍රබෝධනී කඩුලු 3යි.

පිළිතුරු ඉනිම දියත් කළ Greens කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 9ක් දැවී ලබා ගන්නට හැකි වුනේ ලකුණු 78ක් පමණයි. එහි දී දකුණතින් පිට දඟපන්දු යවන ඉනෝශි ප්‍රනාන්දු කඩුලු 3ක දස්කමක් වාර්තා කළා.

Reds සහ Blues තරගයේ පළමුව පන්දුවට පහර දුන් Reds වෙනුවෙන් මල්ෂා ශෙහානි ලකුණු 22ක් ලබාගෙන ඉනිමේ වැඩිම ලකුණු ලාභිනිය වුනා.

අවසනයේ දී ඔවුන් නියමිත පන්දුවාර 20 තුල කඩුලු 7ක් දැවී ලකුණු 109ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිම දියත් කරමින් සිටි Blues පන්දුවාර 4කුත් පන්දු 4ක් අවසානයේ කඩුල්ලක් දැවී ලකුණු 34ක් ලබාගෙන සිටිය දී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුනා.

ඒ වන විට ක්‍රීඩා කරමින් සිටි Blues නායිකා චමරි අතපත්තු පන්දු 17ක දී නොදැවී ලකුණු 28*ක් ලබාගෙන සිටියා.

Greys සහ Greens තරගය

Greys – 104/6 (20): හංසිමා කරුණාරත්න 36, ඉමල්කා මෙන්ඩිස් 31, කෞශිනි නුත්‍යංගනා 21*, උදේශිකා ප්‍රබෝධනී 3/15, නිමේෂා මදුභාශිනි 2/18.

Greens – 78/9 (20): සුමුදු නිසංසලා 21, රශ්මි සිල්වා 20, ඉනෝශි ප්‍රනාන්දු 3/14, තරුෂි රාජකරුණා 2/08, විහාර සෙව්වන්දි 2/15.

Greys කණ්ඩායමට ලකුණු 26ක ජයක්

Reds සහ Blues තරගය

Reds – 109/7 (20): මල්ෂා ශෙහානි 22, සඳුනි සිල්වා 16, සත්‍යා සංදීපනී 2/20.

Blues – 34/1 (4.4): චමරි අතපත්තු 28*

තරගාවලියේ සියලුම තොරතුරු දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<