ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ආණ්ඩුකාර කුසලානය හෙවත් Governor’s Trophy ක්‍රිකට් තරගාවලිය ඊයේ (28) අවසන් වූයේ United Southern කණ්ඩායමට 2022 වසරේ කුසලානය හිමිකර දෙමින්.
ක්‍රීඩා සමාජ 24ක් අතර, දින 43ක් පුරා තරග 135කින් සමන්විතව පැවැති තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තේ United Southern සහ Leo ක්‍රීඩා සමාජයයි. මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ දී United Southern කණ්ඩායමට කඩුලු 5ක ජයග්‍රහණයක් හිමි වෙනවා.
කණ්ඩායම් දෙක අවසන් තරගය දක්වා ආ ගමන් මග
United Southern ක්‍රීඩා සමාජය | Leo ක්‍රිකට් සමාජය | |
1 | හෙට්ටිපොළ කණ්ඩායමට එරෙහිව ලකුණු 88ක ජයක්. | අඹේපුස්ස සිංහ කණ්ඩායම ඉදිරියේ ලකුණු 26ක පරාජයක්. |
2 | Antonians කණ්ඩායමට එරෙහිව කඩුලු 5ක ජයක් | ආදි ධර්මපාල කණ්ඩායමට එරෙහිව කඩුලු 4ක ජයක්. |
3 | නාරම්මල කණ්ඩායමට එරෙහිව ලකුණු 169ක ජයක්. | Kandy කණ්ඩායමට එරෙහිව කඩුලු 5ක ජයක්. |
4 | ආදි සර්වේසස් කණ්ඩායමට එරෙහිව පැරබෝලා ක්‍රමවේදයට අනුව ජයක්. | Unichela සමග තරගය වර්ෂාව හේතුවෙන අතහැර දමන ලදි. |
5 | Rio සමඟ තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දමන ලදි. | කඳුකර කණ්ඩායම ඉදිරියේ ලකුණු 88ක පරාජයක්. |
6 | ආදි සහිරා තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දමන ලදි. | රජරට කණ්ඩායමට එරෙහිව ලකුණු 69ක ජයක්. |
7 | සඳලංකාව කණ්ඩායමට එරෙහිව ලකුණු 107ක ජයක්. | රත්නපුර කණ්ඩායමට එරෙහිව ලකුණු 112ක ජයක්. |
8 | Kandy Youth කණ්ඩායමට එරෙහිව ලකුණු 85ක ජයක්. | අම්බලන්ගොඩ සිංහ කණ්ඩායමට එරෙහිව කඩුලු 4ක ජයක්. |
9 | කුරුණෑගල කණ්ඩායමට එරෙහිව ලකුණු 122ක ජයක්. | Gesto කණ්ඩායමට එරෙහිව ලකුණු 9ක ජයක්. |
10 | මොරටුව කණ්ඩායමට එරෙහිව ලකුණු 23ක ජයක්. | දිගාමඬුල්ල කණ්ඩායමට එරෙහිව ලකුණු 83ක ජයක්. |
11 | මැලේ කණ්ඩායම ඉදිරියේ කඩුලු 6ක පරාජයක්. | Cruseders කණ්ඩායමට එරෙහිව ලකුණු 48ක ජයක්. |
අවසන් පූර්ව තරග | ||
12 | ආදි ධර්මපාල කණ්ඩායමට එරෙහිව කඩුලු 5ක ජයක්. | මැලේ කණ්ඩායමට එරෙහිව ලකුණු 2ක ජයක්. |
අවසාන මහා තරගය | ||
13 | Leo කණ්ඩායමට එරෙහිව කඩුලු 5ක ජයක්. | United Sothern කණ්ඩායම ඉදිරියේ කඩුලු 5ක පරාජයක්. |
පෙර තරග විමසුම
තරගාවලියේ පළමු වටයේ ප්‍රසාද ලකුණු සටහන අනුව A කාණ්ඩයෙන් පෙරමුණ ගෙන සිටියේ මැලේ ක්‍රීඩා සමාජයයි. ඔවුන් තරග 11කට සහභාගී වෙමින් තරග 10ක් ජයග්‍රහණය කරමින් නොවිසඳුණ තරගයක් සමග අපරාජිතව සිටිමින් ප්‍රසාද ලකුණු 48ක් ලබා සිටියා.
