ඔසී ඔස්බෝර්න් පොදුරදමඬුලු ක්‍රීඩා උළෙල වර්ණවත් කරයි

190

2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ නිමාව සනිටුහන් කිරීමට රොක් සංගීත රසිකයන්ගේ ආදරය දිනා ගත් Black Sabbath සංගීත කණ්ඩායමේ නියාමක ගායක Ozzy Osbourne (ඔසී ඔස්බෝර්න්) එක්ව තිබෙනවා.

73 හැවිරිදි ඔසී වසර කිහිපයකින් ප්‍රසිද්ධ වේදිකාවේ ගායනයට නොපැමිණුනේ රෝගී තත්වයක් හේතුවෙන්. එහෙත් පොදුරදමඬුලු ක්‍රීඩා උළෙලේ අවසානයට ඔහු සහ ඔහුගේ Black Sabbath සංගීත කණ්ඩායම එක්වීම, පැමිණ සිටි 30,000කට අධික ප්‍රේක්ෂක ප්‍රජාව අමන්දානන්දයට පත්කිරීමට සමත් වුනා.

“බර්මින්හැම් මම ඔබට ආදරෙයි! ආයෙත් පැමිණෙන්න ලැබීම හොඳයි!” ඔහුගේ ජනප්‍රිය ගීතයක් වන Paranoid (පැරනොයිඩ්) ගීතය ගැයීමට වේදිකාවට නගිමින් ඔහු ප්‍රේක්ෂකයන්ට මයික්‍රොෆෝනයෙන් පැවසුවා.

සංවිධායකයන් විසින් අවසන් මොහොත වන තෙක්ම එය විශ්මයජනක අත්දැකීමක් වන අයුරින් පවත්වා ගැනීම නිසා ප්‍රේක්ෂකයන්ට ලැබුණු හැඟීම සුවිශේෂීයි.

ක්‍රීඩා උළෙලේ ක්‍රීඩා ඉසව් 24ක් වෙනුවෙන් ප්‍රවේශ පත් මිලියන 1.3ක් පමණ අලෙවි වී තිබුණා. ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4,500කට වැඩි පිරිසක් රටවල් 72ක් නියෝජනය කරමින් මීට සහභාගී වුනා.

එංගලන්තයේ බර්මින්හැම් නුවර කේන්ද්‍ර කොටගෙන පැවති උළෙලේ අවසානය සනිටුහන් වුනේ ඕස්ට්‍රේලියාව (රන් 67)  පළමු තැනටත්, සත්කාරක එංගලන්තය (රන් 57) දෙවැනි තැනටත්, කැනඩාව (රන් 26) තෙවැනි තැනටත් පත් කරමින්.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<