ගෝටාගේ ආපසු පැමිණීම

 

අජිත් පැරකුම් ජයසිංහ

ගෝඨාභය කියන්නෙ ජනාධිපතිකමක් දරන්න තරම් නායකත්ව පෞරුෂයක් තියෙන කෙනෙකු නෙමෙයි. ඔහුට කලින් ජනාධිපති වූ සිරිසේන පවා ජාමෙ බේරගන්න හැටිවත් දැනගෙන හිටියා. ගෝටා ගැන කියන්න පුළුවන් සිංදු කෑල්ලක් කපුගේගෙ සිංදුවක තියෙනවා.

“ඇයත් නොදන්නිය ඇය යන මානය

උන් හිටි තැන් මතකය අඩමානය

පාර කියන්නේ කෙලෙසද මා හට

ඇයටද පාරක් ඇති නැති ගානය”

ඔහු ඉතාම වැදගත් කාල පරිච්ඡේදයකදී ඉතාම මුග්ධ විදියට ශ්‍රී ලංකා රාජ්‍යය කළමනාකරණය කළා. හැබැයි, ඔහුගේ වැරදිි කළමනාකරණයට මේ රටේ විශාල පිරිසක් උඩගෙඩි දුන්නා. ඔහු වැරදියි කියපු තවත් බොහෝදෙනෙකු පෙන්වාදුන්නෙ ඊටත් වඩා වැරදි පාරවල්.

කෙසේ වෙතත්, ජනාධිපතිවරයකු ලෙස ඔහු දේශපාලනයෙදි බොළඳ විදියට ප්‍රජාතන්ත්‍රවාදී වුණා. අවසානයේදී ලෝකයටම වැරදි පූර්වාදර්ශ සපයන්නට ලංකාවේ දේශපාලන අන්තවාදීන්ට අවස්ථාව උදාකර දුන්නා. මැයි 9, ජුලි 9 ත්‍රස්තවාදී ක්‍රියා ගැන ප්‍රසිද්ධියේ කයිවාරු ගහන්න වාමාංශික අන්තවාදීන්ට තවමත් හැකියාව තියෙන්නෙ ඒ නිසා.

පාස්කු ප්‍රහාරයෙදි දුන්න වගේ තමයි තොපිට දෙන්නෙ කියල මුස්ලිම් අන්තවාදීන් තර්ජනය කරන තත්වයක් ඉන් පසුවත් තිබුණා නම් ඔබ මොකක්ද කරන්නෙ? හැබැයි, මැයි 9, ජුලි 9 ත්‍රස්තවාදීන් අදත් පකුං දානවා තොපිට මෙහෙමයි දෙන්නෙ කියලා. ඒ විතරක් නෙමෙයි, ඒ ත්‍රස්තවාදය හා ත්‍රස්තවාදීන් වෙනුවෙන් සමහරු විවෘතවම පෙනීඉන්නවා.

ඔය ප්‍රචණ්ඩ මොබ් යොදවලා පාර්ලිමේන්තුව දක්වා තැන් අල්ලගන්න හැකියාව 2018 පෙබරවාරි පළාත් පාලන මැතිවරණයෙන් පසු පොහොට්ටුවට තිබුණා. ඒත් කළේ නැහැ. දැන් එහෙම නැහැ. ඒක ආණ්ඩු වෙනස් කරන ක්‍රමයක් බවට පත්වෙලා. රටේ ප්‍රජාතන්ත්‍රවාදය මේ තරම් ගැටලු සහගත තත්වයකට පත්වුණේ ගෝටාගේ නායකත්ව ගැටලු නිසා.

කොයි තරම් අඩපාඩු තිබුණත් ඔහු මේ රටේ ඡන්දයෙන් පත්වුණ ජනාධිපතිවරයෙක්. ඔහුව බියපත් කරලායි නෙරපුවේ. ඒකත් අවසානයෙදි ඉල්ලා අස්වීමක්.

ඔහුු වැරදි කර තිබෙනවා නම්, ඔහුට එරෙහිව සාධාරණ විමර්ශනයක් හා නීත්‍යානුකූලව කටයුතු කිරීම අවශ්‍යයි. එහෙත්, ඔහුට මේ රටට එන්නට කිසිම බාධාවක් නැහැ. හිටපු ජනාධිපතිවරයකු ලෙස ඔහුට ආරක්ෂාව සැලසීම රජයේ වගකීමක්.

Adapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා