චීන ණය ගැන සාකච්ඡා කරන්න රාජපක්ෂ ආණ්ඩුව එකඟවෙලා නැහැ

 

ශ්‍රී ලංකා රජය චීන බැංකු සමග තිබෙන ණය ප්‍රශ්නය සාකච්ඡා කිරීම සඳහා සූදානම් යයි මාස තුනකට කලින් චීනය ශ්‍රී ලංකා මුදල් අමාත්‍යාංශයට දැන්වූ බවත්, එහෙත්, ශ්‍රී ලංකාව පැත්තෙන් එයට ප්‍රතිචාරයක් නොලැබුණු බවත් චීන තානාපති නිලධාරියෙක් පසුගියදා ඩේලි මිරර් වෙබ් අඩවියට ප්‍රකාශ කර තිබිණි.

චීන ණය ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් තවමත් චීනය විසින් එකඟතාවක් ප්‍රකාශ කර නැත.

ශ්‍රී ලංකාව 2022 වසරේදී පමණක් චීනයට ඩොලර් බිලියන 1.5 – 2 අතර මුදලක් ගෙවන්නට නියමිතය. මේ වසරේ ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 7ක පමණ විදේශ ණය ගෙවීමට නියමිතව තිබිණි.

චීනය ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ද්විපාර්ශ්වික ණය හිමියකු වන අතර ලංකාව චීනයට ඩොලර් බිලියන 8ක් පමණ ණයය. ජපානය, ඉන්දියාව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව ආදිය සෙසු ද්විපාර්ශ්වික හා බහු පාර්ශ්වික ණය හිමියන් වෙති. පසුගිය කාලසීමාව තුළදී ඉන්දියාව ශ්‍රී ලංකාවට භාණ්ඩ ණය හා මුදල් හුවමාරු ආදිය ලෙස ඩොලර් බිලියන 4ක් පමණ වටිනා ආධාර පිරිනමන ලදී.

2026 දක්වා කාලය තුළදී ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 25ක් ණය ගෙවිය යුතුය.

ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 14ක පමණ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණය ද ආපසු ගෙවිය යුතුය.

ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර නිලධාරි මට්ටමේ එකඟතාවක් ඇතිකරගැනීම සඳහා මේ වන විට මෙරට සංචාරය කරමින් සිටින නියෝජිත පිරිස සහ රජයේ නියෝජිතයන් අතර සාකච්ඡා පැවැත්වෙමින් තිබේ. කෙසේ වෙතත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලබාගැනීමට පෙර ශ්‍රී ලංකා රජය ණය ප්‍රතිව්‍යූහගත කරගැනීම සිදුකළ යුතුය.

ලංකාවේ සමස්ත විදේශ ණයවලින් 10% – 20% අතර ප්‍රමාණයක් චීන ණය වන අතර චීනය ඇතුළු ද්වි පාර්ශ්වික ණය හිමියන් සමග සාකච්ඡා කිරීම සඳහා ජපානයේ මැදිහත්වීම ලබාගැනීමට ශ්‍රී ලංකා රජය අපේක්ෂා කරයි.

Adapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා