LPL තරගාවලියට විදෙස් විනිසුරුවන් දෙදෙනෙක්

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022

2397

මෙම මාසයේ දී ආරම්භ වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස තරගාවලිය සඳහා තරග තීරකයින් සහ විනිසුරුවරයන් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

තෙවැනි වරට පැවැත්වෙන මෙම තරගාවලියේ පළමු වරට තරගාවලිය සඳහා විදෙස් විනිසුරුවන් දෙදෙනෙක් නම් කර ඇති අතර නවසීලන්ත විනිසුරු Wayne Knight සහ බටහිර ඉන්දීය කොදෙව් විනිසුරු Gregory Braithwaite එම විනිසුරුවන් වනවා..

“ජාත්‍යන්තර විනිසුරුවරුන් දෙදෙනෙක් මෙම තරගාවලියට නම් කිරීම තරගාවලියේ ගුණාත්මක බව ඉහළ නැංවීමේ පියවරක්. Wayne Knight සහ Gregory Braithwaite යන විනිසුරුවන් අනෙක් විනිසුරුවරයන් සමඟ එක්ව තරගාවලියේ විනිශ්චය කටයුතු සිදු කරයි,” යැයි තරගාවලියේ අධ්‍යක්ෂක සමන්ත දොඩංවල ප්‍රකාශ කළා.

දෙසැම්බර් 06 වැනිදා ආරම්භ වන මෙම තරගාවලිය සඳහා තරග තීරකයින් 4ක් සහ විනිසුරුවන් 11 දෙනෙක් නම් කර තිබෙනවා.

තරගාවලියේ තරග තීරකයින්

  • ග්‍රේම් ලැබ්රෝයි – ICC තරග තීරක
  • වෙන්ඩල් ලැබ්රෝයි – ICC තරග තීරක
  • මනෝජ් මෙන්ඩිස් – පළමුපෙළ තරග තීරක
  • ප්‍රදීප් ජයප්‍රකාශ් – පළමුපෙළ තරග තීරක

තරගාවලියේ විනිසුරුවරයන්

  • කුමාර ධර්මසේන – ICC Elite විනිසුරු
  • රවින්ද්‍ර විමලසිරි – ජාත්‍යන්තර විනිසුරු
  • රුචිර පල්ලියගුරුගේ – ජාත්‍යන්තර විනිසුරු
  • Wayne Knights – ජාත්‍යන්තර විනිසුරු
  • Gregory Braithwaite – ජාත්‍යන්තර විනිසුරු
  • ලිංඩන් හැනිබල් – ජාත්‍යන්තර විනිසුරු
  • ප්‍රගීත් රඹුක්වැල්ල – ජාත්‍යන්තර විනිසුරු
  • Ranmore Martinez – ජාත්‍යන්තර විනිසුරු
  • රවීන්ද්‍ර කොට්ටච්චී – පළමු පෙළ විනිසුරු
  • චාමර ද සොයිසා – පළමු පෙළ විනිසුරු
  • චන්ද්‍රික අමරසිංහ – පළමු පෙළ විනිසුරු

2022 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තොරතුරු එසැණින් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<