ශ්‍රී ලංකා 19න් පහළ බාලිකා නායිකා විශ්මිගෙන් A 9ක දස්කමක්

850

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ බාලිකා කණ්ඩායමේ නායිකා සහ ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ මුල්පෙළ පිතිකාරිනියක් ලෙස කටයුතු කර තිබෙන 17 හැවරිදි විශ්මි ගුණරත්න 2021 වසරේ අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ (O/L) විභාගයෙන් විශිෂ්ට ලෙස සමත් වී තිබෙනවා. ඒ A සාමාර්ථයන් 9ක් දිනාගෙනයි.

විශ්මි ගුණරත්න පාසල් යන්නේ ගම්පහ රත්නාවලි බාලිකා විද්‍යාලයටයි. ඇය මේ අධ්‍යාපනයෙන් දක්වා තිබෙන දස්කම් සේම ක්‍රිකට් ක්‍රීඩාවෙන් සහ රත්නාවලියේ මලල ක්‍රීඩා කණ්ඩායමේ ද ප්‍රබල සාමාජිකාවක් වෙමින් සෑම අංශයකින්ම කැපී පෙනෙන ක්‍රීඩිකාවක් බවට පත්ව තිබෙනවා.

2021 වසරේ දී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ List  A ලැයිස්තුවේ ළාබාලතම ශතකලාභිනිය ලෙස අභිෂේක ලැබීමට සීනිගම කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩා කළ විෂ්මි සමත් වුනා. ඒ තරගයේ දී හලාවත මේරියන්ස් කණ්ඩායමට එරෙහිව සුපිරි ශතකයක් ලබාගෙන එම දස්කම් දැක්වූවා.

එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ බාලිකා පාසල් ක්‍රිකට් තරගාවලියේ දී ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලය නියෝජනය කරමින් ක්‍රීඩා කළ විශ්මි කැකිරාව ජයසිරිපුර මහා විද්‍යාලයට එරෙහිව පන්දු 128කින් නොදැවී ලකුණු 417*ක් ලබාගෙන වාර්තාගත ඉනිමක් දියත් කළා. එම ඉනිම අලංකාර හයේ පහර 29කින් ද හතරේ පහර 49කින් වර්ණවත් වුනා.

එතැනින් නොනැවතුණු විශ්මි ක්‍රිකට් වගේම මලල ක්‍රීඩාවෙනුත් දස්කම් දක්වා තිබෙනවා. 2019 අවුරුද්දේ පැවති ජෝන් ටාබට් මලල ක්‍රීඩා උළෙලේ දී අවුරුදු 15න් පහළ මීටර් 100 සහාය දිවීමේ ඉසව්වේ අවුරුදු 20ක් පැරණි වාර්තාව පිහිටුවන්න විශ්මි ඇතුළු රත්නාවලී කණ්ඩායමට හැකි වුනා.

ඒ වගේම ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ වර්ණ වලට අමතාර්ව විශ්මි හට මීටර් 100 සහ 200 ශ්‍රී ලංකා වර්ණ ලබාගැනීමටත් හැකිවී තිබෙනවා. අධ්‍යාපනය ක්‍රීඩාව සහ ජීවිතය සමබරව ගෙන යාම ඉතාමත් අපහසු කාලයක විශ්මි වැනි දරුවන් මෙවැනි දස්කම් පෙන්වීම මුළු මහත් සමාජයටම හොඳ ආදර්ශයක්.

විශ්මි ThePapare.com අපගෙන් ඔබට හදපිරි සුබ පැතුම්!

ඇය ලබාගත් 2021 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දස්කම පහත පරිදි දැක්වුනා,

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<