ශ්‍රී ලාංකිකයින් තිදෙනෙක් SA20 ලීගයට

SA20 ක්‍රිකට් ලීගය 2023

7370

ලබන වසරේ දකුණු අප්‍රිකාවේ පැවැත්වීමට නියමිත SA20 ලීග් ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් පැවති ක්‍රීඩක වෙන්දේසියේ දී කුසල් මෙන්ඩිස් සහ ඩිල්ශාන් මදුශංක කණ්ඩායම් දෙකක් සඳහා තෝරාගෙන තිබෙනවා.

ඊයේ (18) දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් හීදී මෙම ක්‍රීඩක වෙන්දේසිය පැවැත්වුණු අතර මෙහි දී ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 30ක් ඇතුළු සමස්ත ක්‍රීඩකයින් 318 දෙනෙකු වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර තිබුණා.

වෙන්දේසිය පැවැත්වීමට සහ එම වෙන්දේසිය වෙනුවෙන් ක්‍රීඩක ලැයිස්තු සකස් කිරීමටත් පෙර ශ්‍රී ලංකා දඟපන්දු යවන මහීෂ් තීක්ෂණ Johannesburg super kings කණ්ඩායමට (pre – draft) තෝරාගෙන තිබීම විශේෂත්වයක්.

වෙන්දේසියේ තෙවැනි වටය ලෙස පැවති කඩුලු රකින පිතිකරුවන් වෙන්දේසි කිරීමේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් සහ දිනේශ් චන්දිමාල් ලැයිස්තුගත කර තිබූ නමුත් ඒ කිසිවකු හෝ මිල දී ගැනීමට කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් වුනේ නැහැ.

ඉන්පසුව වෙන්දේසියේ දී නම් කියවුණු චාමික කරුණාරත්න, අකිල දනංජය, අවිශ්ක ප්‍රනාන්දු, මතීෂ පතිරණ, බිනුර ප්‍රනාන්දු වැනි එකදූ ශ්‍රී ලාංකික නාමයකට ද වෙන්දේසියේ ලංසු තැබීමට කිසිම කණ්ඩායමක් උත්සුක වුනේ නැහැ.

ඉන්පසුව නවක නැගී එන ක්‍රීඩකයින් (Next Gen cricketers) ලෙස ඉදිරිපත් වූ ක්‍රීඩක ලැයිස්තුවේ සිටි ඩිල්ශාන් මදුශංක වෙන්දේසියේ දී ලංසුවක් හිමි වූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා බවට පත් වුනා. Durban Super Giants විසින් මදුශංකව දකුණු අප්‍රිකානු රෑන්ඩ් 275,000ක (රුපියල් 5,066,127.50) මුදලකට මිල දී ගත්තා. නමුත් ඉන්පසුව වෙන්දේසියට එක් වූ දුනිත් වෙල්ලාලගේටත් කිසිදු කණ්ඩායමකින් ලංසුවක් ඉදිරිපත් වුනේ නැහැ.

ඉන්පසුව නැවතත් පෙර වෙන්දේසි නොවූ ක්‍රීඩකයින් අතරින් පිරිසක් වෙන්දේසියට ඉදිරිපත් කළ අතර එහි දී ශ්‍රී ලාංකික කඩුලු රකින පිතිකරු කුසල් මෙන්ඩිස්ව Pretoria Capitals කණ්ඩායම විසින් දකුණු අප්‍රිකානු රෑන්ඩ් 425,000 (රුපියල් 8,616,613.43) ක මුදලකට මිල දී ගනු ලැබුවා.

මේ අයුරින් ඊයේ දිනයේ දී SA20 වෙන්දේසියේ දී ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකුට පමණක් ලංසු තැබූ අතර, ඉතිරි ක්‍රීඩකයින්ට එම අවස්ථාව හිමි වුනේ නැහැ (Unsold).

විශේෂයෙන්ම සඳහන් කළ යුතු කරුණක් වන්නේ ජාත්‍යන්තරයේ ඉතාම ප්‍රසිද්ධ විස්සයි විස්ස ක්‍රිකට් තරු පවා මෙම වෙන්දේසියේ දී කණ්ඩායම් විසින් නොසලකා හැරීමයි. Temba Bavuma, Roston Chase, Ross Taylor, Carlos Brathwaite වැනි ක්‍රීඩකයින් ද ඒ අතර සිටිනවා.

කෙසේ වෙතත් වෙන්දේසියේ දී ඉහළම මිලකට වෙන්දේසි වුනේ දකුණු අප්‍රිකානු නවක ප්‍රහාරාත්මක පිතිකරුවෙකු වන Tristan Stubbs වන අතර, ඔහුව Sunrisers Eastern Cape දකුණු අප්‍රිකානු රෑන්ඩ් මිලියන 9.2 මුදලකට මිල දී ගත්තා.

පහතින් දැක්වෙන්නේ ඊයේ පැවති වෙන්දේසියේ දී ඉහළම මිල ගණන් හිමි වූ ක්‍රීඩකයින් 10 දෙනාගේ නම් සහ ඔවුන්ට හිමි වූ වටිනාකමයි.

