පාසල් පාපන්දු පිටිය උණුසුම් කරන සහිරා සුපර් 16 නැවතත්

Deedat සහිරා සුපර් 16 පාපන්දු ශූරතාවය 2022

1242

කොළඹ සහිරා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය නායකයින් විසින් සංවිධානය කරන සහිරා සුපර් 16 පාපන්දු තරගාවලිය 16 වැනි වරටත් ඔක්තෝබර් මාසයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

ඔක්තෝබර් 01 වැනිදා පැවැත්වීමට නියමිත මෙම තරගාවලියේ සියලුම තරග කොළඹ තුරඟ තරග පිටියේ දී පැවැත්වීමට නියමිත අතර මෙවර තරගාවලිය සඳහා ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කරන්නේ Deedat ආයතනයි.

රටේ පවතින තත්වය නිසාවෙන් මෙවර තරගාවලිය සඳහා බස්නාහිර පළාතේ පාසල්වලට පමණක් තරගාවලියට ආරාධනා කර ඇති අතර ඒ අනුව බස්නාහිර පළාතෙන් පාසල් 16ක් මෙම තරගාවලියට සහභාගී වීමට නියමිතයි.

මෙම තරගාවලිය තුරඟ තරග පිටියේ දී පැවැත්වීම පාසල් ක්‍රීඩකයින්ට හොඳ අත්දැකීමක් වන අතර තරගාවලිය අධ්‍යාපන අමාත්‍යංශයේ සහ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ පැවැත්වීම විශේෂත්වයක්.

තරගාවලිය සඳහා සහභාගී වන පාසල්,

  • අල් හික්මා විදුහල
  • ඇලිතියා ජාත්‍යන්තර පාසල
  • දාරුස්සලාම් විදුහල
  • ද මැසනඩ් විදුහල, කඳාන
  • ඩි.එස්. සේනානායක විදුහල
  • ගේට්වේ ජාත්‍යන්තර පාසල
  • කොළඹ හින්දු විද්‍යාලය
  • ඉසිපතන විද්‍යාලය
  • මාරිස්ටෙලා විද්‍යාලය, මීගමුව
  • කොළඹ රාජකීය විද්‍යාලය
  • සාන්ත තෝමස් විද්‍යාලය
  • සාන්ත බෙනඩික්ට් විද්‍යලය
  • සාන්ත ජෝසප් විද්‍යාලය
  • වෙස්ලි විද්‍යාලය
  • සහිරා විද්‍යාලය
  • ලයිසියම් ජාත්‍යන්තර පාසල – නුගේගොඩ

තරගාවලියේ අනුග්‍රාහකයන්,

  • නිල අනුග්‍රාහක – Deedat ආයතනය
  • රන් අනුග්‍රාහක – Trainocate ආයතනය
  • ලෝකඩ අනුග්‍රාහක – CIMA
  • නිල බැංකු සහ මූල්‍ය සහකරු – AL- Falaah , Alternate Financial Services of LOLC Finance Plc.
  • නිල ඩිජිටල් විකාශන සහකරු – ThePapare.com
  • ඡායාරූප ශිල්පි සහකරු – ඉක්‍රම් ස්ටූඩියෝ
  • නිල ආහාර සැපයීමේ සහකරු – රෝයල් බිරියානි හා BBQ

මෙම තරගාවලියේ සියලූම තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<