කොස්ටාරිකාව සහ මොරොක්කෝව පෙරළිකාරී ජයග්‍රහණ ලබයි

පාපන්දු ලෝක කුසලානය 2022

1231

කටාර් හී පැවැත්වෙන පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ඊයේ (27) පැවති තරගවලින් ජයග්‍රහණ ලබා ගැනීමට කොස්ටාරිකාව, මොරොක්කෝව සහ Croatiaට හැකි වුනා.

එමෙන්ම දිනයේ පැවති උණුසුම්ව තරගය වූ ජර්මනිය සහ ස්පාඤ්ඤය අතර තරගය අවසන් වුනේ සමවයි.

කොස්ටාරිකාව සහ ජපානය

ජර්මනිය හමුවේ ලැබූ පෙරළිකාරී ජයග්‍රහණය නිසා මෙම තරගය ජපානය ජය ගනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කළා.

තරගයේ පළමු අර්ධයේ සිටම ජපානයට දැඩි පීඩනයක් එල්ල කරමින් තරගයේ පන්දු පාලනයෙන් පෙරමුණේ රැඳීමට කොස්ටාරිකාව ක්‍රීඩකයින්ට හැකි වුනා.

නමුත් තරගයේ පළමු අර්ධය තුළ කිසිදු ගෝලයක් වාර්තා කිරීමට කණ්ඩායම් ද්විත්වයටම හැකි වුනේ නැහැ.

81 වැනි මිනිත්තුවේ දී ජපාන ක්‍රීඩකයින් ද මවිතයට පත් කරමින් පළමු ගෝලය වාර්තා කිරීමට Keysher Fuller Spenceට හැකි වුනා. ඔහු ගෝලයට එල්ල කළ පහර එතරම් හොඳ පහරක් නොවුනත් ජපාන ගෝල රකින්නාට එය නැවතීමට හැකි වුනේ නැහැ.

අවසන් ලකුණු තත්වය: ජපානය 00 – 01 කොස්ටාරිකාව

ගෝල ලබා ගත් ක්‍රීඩකයින්,

  • · කොස්ටාරිකාව: Keysher Fuller Spence 81’

බෙල්ජියම සහ මොරොක්කෝව

ලෝක ශ්‍රේණිගත කිරීම් හී ඉහළ තැනක පසු වන බෙල්ජියමය ගෝල 2-0ක් ලෙස පරාජය කිරීමට මොරොක්කෝවට හැකි වුනා.

තරගයේ ආරම්භයේ සිටම සිය ප්‍රබලත්වය පෙන්වීමට ජර්මනියට හැකි වුවත් ගෝල ලබා ගැනීමට ලැබූ අවස්ථා සාර්ථක කර ගැනීමට ඔවුන්ට හැකි වුනේ නැහැ.

පළමු අර්ධයේ අවසන් මිනිත්තු කිහිපයේ දී මොරොක්කෝ ක්‍රීඩකයින් නිදහස් පහරක් මඟින් අලංකාර ගෝලයක් වාර්තා කිරීමට හැකි වූවත් එය නැවත නැරඹීමෙන් පසුව ක්‍රීඩක අනිසි ස්ථානගත වීමක් නිසා අවලංගු කිරීමට විනිසුරුවරයා තීරණය කළා.

73 වැනි මිනිත්තුවේ දී බෙල්ජියම් ආධිපත්‍ය පසුපසට දමමින් තරගයේ පළමු ගෝලය වාර්තා කිරීමට මොරොක්කෝ ක්‍රීඩක Romain Saissට හැකි වුනා.

බෙල්ජියම් ක්‍රීඩකයින්ගේ ලෝක කුසලාන බලාපොරොත්තුවලට ද යම් ප්‍රශ්නාර්ථයක් ගෙන දෙමින් තරගයේ අවසන් අතිරේක කාලයේ ගෝලයක් වාර්තා කරමින් සිය කණ්ඩායමේ ජය තහවුරු කිරීමට Abderrazak Hamdallahට හැකි වුනා.

අවසන් ලකුණු තත්වය: මොරොක්කෝව 02 – 00 බෙල්ජියම

ගෝල ලබා ගත් ක්‍රීඩකයින්,

  • මොරොක්කෝව: Romain Saiss 73’, Abderrazak Hamdallah 90+1

කැනඩාව සහ Croatia

පළමු අර්ධය ආරම්භයේ සිට පන්දු පාලනයෙන් කැනඩාව තරගයේ දෙවැනි මිනිත්තුවේ ම ලෝක අනුශූරයින්ට දැඩි පීඩනයක් එල්ල කළේ Alphonso Davies ලබා ගත් ගෝලය නිසයි.

නමුත් 36 වැනි මිනිත්තුවේ දී ලැබූ පන්දුවක් ගෝලයට එල්ල කරමින් ගෝල ලබා ගැනීම ආරම්භ කරමින් ගෝල තත්වය සම කිරීමට Croatia ක්‍රීඩක Andrej Kramaricට හැකි වුනා.

එයින් කෙටි වේලාවකට පසුව ක්‍රියාත්මක වූ Marko Livaja පන්දුව ගෝලයේ වම් කෙළවරට එල්ල කරමින් තවත් ගෝලයක් වාර්තා කළේ පළමු අර්ධය අවසානයේ Croatiaව පෙරමුණේ තබමිනුයි.

සාර්ථක පළමු අර්ධයකින් පසුව 70 වැනි මිනිත්තුවේ දී නැවතත් ක්‍රියාත්මක වූ Andrej Kramaric සිය දෙවැනි ගෝලය වාර්තා කරමින් තරගයේ වැඩි ගෞරව සිය කණ්ඩායමට ගෙන ආවා.

තරගය අවසන් වීමට ඉතාමත් සුළු වේලාවක් ඉතිරිව තිබිය දී කැනඩා ගෝල රකින්නා සිදු කළ වරදකින් ප්‍රයෝජන ගත් Croatia ක්‍රීඩක Lovro Majer සිය කණ්ඩායමට පහසු ජයක් තහවුරු කළා.

අවසන් ලකුණු තත්වය: කැනඩාව 01 – 04 Croatia

ගෝල ලබා ගත් ක්‍රීඩකයින්,

  • කැනඩාව: Alphonso Davies 2’
  • Croatia – Andrej Kramaric 36’ & 70’, Marko Livaja 44’, Lovro Majer 90+4’

ජර්මනිය සහ ස්පාඤ්ඤය

දිනයේ වැඩිම අවධානය දිනා ගත් හිටපු ලෝක ශූරයින් දෙදෙනෙකුගේ සටනක් වූ මෙම තරගය අවසන් වුනේ ගෝල 1-1ක් ලෙසයි.

ජපානය හමුවේ ලද අනපේක්ෂිත පරාජයෙන් පසුව ජර්මනියට මෙම තරගය ඉතා වැදගත් වූ අතර ඔවුන් තරග ආරම්භයේ සිටම ඉතා දක්ෂ ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කරන්නට වුනා.

තරගයේ 40 වැනි මිනිත්තුවේ දී ලැබූ නිදහස් පහරකින් යොමු වූ පන්දුවක් හිසින් ගෝලයට එල්ල කරමින් ගෝලයක් වාර්තා කිරීමට Antonio Rudigerට හැකි වූවත් එය ක්‍රීඩක අනිසි ස්ථානගත වීමක් නිසාවෙන් අවලංගු වුනා.

එම අර්ධය තුළ ගෝල ලබා ගැනීමට කණ්ඩායම් දෙකට ම හැකි වුනේ නැහැ.

දෙවැනි අර්ධය තුළ ඉතා හොඳ ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කරමින් ගෝලයක් ලබා ගැනීමට ස්පාඤ්ඤයට හැකි වුනේ Alvaro Morata 62’ වැනි මිනිත්තුවේ දී ලබා ගත් ගෝලය නිසයි.

සිය ලෝක කුසලාන බලාපොරොත්තු බොඳ වීමට ඉතා කෙටි වේලාවක් ඉතිරිව තිබිය දී ක්‍රියාත්මක වූ ජර්මන් ක්‍රීඩක Niclas Fullkrug ගෝලය අසල සිට ගෝලයට පහරක් එල්ල කරමින් ගෝලයක් රැස් කළා.

අවසන් ලකුණු තත්වය: ජර්මනිය 01 – 01 ස්පාඤ්ඤය

ගෝල රැස් කළ ක්‍රීඩකයින්,

  • ජර්මනිය: Niclas Fullkrug 86’
  • ස්පාඤ්ඤය: Alvaro Morata 62

2022 පාපන්දු ලෝක කුසලානයේ සියලූම තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<