United ක්‍රීඩකයෝ එහි දෙවැනි ස්ථානය ලබා ගන්නේ තරග 11කට සහභාගී වෙමින් තරග 8ක් ජයග්‍රහණය කරමින්, තරගයක් පරාජය වෙමින් සහ තවත් තරග දෙකක නොවිසඳුණ ප්‍රතිඵල සමඟින් ප්‍රසාද ලකුණු 42ක් ලබා ගනිමින්. ඔවුන් පරාජය වූ එක ම තරගය වූයේ මැලේ කණ්ඩායම සමඟ තරගයයි.
B කාණ්ඩයේ තරගවල දී පෙරමුණ ගත්තේ ආදි ධර්මපාල කණ්ඩායමයි. ඔවුන් තරග 11කට මුහුණ දෙමින් තරග 9ක් ජයග්‍රහණය කරමින්, තරගයක් පරාජය වෙමින් සහ අනෙක් තරගය නොවිසඳුණ ප්‍රතිඵල සහිතව ප්‍රසාද ලකුණු 44ක් ලබා ගත්තා.
- ආණ්ඩුකාර කුසලානය United Southern කණ්ඩායමට
- ආසියානු කුසලාන ජයග්‍රහණය අහඹුවක් නෙවෙයි – ජයසූරියගෙන් ධනාත්මක ප්‍රකාශයක්
- කමිඳු මෙන්ඩිස්ට BPL වරම්
- වාස් ෂෝ යුව’ ක්ලාස්
- ශ්‍රී ලංකා Legends කණ්ඩායම අපරාජිතව ඉදිරියට
Leo කණ්ඩායම එහි දෙවැනි ස්ථානයට පත් වූයේ තරග 11කට මුහුණ දෙමින් තරග 8ක ජයග්‍රහණ වාර්තා කරමින් පරාජිත තරග 2ක් සහ නොවිසඳුණ ප්‍රතිඵල සහිත තරගයක් සමඟින් ප්‍රසාද ලකුණු 41ක් ලබා ගනිමින්. ඔවුන් එහි දී පරාජය පත් වූයේ අඹේපුස්ස සිංහ සහ කඳුකර කණ්ඩාම්වලට එරෙහිවයි.
අවසන් පූර්ව වටය
මෙම වටයේ දී ප්‍රසාද ලකුණු පුවරුවේ ඉහළින් ම සිටි කණ්ඩායම් දෙක පරාජය කිරීමට දෙවැනියට ලැයිස්තුගත වූ කණ්ඩායම් දෙක සමත් වීම කැපී පෙණුනා.
එහි දී පළමු අවසන් පූර්ව තරගය ආදි ධර්මපාල සහ United කණ්ඩායම් අතර දොඹගොඩ යුද හමුදා මූලස්ථාන ක්‍රිකට් පිටියේ දී පැවති අතර එහි දී කඩුලු 5කින් පහසු ජයග්‍රහණයක් හිමිකර ගැනීමට United ක්‍රීඩකයෝ සමත් වුනා.
කොළඹ, බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් පිටියේ දී මැලේ සහ Leo කණ්ඩායම් අතර පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේ දී තියුණු තරගයකින් අනතුරුව ලකුණු 2ක ජයග්‍රහණයක් හිමිකර ගැනීමට Leo ක්‍රීඩකයෝ සමත් වුනා.
