සුපිරි පාසල් 20ක් ThePapare පාපන්දු ශූරතාවයට මාන බලයි

ThePapare පාපන්දු ශූරතාවය 2022

607

පාසල් පාපන්දු පිටිය උණුසුම් කරමින්, ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com අනුග්‍රහයෙන් බලගැන්වෙන “ThePapare පාපන්දු ශූරතාවය” එළඹෙන 29 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

කොරෝනා වසංගතය නිසාවෙන් වසර තුනක නිහැඬියාවකට පසුව පැවැත්වෙන මෙවර තරගාවලිය සඳහා පාසල් පාපන්දු පිටියේ ප්‍රධාන කණ්ඩායම් 20ක් සහභාගී වීමට නියමිතයි.

අවසන් වරට පැවති 2019 ThePapare පාපන්දු ශූරතාවයේ දී බම්බලපිටිය සාන්ත පීතර ක්‍රීඩකයින් පරදවා ශූරතාවය ජයග්‍රහණය කරන්නට මරදාන සහිරා විද්‍යාල ක්‍රීඩකයින් සමත් වුනා.

තරගාවලියට සහභාගී වන කණ්ඩායම් 20 කාණ්ඩ 4කට වෙන් කරමින් තරගාවලිය පැවැත්වීමට නියමිත අතර එක් එක් කාණ්ඩයේ පෙරමුණ දිනා ගන්නා කණ්ඩායම් ද්විත්වය අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට නියමිතයි.

තරගාවලියේ කණ්ඩායම් සහ කාණ්ඩ

A කාණ්ඩය B කාණ්ඩය C කාණ්ඩය D කාණ්ඩය
සහිරා විද්‍යාලය, මරදාන සාන්ත පීතර විද්‍යාලය, කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය – කොළඹ සාන්ත පැට්‍රික් විද්‍යාලය – යාපනය
යාපනය මධ්‍ය මහා විද්‍යාලය Al Aqsa College – Kinniya De Mazenod විද්‍යාලය – කඳාන සාන්ත හෙන්රි විද්‍යාලය – යාපනය
බදූරියා මධ්‍ය මහා විද්‍යාලය, මාවනැල්ල මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය – මීගමුව රාජකීය විද්‍යාලය – කොළඹ ගේට්වේ විද්‍යාලය  – කොළඹ
සාන්ත සෙබස්තියන් විද්‍යාලය, කටුනේරිය සාන්ත බෙනඩික්ට් විද්‍යාලය – කොළඹ Hameed Al Husseinie – කොළඹ සහිරා විද්‍යාලය – ගම්පොළ
මුස්ලිම් විද්‍යාලය – කළුතර ධර්මදූත විද්‍යාලය – බදුල්ල කිංග්ස්වුඩ් විද්‍යාලය – මහනුවර තර්ස්ටන් විද්‍යාලය – කොළඹ

2018 වසරේ දී පළමු වරට පැවති මෙම තරගාවලියේ ප්‍රධානතම අරමුණ වන්නේ, ශ්‍රී ලංකා පාසල් පාපන්දුව ඉහළ නැංවීම වන අතර මුල් අදියර දෙක තුළ දී තරගාවලියෙන් විශාල සාර්ථකත්වයක් දැක ගැනීමට හැකියාව ලැබුණා.

එලෙස සාර්ථකව නිමා වූ අදියර දෙකකින් පසුව තරගාවලිය 2019 වසරෙන් පසුව පැවැත්වීමට නොහැකි වුනේ ලොව පුරා පැතිර ගිය කොරෝනා වසංගතය හේතුවෙනුයි.

එම විවේකයෙන් පසුව, පාසල් පිටියේ වැඩි අවධානයක් දිනා ගත්, මෙම තරගාවලිය නැවතත් ආරම්භ කිරීමට සියලුම කටයුතු මේ වන විට සූදානමින් කරමින් පවතිනවා.

තරගාවලියේ මූලික වටයේ තෝරා ගත් තරග කිහිපයක් සහ අවසන් පූර්ව වටයේ සියලු තරග සජීවීව ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. තරගාවලියේ උණුසුම සමඟ රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<