Monday, August 22, 2022

682. අද සිරී ලම්කාවෙ වහා විසඳාගත යුතු දැවෙන පස්න හෙවත් බෙර්නිං කුවෙස්චන්ස්....


කැකිරාව සෙන්ටල් එකේ ළමයිංගේ නිලඇඳුම..

 
1. මයින්ද අමරවීරට අනුව  ගෞරවාර්හ  දඬුලේනා මහතා ජාටික සත්තයා (නැසනල් ඇනිමොල්) තනතුරින් ඉවත්කල යුතුද?... එසේ ඉවත් කරන්නේනම් ඒ සඳහා අනුප්‍රාප්තික සතා විය යුත්තේ මොකාද?

2. සීයයිඩියට අනුව ජනාපෙති මන්දිරේට කඩා වැදී එහි සිට ජනාපෙතිතුමාගේ සීතකරනයේ තිබූ පැණි කොමඩු පළුව කොටා බෑ නරුමයා වහාම අත් අඩංගුවට ගැනීම

3. අප්පසන්න රෙණතුන්ගට අනුව ගෝල් පේස් එකේ තනකොල පාගා ඒවා මැරී යාමට වගකිවයුතු අරගල කරුවන් සහ කාරියන් සීසීටීවී දර්සන අනුව හඳුනාගෙන ඔවුන්ගෙන් පෑගූ පෑගූ තනකොල ගහක් ගහක් ගානෙ අලාබය අයකර ගැනීම

4. මේජ ජනරාල් කෙමල්  ගූරත්නට අනුව බලහත්කාරයෙන් ලංකාවට ආ චීන නැවට එලව එලවා පහරදීමට පිලිකන්නේ රැස් කල ගඩොල් බාගා කැටියට අහවල් දෙයක් කරන්ටදැයි හිතාගත නොහැකිවීම.

5. අටිගරු ජනාපෙටි වික්කමසිම්හයානන්ට අනුව ඊලඟ ජාටිය ඇමටීමේදී පැවසිය යුත්තේ ඉතාම අමාරුවන්නේ ඉදිරි මාස තුනද නැත්නම් මාස හයදැයි යන්න පිලිබඳව තීරනය කල නොහැකිවීම.

6. නීටිෆටිතුමාට අනුව මෙර්විං සිල්ලා මහතා 2007 වසරේ ජාතික රූපවාහිනියට කඩාවැදී කල බලාත්කාරකමට හැකි ඉක්මනින් දඬුවං පැමිනවීම.

(ජොංස්ටං, රත්තරං සහ කපුටානන්ට විරුද්දව ඇති චෝදනා පිලිබඳව පරීක්සා කිරීමට යොදවා තිබූ නීතිඥ කන්ඩායම් තුනක් වහාම එම පරීක්සන වලිං ඉවත් කොට මෙර්විංට විරුද්දව ෆාස්ට් ට්‍රැක් චෝදනා ගොනුකිරීම සඳහා යොදවා ඇත)

7. සමහර බුකී වාසී ප්‍රාඥයිංට අනුව කැකිරාව සෙන්ටල් ඉස්කෝලේ ගෑණු ලමයින් මෙතෙක් ඇඳි ළමා සාරිය ඉවත්කොට ඔවුන්ට ගවුම් ඇන්දවීම.

7 comments:

  1. දඬුලේනා පැණිකොමඩු තණකොල පිට්ටනියේදී කන විට චීන නැවේ ඉඳලා ගඩොල් බාගයකින් මාස තුනකට සැරයක් ගැසීම රූපවාහිනියෙන් පෙන්වීමටනම් ලමාසාරියක් ඇඳ සිටීම අත්‍යවශ්‍යද?

    ReplyDelete
  2. ජාතික සත්තෙයටනං නරියෙක් දාන එක වඩා හොඳයි.
    කැකිරාවෙ කෙල්ලංගෙ සාරිය ගලවන්නැතුව කොල්ලන්ට නැෂනල් අන්දවන්න කියමු.

    ReplyDelete
    Replies
    1. අන්න හොඳ අදහසක්. ළමා සාරියයි කලිසමයි ගැලපෙන්නේ නැහැ.

      Delete
    2. එතකොට මාට්ටියා අමුඩ ලේනුසුයක් හෙමත් දෙනවද?

      Delete
    3. යටට අඳින්න ඕනමයි කියල එකක් තියෙනවැයි. විඛාර...

      Delete
  3. හලෝ රවී අයියේ ඉතිං කොහොමද

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...