October 05, 2022

මේ මොහොත

Translation of the poem 'The Moment' by Linda Pastan

ඔබ නික්ම යාමට පෙර මේ මොහොතේදී
මට කිව හැක්කේ කුමක්ද?
ගිම්හානයේ පැහැදුල් ලා පැහැයන් මැකී යමිනි
ඔබේ සම මත වැටුණු හිරු එළිය
වියැකෙමින් තිබුණත්
තවමත් මගේ මුවට උණුසුම් ව දැනේ

පත්‍රවල පැහැයන්
තද පැහැයට හැරෙද්දීම
ශාරදය නම් පිල් මාරු කරන්නා
වනයේ කෙළවර කල්මරමින් සිටී.
අප දෙපා පාමුළින්ම
ලෝකය නිවෘත්තියෙන් නිවෘත්තියට
ගමන් කරමින් ඇති බව
මට දැනේ

ආලෝකය එක්ක සම්බන්ධ වීම
සෙවනැලි හැඳිනීමක
පූර්වකල්පනයක් බව
රොත්කෝ කියා ඇත
ඔහු අදහස් කළේ
අප දෙදෙන
ගිම්හානය පුරාවටම
මේ මොහොත එනතුරු බලාසිටීමද?

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක

දිනමිණ වසත් සුළඟ- 05.10.2022
photo - Autumn in Melbourne


8 comments:

  1. Replies
    1. ස්තූතියි නවීන්!

      Delete
  2. Replies
    1. ස්තූතියි මුදියන්සේ!

      Delete
  3. මේ කවියෙ ආදරය, විද්‍යාව, කවිසිත ඔක්කොම තියෙනවනෙ. මම ඔරිජිනල් එක හොයන්න ගිහිල්ලා Linda Pastanගෙ කවි තියෙන pdf එකක්ම හම්බවුනා. ඒක කියවන්න කියලා සේව් කරගත්තා.

    solstice=නිවෘත්තිය. අලුත් වචනයක්.

    ReplyDelete
    Replies
    1. Lotus මම පරිවර්තනය කරලා තියෙන සිය ගාණක් කවි අතරින් වැඩියෙන්ම පරිවර්තනය කරලා තියෙන්නේ Linda Pastan ගේ කවි! ඒවා පරිවර්තනය කරන්න ලේසි නිසා කියලාමත් කියන්න බැහැ- ඒත් ඒවා මට මොකක්දෝ resonate වෙන ගතියක් තියෙනවා.හැබැයි ඉතින් ඒකෙන් මේකෙන් දැන් මට සෑහෙන්න මහන්සි වෙන්න ඕන අලුතෙන් පරිවර්තනය කරන්න Lindaගේ කවියක් හොයාගන්න! එහෙම එකක් ලැබුනාම නිධානයක් පහල වුණා වගේ :)
      So if you don't mind can you share the poems that you found with me? Pls email to hotchocdays@gmail.com. පරිවර්තනය කරලා ඔයාලටම කියවන්න දෙන බවට පොරොන්දු වෙනවා!

      solstice=නිවෘත්තිය මමත් කලින් දැනගෙන හිටියේ නැහැ!

      Delete
    2. Very likely you have come across all of it, but will email you shortly.

      "පරිවර්තනය කරලා ඔයාලටම කියවන්න දෙන බවට පොරොන්දු වෙනවා!" තැන්ක් යූ, මලී. ඔව් කවි වල මාතෘකා කියවද්දිත් ඔයා කිව්වා වගේ 'දැනෙන' ගතියක් තියෙනවා.

      Delete
    3. Received, thank you Lotus!

      Delete