UEFA සුපර් කප් තරගාවලිය ජය ගැනීමට Karim Benzema (කරීම් බෙන්සිමා) ප්‍රමුඛ Real Madrid කණ්ඩායම සමත් වුනා. ඒ Eintracht Frankfurt (අයින්ට්‍රාක්ට් ෆ්‍රෑන්ක්ෆර්ට්) කණ්ඩායම ගෝල 2-0ක් ලෙස පරාජය කරමින්.
ඉකුත් මැයි මාසයේ දී ප්‍රබල Liverpool (ලිවර්පූල්) කණ්ඩායම පරාජය කරමින් UEFA ශූරයන්ගේ කුසලාන තරගාවලිය ජය ගත් රියාල් මැඩ්රිඩ් කණ්ඩායම UEFA සුපර් කප් තරගාවලිය ජය ගත්තේ පස්වැනි වරටයි. තරගයේ දී ගෝල වාර්තා කළේ ඩේවිඩ් ඇලබා සහ නායක කරීම් බෙන්සිමා විසින්.
- රියාල් මැඩ්රිඩ් 14වැනි වතාවටත් UEFA ශූරයන් වෙයී
- බොරුවට නොවැටෙන පවුලෝ ඩිබාලා
- සොෆියා වෙනුවෙන් යුරෝපය ආක්‍රමණය කළ සුවාරෙස්
රියාල් මැඩ්රිඩ් කණ්ඩායම වෙනුවෙන් 324 වැනි ගෝලය වාර්තා කළ බෙන්සිමා මේ වන විට රියාල් මැඩ්රිඩ් ඉතිහාසයේ වැඩිම ගෝල ලාභීන් අතරින් දෙවැනි වන්නේ සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ හට පමණයි. රොනාල්ඩෝ ගෝල 450ක් සමඟින් පෙරමුණේ පසුවනවා.
>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<