DSI පාසල් වොලිබෝල් අවසන් තරග සතිඅන්තයේ දී

DSI පාසල් වොලිබෝල් ශූරතාවය 2022

838

ශ්‍රී ලංකා වොලිබෝල් සංගමය, පාසල් වොලිබෝල් සංගමය සහ DSI ආයතනය එක්ව සංවිධානය කරන DSI පාසල් වොලිබෝල් ශූරතාවයේ අවසන් මහා තරග මෙම සතිඅන්තයේ පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව අවසන් මහා තරග සෙනසුරාදා (03) සහ ඉරිදා (04) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

මෙම තරගාවලිය තරග අවුරුදු 11න් පහළ, 13න් පහළ, 15න් පහළ, 17න් පහළ, සහ 19න් පහළ යන වයස් කාණ්ඩ යටතේ පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ තරග පැවැත්වෙන ආකාරය සහ කණ්ඩායම්,

දිනය තරඟ අංකය වේලාව වයස් කාණ්ඩය කණ්ඩායම්
2022 දෙසැම්බර් 03 අංක 01 පෙ.ව 8.00 11න් පහළ බාලිකා ධම්මිස්සර ජාතික පාසල, නාත්තන්ඩිය සහ

පලුගොල්ල යාය 10 ම.වි.,ගල්ගමුව

අංක 02 පෙ.ව 9.30 11න් පහළ බාලක ධම්මිස්සර ජාතික පාසල, නාත්තන්ඩිය සහ

ජනාධිපති ජාතික පාසල, නාත්තන්ඩිය

අංක 03 පෙ.ව 11.00 13න් පහළ බාලිකා හුුංගම විජයබා ජාතික පාසල, හම්බන්තොට සහ ධම්මිස්සර ජාතික පාසල, නාත්තන්ඩිය
අංක 04 ප.ව 12.30 13 න් පහළ බාලක ධම්මිස්සර ජාතික පාසල, නාත්තන්ඩිය සහ

ජනාධිපති ජාතික පාසල, නාත්තන්ඩිය

අංක 05 ප.ව 2.30 15න් පහළ බාලිකා උහන තිස්සපුර විද්‍යාලය, උහන සහ

හුුංගම විජයබා ජාතික පාසල, හම්බන්තොට

අංක 06 ප.ව 4.00 15න් පහළ බාලක ජනාධිපති ජාතික පාසල, නාත්තන්ඩිය සහ

වළගම්බා ම.වි., ගලපිටමඩ

2022 දෙසැම්බර් 04  

අංක 01

 

පෙ.ව 8.00

17න් පහළ බාලිකා උහන තිස්සපුර විද්‍යාලය, උහන සහ

හුුංගම විජයබා ජාතික පාසල, හම්බන්තොට

අංක 02 පෙ.ව 10.00 17න් පහළ බාලක ලොයොලා විද්‍යාලය, මීගමුව සහ

පන්නල ජාතික පාසල, පන්නල

අංක 03 ප.ව 1.00 19න් පහළ බාලිකා උහන තිස්සපුර විද්‍යාලය, උහන සහ

ගන්කන්ද මධ්‍ය විද්‍යාලය, පැල්මඩුල්ල

අංක 04 ප.ව 3.00 19 න් පහළ බාලක දවිසමර මහා විද්‍යාලය, සිදුව සහ

ජෝසප් වාස් විද්‍යාලය, වෙන්නප්පුව

හෙට (03) පැවැත්වෙන 15න් පහළ බාලක අවසන් මහා තරගය රාජ්‍ය අමාත්‍ය ගරු විජිත බේරුගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර ඉරිදා (04) පැවැත්වෙන 19න් පහළ බාලක අවසන් මහා තරගය අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න <<