  1. Tristan Stubbs – R9.2m (Sunrisers Eastern Cape)
  2. Rilee Rossouw – R6.9m (Pretoria Capitals)
  3. Marco Jansen – R6.1m (Sunrisers Eastern Cape)
  4. Wayne Parnell – R5.6m (Pretoria Capitals)
  5. Sisanda Magala – R5.4m (Sunrisers Eastern Cape)
  6. Heinrich Klaasen – R4.5m (Durban Super Giants)
  7. Reeza Hendricks – R4.5m (Joburg Super Kings)
  8. Tabraiz Shamsi – R4.3m (Paarl Royals)
  9. Dwaine Pretorius – R4.1m (Durban Super Giants)
  10. Rassie van der Dussen – R3.9m (MI Cape Town)

සමස්ත වෙන්දේසියේ දී ක්‍රීඩකයින් 102ක් කණ්ඩායම් හයක් අතරේ වෙන්දේසි වුනා. මෙම කිසිදු කණ්ඩායමක් තවමත් ඔවුන්ගේ කණ්ඩායම් නායකයාව නිල වශයෙන් ප්‍රකාශ කර නොමැති අතර ලබන ජනවාරිය තෙක් තවත් විශාල වැඩ කොටසක් ඉතිරිව ඇති බව වෙන්දේසිය අවසානයේ දී සිය අදහස් දැක්වූ SA20 ලීගයේ ප්‍රධානියෙකු වන හිටපු දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් නායක Graeme Smith විසින් පවසා සිටියා.

“ජනවාරිය වෙනුවෙන් අපි තවත් එක පියවරක් ඉදිරියට තිබ්බා. අද විශේෂ දවසක්, කිසිම කෙනෙක් දැනගෙන හිටියේ නැහැ මොනවා වේවි ද කියලා අද. ඩොලර් මිලියන 125.8ක් අද දවසේ දී වියදම් වුනා. ඇත්තටම අද කිසිම කෙනෙක් බලාපොරොත්තු නොවුණු දේවල් පවා සිදු වුනා. අපි කවුරුවත් දන්නේ නැහැ කණ්ඩායම් හිමිකරුවන්ට අවශ්‍ය දේවල් මොනවද කියන්න, ඒ වගේම එයාලගේ සැලසුම් මොන වගේ ද කියන්නත්. ලබන ජනවාරියේ දී අපි ලොකු පියවරක් ඉදිරියට තියන්න සූදානමිනුයි දැන් ඉන්නේ!”

ඊයේ වෙන්දේසියෙන් අනතුරුව SA20 තරගාවලිය නියෝජනය කිරීමට නියමිත කණ්ඩායම් සහ ක්‍රීඩකයින් මෙසේයි.

  • Johannesburg Super Kings: Faf du Plessis, Gerald Coetzee, Maheesh Theekshana, Romario Shepherd, Harry Brook, Janneman Malan, Reeza Hendricks, Kyle Verreynne, George Garton, Alzarri Joseph, Leus du Plooy, Lewis Gregory, Lizaad Williams, Donavon Ferreira, Nandre Burger, Malusi Siboto, Caleb Seleka
  • Sunrisers Eastern Cape: Aiden Markram, Ottneil Baartman, Marco Jansen, Tristan Stubbs, Sisanda Magala, Junaid Dawood, Mason Crane, Jon-Jon Smuts, Jordan Cox, Adam Rossington, Roelof van der Merwe, Marques Ackerman, James Fuller, Brydon Carse, Sarel Erwee, Aya Gqamane, Tom Abell
  • Paarl Royals: David Miller, Corbin Bosch, Jos Buttler, Obed McCoy, Lungi Ngidi, Tabraiz Shamsi, Jason Roy, Dane Vilas, Bjorn Fortuin, Wihan Lubbe, Ferisco Adams, Imraan Manack, Evan Jones, Ramon Simmonds, Mitchell van Buuren, Eoin Morgan, Codi Yusuf
  • Durban Super Giants: Quinton de Kock, Prenelan Subrayen, Jason Holder, Kyle Mayers, Reece Topley, Dwaine Pretorius, Heinrich Klaasen, Keemo Paul, Keshav Maharaj, Kyle Abbott, Junior Dala, Dilshan Madushanka, Johnson Charles, Matthew Breetzke, Christiaan Jonker, Wiaan Mulder, Simon Harmer
  • MI Cape Town: Kagiso Rabada, Dewald Brevis, Rashid Khan, Liam Livingstone, Sam Curran, Rassie van der Dussen, Ryan Rickelton, George Linde, Beuran Hendricks, Duan Jansen, Delano Potgieter, Grant Roelofsen, Wesley Marshall, Olly Stone, Waqar Salamkheil, Ziyaad Abharams, Odean Smith
  • Pretoria Capitals: Anrich Nortje, Migael Pretorius, Rilee Rossouw, Phil Salt, Wayne Parnell, Josh Little, Shaun von Berg, Adil Rashid, Cameron Delport, Will Jacks, Theunis de Bruyn, Marco Marais, Kusal Mendis, Daryn Dupavillon, Jimmy Neesham, Eathan Bosch, Shane Dadswell

SA20 ක්‍රිකට් ලීගය පිළිබඳ දිනෙන් දින යාවත්කාලීන වන නවතම තොරතුරු ඔබ වෙත ගෙන ඒමට Thepapare.com සූදානම්, රැඳී සිටින්න Thepapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<