මෙසී නැවතත් සාර්ථකයි; ආජන්ටිනාව දෙවැනි තැනට

පාපන්දු ලෝක කුසලානය 2022

1714

කටාර් හී පැවැත්වෙන පාපන්දු ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (26) මෙතෙක් පැවති තරගයන්ගෙන් ඕස්ට්‍රේලියාව, ආජන්ටිනාව, පෝලන්තය සහ ප්‍රංශය ජයග්‍රහණ ලැබුවා.

ආජන්ටිනාව සහ මෙක්සිකෝව

Lusail Iconic ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගය ආජන්ටිනාවට ඉතා තීරණාත්මක වුජේ ඔවුන් සෞදි අරාබිය හමුවේ ලැබූ අනපේක්ෂිත පරාජය නිසයි.

තරගය ආරම්භයේ සිට උණුසුම් මුහුණුවරක් ගත් අතර පළමු අර්ධයේ අවසන් මිනිත්තු කිහිපය වන තුරුම දෙපිලටම පන්දුව ගෝලයට එල්ල කිරීමට හෝ අවස්ථාව ලැබුණේ නැහැ.

පළමු අර්ධයේ අවසාන මිනිත්තුවේ දී මෙක්සිකෝ ක්‍රීඩකයෙකු පන්දුව ගෝලයට එල්ල කළත් එය දක්ෂ ලෙස නවතාලීමට ආජන්ටිනා ගෝල රකින්නාට හැකි වුනා.

තරගයේ 61 වැනි මිනිත්තුවේ දී Di Maria ලබා දුන් පන්දුවක් ගෝලයේ දකුණ් කෙළවරින් දැල තුළට ඇතුළු කිරීමට සුපිරි ක්‍රීඩක Leo Messiට හැකි වුනේ ආජන්ටිනාව තරගයේ පෙරමුණට ගෙන එමිනුයි.

ආජන්ටිනා ක්‍රීඩකයින්ට ගෝල අවශ්‍ය වූ මොහොතේ ක්‍රියාත්මක වූ Enzo Fernandez කැපී පෙනෙන පන්දු පහරක් ගෝලය තුළට එල්ල කරමින් ආජන්ටිනාවේ ජයග්‍රහණය තහවුරු කළා.

ඒ සමඟ පළමු තරගයේ අමිහිරි පරාජයෙන් පසු ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි තැන දක්වා ඉදිරියට ඒමට ආජන්ටිනාවට හැකි වුනා.

අවසන් ලකුණු තත්වය: ආජන්ටිනාව 02 – මෙක්සිකෝව

ගෝල රැස් කළ ක්‍රීඩකයින්,

  • ආජන්ටිනාව : Leo Messi 61′, Enzo Fernandez 87′

ඕස්ට්‍රේලියාව සහ ටියුනීසියාව

තරගයේ 23 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ ඕස්ට්‍රේලියා ක්‍රීඩක Mitchell Duke තරගයේ පළමු ගෝලය වාර්තා කළා.

එම අර්ධය තුළ ගෝලයක් ලබා ගැනීමට ටියුනීසියාවට අවස්ථා කිහිපයක්ම හිමිවූවත් එක අවස්ථා සාර්ථක කර ගැනීමට ඔවුන්ට හැකි වුනේ නැහැ.

පළමු අර්ධයට වඩා වැඩි ආධිපත්‍යයක් දෙවැනි අර්ධය තුළ රඳවා ගැනීමට ටියුනීසියාවට හැකි වූවත් ගෝලයක් ලබා ගැනීමට ඔවුන්ට හැකි වුනේ නැහැ.

එම අර්ධය තුළ ගෝල ලබා ගැනීමට ඕස්ට්‍රේලියාවට ද නො හැකි වූ නමුත් තරගය ජයග්‍රාහීව අවසන් කිරීමට ඔවුන්ට හැකි වුනා.

අවසන් ලකුණු තත්වය : ඕස්ට්‍රේලියාව 01 – 00 ටියුනීසියාව

ගෝල රැස් කළ ක්‍රීඩකයින්,

ඕස්ට්‍රේලියාව: Mitchell Duke 23′


සෞදි අරාබිය සහ පෝලන්තය

Education City ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ 39 වැනි මිනිත්තුවේ දී පළමු ගෝලය වාර්තා කිරීමට Piotr Zielinski ට හැකි වුනේ Robert Lewandowski ලබා දුන් පන්දුවක් ගෝලයට එල්ල කරමිනුයි.

සිය පසුබෑම නිවැරදි කර ගනිමින් ගෝලයක් වාර්තා කිරීම සඳහා දඬුවම් පහර අවස්ථාවක් තරගයේ 45 වැනි මිනිතුතුවේ දී හිමි වූ නමුත් Salem Al Dawsari එල්ල කළ එම පහර සාර්ථකව නවතාලීමට Wojciech Szczesnyට හැකි වුනා.

