Translate

Tuesday, February 22, 2022

ලෝක බාලදක්ෂ දින සැමරුම සහ සහතික ප්‍රදානය ජනපති ප්‍රධානත්වයෙන්

 

ලෝක බාලදක්ෂ දින සැමරුම හා ජනාධිපති බාලදක්ෂ සහතිකපත් ප්‍රදානය (23) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.

ලෝකයේ ළමුන් වෙනුවෙන් ඇති විශාලතම ස්වේච්ඡා සංවිධානය බාලදක්ෂ ව්‍යාපාරය වන අතර රටවල් 172ක මිලියන 52ක් ළමුන් එහි සාමාජිකත්වය දරති. ඊට සම්බන්ධ වන බාලදක්ෂයෙකුට ලබාගත හැකි ඉහළම සම්මානය ජනාධිපති බාලදක්ෂ පදක්කමයි.

ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා විසින් උත්සව සභාවට පැමිණි ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් බාලදක්ෂ කරලේන්සුව පළඳවා පිළිගනු ලැබීය.

බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ බේඩ්න් පවල් සාමිවරයාගේ පිළිරුවට පුෂ්පෝහාර දැක්වීම, සෑම දිස්ත්‍රික්කයකින්ම එක් අයෙකු නියෝජනය වන සේ තෝරාගත් බාලදක්ෂයන්ට ජනාධිපති බාලදක්ෂ සම්මානය පිරිනැමීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණ.

ජනාධිපති කාර්යාලයේ පැවති වැඩසටහනට සමගාමීව පළාත් මට්ටමින් වැඩසටහන් 09ක් පැවති අතර ජනාධිපති බාලදක්ෂයින් 700 දෙනෙකුට එහිදී සහතිකපත් ප්‍රදානය කරනු ලැබීය. සියලු පළාත් අන්තර්ජාලය ඔස්සේ සජීවීව සම්බන්ධ කෙරෙමින් වැඩසටහන පැවැත්විණ.

පැළ ලක්ෂයක් සිටුවීමේ ජාතික බාලදක්ෂ ක්‍රියාන්විතය සාර්ථකව නිම කළ බව දැනුම් දීමේ වාර්තාව සහාය ප්‍රධාන කොමසාරිස් ප්‍රභාත් කුලරත්න මහතා විසින් ජනාධිපතිතුමා වෙත ප්‍රදානය කළේය.

සෑම බාලදක්ෂයෙකුගේම නිවසක හරිත ගෙවත්තක් ඇති කිරීමේ වැඩසටහන සංකේතවත් කරමින් පැළ බෙදාදීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණ.

ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා විසින් ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක් පිළිගැන්වීම ද මෙහි දී සිදු විය.

ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, හිටපු ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් මේජර් ජෙනරාල් මිලින්ද පීරිස්, නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් එම්.එෆ්.එස්. මුහීඩ් යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 















පැල ලක්ෂයක් රෝපණය කිරීමේ ජාතික බාලදක්ෂ ක්‍රියාන්විතය අද (22) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, කොටුව ජනාධිපති මන්දිර පරිශ්‍රයේදී ආරම්භ විය.
ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ බේඩන් පවල් සාමිවරයාගේ 164 වන ජන්ම දින සැමරුම නිමිතිකොට ගෙන ව්‍යාපෘතිය සැලසුම් කර තිබේ. කර ලේන්සුව පළඳවා ජනාධිපතිතුමා පිළිගැනීම ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් මේජර් ජනරාල් මිලින්ද පීරිස් මහතා විසින් සිදු කෙරිණ. ජනාධිපතිතුමා අතින් රත්හඳුන් පැලයක් රෝපණය කිරීමෙන් පසු ජංගම දුරකථනයෙන් පැලය ලියාපදිංචි කරනු ලැබීය.


රට පුරා විසිරී සිටින 70,000 ට අධික සෑම බාලදක්ෂයෙක්ම පැළ 02 බැගින් තම ගෙවත්තේ සිටුවා රැක බලා ගනී. “තුරු” ජංගම යෙදුම මගින් වැඩසටහන ඇගයීම සිදු කෙරේ. ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ නිලධාරීහූ මේ අවස්ථාවට එක්ව සිටියහ.


ஒரு லட்சம் மரக்கன்றுகளை நாட்டும் தேசிய சாரணர் நிகழ்ச்சித்திட்டம் இன்று (22) முற்பகல் ஜனாதிபதி கோட்டாபய ராஜபக்ஷ அவர்களின் தலைமையில் கொழும்பு கோட்டையில் உள்ள ஜனாதிபதி மாளிகையில் ஆரம்பமானது.
உலக சாரணர் இயக்கத்தின் ஸ்தாபகர் பேடன்-பவல் பிரபுவின் 164 வது பிறந்த நாளை நினைவுகூரும் வகையில் இந்த நிகழ்ச்சித்திட்டம் திட்டமிடப்பட்டுள்ளது.
தலைமை சாரணர் ஆணையாளர் மேஜர் ஜெனரல் மிலிந்த பீரிஸ் ஜனாதிபதி அவர்களை வரவேற்றார். ஜனாதிபதி அவர்களினால் சிகப்பு சந்தன மரக்கன்றொன்று நடப்பட்ட பின்னர் கையடக்க தொலைபேசி மூலம் அது பதிவு செய்யப்பட்டது. இத்திட்டத்தின் படி நாடளாவிய ரீதியில் உள்ள 70,000 க்கும் மேற்பட்ட சாரணர்கள் ஒவ்வொருவரும் தங்கள் வீட்டுத் தோட்டங்களில் இரண்டு மரக்கன்றுகளை நட்டு அவற்றை கவனித்துக்கொள்வார்கள். “துரு“ கையடக்க தொலைபேசி செயலியின் மூலம் இந்நிகழ்ச்சித்திட்டம் மதிப்பீடு செய்யப்படும். இந்நிகழ்ச்சியில் இலங்கை சாரணர் இயக்க அதிகாரிகளும் கலந்து கொண்டனர்.

 

The project by the National Scouts Movement to plant 100,000 trees was inaugurated today (22) under the patronage of President Gotabaya Rajapaksa at the President’s House premises in Colombo.
The project has been designed to mark the 164th Birth Anniversary of Lord Baden Powell, the founder of the Scouts Movement.
Chief Commissioner of Sri Lanka Scout Association Major Gen. Milinda Peiris welcomed President Rajapaksa by adorning him with the scarf.The official inauguration took place with the planting of a red sandalwood sapling by President Rajapaksa. Later the plant was registered via mobile phone. More than 70,000 scouts across the country are expected to participate and achieve the target of 100,000 by planting two plants by each in their home garden. Every tree thus planted will have to be registered in the ‘Thuru’ Mobile application under Sri Lanka Scout Association. Continuous assessment will be done to ensure that plants are well looked after.
Members of the Sri Lanka Scout Association participated on this occasion.
Photography By: Sagara Lakmal de Mel & Shamika Wakwella (President’s Media Division)

#thepresidentofsrilanka #GotabayaRajapaksa #GR #SriLanka #vistasofprosperityandsplendor #WorldThinkingDay #worldscoutingday #plantahope



No comments:

Post a Comment