දුක්බර පුවතකින් අවසන් වූ ලන්ඩන් මැරතන් තරගය

ලන්ඩන් මැරතන් තරගය 2022

189

ලොව සුප්‍රකට මැරතන් තරගයක් වන ලන්ඩන් මැරතන් තරගය පසුගියදා පැවැත්වුණා.

එම තරගය ආරම්භ වී සැතපුම් 3ක් පමණ අවසන් වූ පසු එයට සහභාගී වූ ක්‍රීඩකයෙකු ඇද වැටුනු අතර පසුව ඔහුට ප්‍රතිකාර ලබා දී රෝහල් ගත කිරීමට වෛද්‍ය නිලධාරින් කටයුතු කර තිබුණා. 36 හැවිරිදි ඔහු රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මිය ගිය බවට එහි සංවිධායකයින් ප්‍රකාශ කර තිබුණා.

“අග්නි දිග එංගලන්තයේ සිට පැමිණි ක්‍රීඩකයෙක් තරගය අතරතුර ඇද වැටුණු අතර ඔහුට එහි දී ඉක්මන් ප්‍රතිකාර ලබා දීමෙන් පසුව ඔහුව ඉක්මණින් රෝහල් ගත කිරීමට කටයුතු කළා. ඒත් ඔහු රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මරණයට පත් වූ බව රෝහල් ආරංචි මාර්ග තහවුරු කළා.”

“ඒ වගේම ඔහුගේ පවුලේ අයගේ ඉල්ලීම මත තොරතුරු හෙළි කිරීමෙන් වැළකී සිටිනවා.”

මෙවර ලන්ඩන් මැරතන් තරගය පසුගිය දා සාර්ථකව නිමාවට පත් වූ අතර එහි කාන්තා තරගයේ ජයග්‍රහණය පැය 2:17.26ක කාලයකින් අවසන් කළ Yalemzerf Yehualawට හිමි වුනා. ලන්ඩන් මැරතන් තරගය ජයග්‍රහණය කළ ලාබලම ක්‍රීඩිකාව ඇය වීම ද විශේෂත්වයක්.

මෙවර ලන්ඩන් මැරතන් තරගයේ පිරිමි කාණ්ඩයේ ජයග්‍රහණය Amos Kipruto විසින් දිනාගත් අතර ඔහුට එම තරගය අවසන් කිරීමට පැය 2:04.39 ක කාලයක් ගතව තිබුණා.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<