එලෙස පෝලන්ත ගෝල රකින්නාගේ අතෙහි වැදී නැවත පැමිණි පන්දුව දඬුවම් රාමුවේ සිට ලබා ගනිමින් සෞදි ක්‍රීඩක Mohammed Al Breik නැවතත් ගෝලයට එල්ල කලත් එම පහර ද ඉතාමත් සාර්ථක ලෙස වැළැක්වීමට Wojciech Szczesnyට හැකි වුනේ සෞදි ක්‍රීඩකයින් ද පුදුමයට පත් කරමිනුයි.

නැවතත් තරගයේ 55 වැනි මිනිත්තුවේ දී Salem Al Dawsari එල්ල කළ පහරක් අති දක්ෂ ලෙස නවතාලීමට Wojciech Szczesnyට හැකි වුනේ පෝලන්තය තවදුරටත් පෙරමුණේ තබමිනුයි.

සිය ගෝල රකින්නා සුපිරි දස්කම් දක්වන අතරවාරයේ දී ක්‍රියාත්මක වූ සුපිරි ක්‍රීඩක Robert Lewandowski ප්‍රතිවාදී ක්‍රීඩකයෙකුගෙන් සිදු වූ අත්වැරැද්දක් ප්‍රයෝජනයට ගනිමින් තරගයේ දෙවැනි ගෝලය වාර්තා කරමින් සිය කණ්ඩායමේ ජය තහවුරු කළා.

අවසන් ලකුණු තත්වය: පෝලන්තය 02 – 00 සෞදි අරාබිය

  • පෝලන්තය: Piotr Zielinski 39’, Robert Lewandowski 82’

ප්‍රංශය සහ ඩෙන්මාර්කය

සුවිශේෂී වූ 974 ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගය අවසන් වුනේ

ලෝක කුසලානයට පෙර සහ ලෝක කුසලානය අතරවාරයේ සිදු වූ ආබාධ නිසා ප්‍රබල ක්‍රීඩකයින් රැසක් අහිමි ව මෙම තරගයට පිවිසි ප්‍රංශය ක්‍රීඩකයින් ගෝල ලබා ගැනීමට ආසන්නතම පහරවල් කිහිපයක්ම එල්ල කලත් ඒ සියල්ල දක්ෂ ලෙස නැවැත්වීමට Kasper Schmeichelට හැකි වුනා.

එම අර්ධය තුළ පන්දු පාලනයෙන් ඉදිරියෙන් සිටීමට ඩෙන්මාර්ක් ක්‍රීඩකයින්ට හැකි වූවත් ඔවුන්ට ද ගෝලයක් ලබා ගැනීමට හැකි වුනේ නැහැ.

සිය කණ්ඩායමට අවශ්‍යම මොහොතේ ක්‍රියාත්මක වූ Kylian Mbappe තරගයේ පළමු ගෝලය රැස් කරමින් ප්‍රංශය පෙරමුණට ගෙන ඒමට සමත් වුනේ තරගයේ 61 වැනි මිනිත්තුවේ දී යි.

ප්‍රංශ ක්‍රීඩකයින්ගේ සතුට වැඩි වේලාවක් රඳවා ගැනීමට ඉඩ ලබා නො දුන් ඩෙන්මාර්ක් ක්‍රීඩක Andreas Christensen ගෝල තත්වය සම කළේ පැති පහරක් මගින් දඬුවම් රාමුවට පැමිණි පන්දුවක් හිසින් ගෝලයට එල්ල කරමිනුයි.

නමුත් තරගයේ 86 වැනි මිනිත්තුවේ දී Antoine Griezman ලබා දුන් පන්දුවක් ගෝල රකින්නා පසු කර ගෝලය තුළට එල්ල කරමින් සිය දෙවැනි ගෝලය වාර්තා කිරීමට Kylian Mbappe සමත් වූනා.

ඒ සමඟින් තරගය ගෝල 2-1ක් ලෙස ජය ගනිමින් තරගාවලියේ දෙවැනි ජය වාර්තා කිරීමට ප්‍රංශයට හැකි වුනා.

අවසන් ලකුණු තත්වය : ප්‍රංශය 02 – 01 ඩෙන්මාර්කය

ගෝල රැස් කළ ක්‍රීඩකයින්,

  • ප්‍රංශය : Kylian Mbappe 61’ & 86’
  • ඩෙන්මාර්කය : Andreas Christensen 66’

2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com අප සමඟ.

>> තවත් පාපන්දු පුවත් සඳහා  පිවිසෙන්න <<