- පළමු අවසන් පූර්ව තරගය
ආදි ධර්මපාල සහ United Sothern අතර තරගය
- ආදි ධර්මපාල – කඩුලු 8ක් දැවී 190 (50) නෙලුක හේෂාන් 29, තරිඳු අමරසිංහ 49, මධුමාල් වීරසිංහ 45, වෝෂිත අමරසිංහ 3/40, රුසිරු රාජපක්ෂ 3/30
- United – කඩුලු 5ක් දැවී 193 (42.2) වෝෂිත අමරසිංහ 74, පැතුම් මෙන්ඩිස් 20, තරින්ද නිර්මාල් 53, චතුර සුමනතිලක 1/16
United කණ්ඩායමට කඩුලු 5ක ජයක්
- දෙවැනි අවසන් පූර්ව තරගය
මැලේ සහ Leo අතර තරගය
- Leos – සියලුම දෙනා දැවී 214 (49.5) නෙත්මල් සහීර 21, ප්‍රිමාෂ් ඕබ්‍රිස් 57, රසිඳු ප්‍රනාන්දු 21, නිශාන් ජයමාල් 46, ෂෙහාන් ප්‍රනාන්දු 23, මධුශික සඳරුවන් 2/30, සවිඳු උත්සර 2/44
- මැලේ – කඩුලු 9ක් දැවී 212 (50) කළණ මධුශංක 102, මංගල ප්‍රදීප් 25, සුපුන් දිසානායක 3/28, හංසජ විශ්වජිත් 2/46, බුද්ධික ප්‍රසාද් 2/37
Leo කණ්ඩායමට ලකුණු 2ක ජයක්
තරගාවලියේ වැඩිම ලකුණුලාභීන්
Player | Club | Mat | Inns | Runs | HS | Ave | 100 | 50 | |
1 | තරින්ද නිර්මාල් | United Southern SC | 13 | 11 | 445 | 154* | 55.63 | 1 | 2 |
2 | ප්‍රිමාෂ් ඕබ්‍රිස් | Leo SC | 12 | 12 | 422 | 91 | 35.17 | 0 | 3 |
3 | යශාන් අවිශ්ක | Unichela SC | 10 | 10 | 384 | 89 | 42.67 | 0 | 4 |
4 | දිලීප ගයාෂාන් | රජරට ක්‍රී. ස. | 11 | 10 | 371 | 114* | 41.22 | 1 | 1 |
5 | හිරන්ත ජයසිංහ | Antonians SC | 10 | 9 | 370 | 85 | 41.11 | 0 | 4 |
තරගාවලියේ වැඩිම ලකුණුලාභියා ලෙස පත් වූ United කණ්ඩායමේ තරින්ද නිර්මාල් තරගාවලියේ වීරයා ලෙසින් ද නම් කෙරුණා. ඔහුගේ ලකුණු ලැයිස්තුවට සඳලංකාවට එරෙහිව නොදැවී ලබා ගත් ලකුණු 154ක් ද අයත්.
පන්දු 137ක් හතරේ පහර 14ක් සහ හයේ පහර 5ක් ඇතුළත් වූ එම ඉනිම තරගාවලියේ ක්‍රීඩකයෙක් විසින් රැස් කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාව ද වුණා. ඊට අමතර ව Kandy Youth කණ්ඩායමට එරෙහිව ලබා ගන්නා ලද ලකුණු 60ක් සහ ආදි ධර්මපාල කණ්ඩායමට එරෙහිව අවසන් පූර්ව තරගයේ දී ලබා ගන්නා ලද ලකුණු 53ක් ද ඇතුළත්.
මෙම ලැයිස්තුවේ දෙවැනි ස්ථානය Leo කණ්ඩායමේ ප්‍රිමාෂ් ඕබ්‍රිස් සතු වූව ද පළමු වටයේ දී පෑ දක්ෂතා හේතුවෙන් Unichela කණ්ඩායමේ යශාන් අවිශ්ක තරගාවලියේ දක්ෂතම පිතිකරු ලෙස නම් කෙරුණා.
ඔහු තරග 10ක ඉනිම් 10ක පන්දු යවමින් ලකුණු 384ක් ලබා ගත්තා. ඊට Cruseders (51), අම්බලන්ගොඩ සිංහ (64), රත්නපුර (89) සහ රජරට (81) කණ්ඩායම්වලට එරෙහිව ලබා ගන්නා ලද අර්ධ ශතක 4ක් ද ඇතුළත්.
අවසන් මහා තරගයේ වීරයා ලෙසින් නම් කෙරෙන්නේ මෙම ලැයිස්තුවේ 6 වැනි ස්ථානයට ශ්‍රේණිගත වූ United කණ්ඩායමේ පැතුම් මෙන්ඩිස්. ඔහු අවසන් මහා තරගයේ දී පන්දු 90කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 61ක් ලබා ගන්නවා.
එම අර්ධ ශතකයත් සමඟින් ඔහු Antonians කණ්ඩායමට එරෙහිව ලබා ගන්නා ලද ශතකයක් (103) සහ නරම්මල කණ්ඩායමට එරෙහිව (66) ලබා ගන්නා ලද අර්ධ ශතකයක් ද ඇතුළත්ව තරග 13ක ඉනිම් 10ක දී ලකුණු 351ක් ලබා ගන්නවා.
තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන්
Player | Club | Mat | inns | Wkts | Best | 5 | 4 | |
1 | මධුශික සඳරුවන් | Malay CC | 11 | 11 | 35 | 5/23 | 2 | 3 |
2 | රුචිර සිල්වා | United Sothern SC | 13 | 12 | 30 | 5/35 | 1 | 0 |
3 | ගිහාන් ද සොයිසා | Leos SC | 12 | 12 | 28 | 6/41 | 1 | 1 |
4 | මනුල පෙරේරා | මොරටුව ක්‍රී. ස. | 11 | 11 | 25 | 5/14 | 2 | 1 |
5 | බුද්දික ප්‍රසාද් | Leos SC | 12 | 12 | 24 | 5/23 | 1 | 1 |
මෙම ලැයිස්තුවේ පළමු වැනියාට ශ්‍රේණිගත වූ මැලේ කණ්ඩායමේ වමතින් දඟපන්දු යවන මධුශික සඳරුවන් තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා ලෙස නම් කෙරුණ අතර ඔහු තරගාවලියේ දී ලබා ගත් කඩුලු සංඛ්‍යාව 35ක්.
ඔහුගේ හොඳම පන්දු යැවීම ලෙසින් සටහන් වන්නේ හෙට්ටිපොළ ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 23කට ලබා ගත් කඩුලු 5යි. එම දක්ෂතාව ඔහු වාර්තා කරන්නේ පන්දු වාර 6ක නිලකුණු පන්දුවාර 2ක් ද සමඟින්.
ඊට අමතරව ආදි සහිරා කණ්ඩායමට එරෙහිව ලකුණු 35කට කඩුලු 5ක් දවා ගැනීමට ද ඔහු සමත් වෙනවා. ආදි සර්වේසස්, Antonians සහ United කණ්ඩායම්වලට එරෙහිව කඩුලු 4 බැගින් දවා ගැනීම් ද මෙම ලැයිස්තුවට ඇතුළත්.
මෙම ලැයිස්තුවේ ඉහළින් ශ්‍රේණිගත කිරීම්වලට නොපැමිණියත් පන්දු යවන්නෝ කිහිප දෙනෙක් ම සුවිශේෂී පන්දු යැවීම්වල නිරත වීම කැපී පෙනුණා.
ඒ අනුව Kandy කණ්ඩායමේ දකුණතින් පිට දඟපන්දු යවන ප්‍රභාත් සේනාධීර දිගාමඬුල්ල ක්‍රිකට් සමාජයට එරෙහිව ලකුණු 8කට කඩුලු 6ක් දවා ගන්නවා. එය තරගාවලියේ හොඳම පන්දු යැවීම ලෙසයි වාර්තා වූයේ. ප්‍රභාත් මේ වෙනුවෙන් වැය කරන්නේ පන්දු 37ක් පමණයි.
මේ අතර ආදි සර්වේසස් කණ්ඩායමේ දකුණතින් පිට දඟපන්දු යවන අශාන් ලකින්ත, හෙට්ටිපොල කණ්ඩායමට එරෙහිව පන්දුවාර 8ක් යවමින් නිලකුණු පන්දුවාර 4ක් ද සමඟින් ලකුණු 19කට කඩුලු 6ක් දවා ගැනීමට සමත් වෙද්දී, මොරටුව ක්‍රීඩා සමාජයේ වමතින් දඟපන්දු යවන විනුජ රණසිංහ, නාරම්මල ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 29කට කඩුලු 6ක් දවා ගනිමින් දක්ෂතා දක්වනවා.
ඉහත ලැයිස්තුවේ තෙවැනියට ලැයිස්තු ගත වන Leo කණ්ඩායමේ දකුණතින් මද වේගපන්දු යවන ගිහාන් ද සොයිසා, අම්බලන්ගොඩ සිංහ කණ්ඩායමට එරෙහිව ලකුණු 41කට කඩුලු 6ක් දවා ගන්නවා. ඒ වෙනුවෙන් ඔහු වැය කරන්නේ පන්දුවාර 8ක් පමණයි.
දක්ෂතම පන්දු රකින්නෝ
Player | Club | Mat | Dis. | Ct. | CB | ST | RO | |
1 | තරින්ද නිර්මාල් | United Southern SC | 13 | 20 | 16 | 0 | 0 | 4 |
2 | නිපුන් සමරසිංහ | Old Servatius CC | 9 | 19 | 0 | 8 | 10 | 1 |
3 | දුශාන් ගුරුගේ | හෙට්ටිපොල ක්‍රී. ස. | 11 | 18 | 0 | 14 | 4 | 0 |
4 | ජනෙත් කෞෂාල් | United Southern SC | 13 | 18 | 0 | 15 | 3 | 1 |
5 | කවීන් ප්‍රනාන්දු | සඳලංකාව ක්‍රිකට් ස. | 11 | 16 | 0 | 14 | 0 | 2 |
(Mat- Match, Dis. –Dismissal, Ct. – Catches, CB – Caught Behind, ST – Stumps, RO – Run Out)
තරගාවලියේ දක්ෂතම පන්දු රැකි ක්‍රීඩකයන් ලැයිස්තු ගත වීමේ දී පළමු ස්ථානය දිනා ගන්නේ ද United කණ්ඩායමේ තරින්ද නිර්මාල්. ඔහු ලබා ගත් උඩ පන්දු ප්‍රමාණය 16ක් වන අතර දුවද්දී දවා ගැනීම් 4කට ද දායකත්වය දක්වනවා. ඒ අනුව ඔහුගේ දවා ගැනීම් ප්‍රමාණය 20ක්.
ඒ අනුව තරින්ද මෙම තරගාවලියේ වඩාත් ම සුවිශේෂී ක්‍රීඩකයා ද වෙනවා. ඔහු පෙර කී දක්ෂතාවන්ට අමතර ව පන්දු යැවීමේ දී ද කඩුලු 19ක් දවා ගනිමින් දක්ෂතා දක්වන්නේ ජයග්‍රාහී කණ්ඩායමේ ද නායකයා වෙමින්.
කඩුල්ල පිටුපස සිටිමින් වැඩිම උඩ පන්දු ප්‍රමාණයක් දවා ගැනීමට සමත් වූයේ United කණ්ඩායමේ කඩුලු රැකි ක්‍රීඩක ජනෙත් කෞෂාල්. ඔහු තරගාවලියේ දී උඩ පන්දු 15ක් දවා ගන්නවා.
මේ දක්ෂතාත් සමඟින් නිමා වූ Governor’s කුසලාන තරගාවලියේ දක්ෂයන්ට සේ ම සහභාගී වූ සැමට ද ThePapare.com වෙතින් සුබ පැතුම්.
>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<