තිසරගේ දස්කම් සමඟින් යුද හමුදාව අපරාජිතව පෙරමුණටම

අන්තර් සමාජ එක්දින ක්රිකට් තරගාවලිය 2022

414

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 12ක් අද (03) ක්‍රියාත්මක වුනා.

CCC කණ්ඩායමේ අශාන් ප්‍රියන්ජන් දැක්වූ තුන් ඉරියව් දස්කම් (කඩුලු 6ක් සහ ලකුණු 29) නිසාවෙන් නාවික හමුදාවට එරෙහිව කඩුලු 2ක ජයක් හිමි කරගැනීමට CCC කණ්ඩායමට හැකියාව ලැබුණා.

දකුණතින් පිට දඟපන්දු යවන නලින් ප්‍රියදර්ශන බදුරලිය ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 36කට කඩුලු 5ක් දවා ගත්තා.

යුද හමුදා කණ්ඩායම තවදුරටත් සිය අපරාජිකත්වය රැක ගනිමින් නොකඩවා වාර්තා කළ සිව්වැනි තරග ජයග්‍රහණය ලබා ගැනීමට සමත් වුනා. එහි දී ඔවුන් හමුවේ පරාජයට පත්වුනේ හලාවත මේරියන්ස් කණ්ඩායමයි.

යුද හමුදා නායක තිසර පෙරේරා ලකුණු 70ක් රැස් කරගනිමින් පිතිකරණයෙන් දස්කම් දැක්වූ අතර පා දඟපන්දු යවන සුමින්ද ලක්ෂාන් ලකුණු 23කට කඩුලු 4ක් දවා ගෙන දස්කම් දැක්වූවා.

Group A

බදුරලිය සහ ශ්‍රී ලංකා පොලිසිය අතර තරගය පොලිස් පිටියේ දී

බදුරලිය – 155 (42.1): රනේෂ් සිල්වා 48, ගිහාන් රූපසිංහ 34, නලින් ප්‍රියදර්ශන 5/36, නුවන් ප්‍රදීප් 2/36, ලහිරු දියන්ත 2/36.

ශ්‍රී ලංකා පොලිසිය – 158/6 (38): නදීර බාලසූරිය 59*, චාමර සිල්වා 28, චතුරංග සිල්වා 3/25.

පොලිස් කණ්ඩායමට කඩුලු 4ක ජයක්.


සැරසන්ස් සහ ලංකන්ස් අතර තරගය මොරටුවේ දී

සැරසන්ස් – 208 (48): මොහොමඩ් වකාස් 41, තුස්හිර මදනායක 5/52.

ලංකන්ස් – 209/7 (43.3): ඩෙවින් පද්මනාදන් 49, කසුන් අබේරත්න 41, යෙසිත් රූපසිංහ 39*, කවික ඩිල්ෂාන් 2/27, සඳුන් මෙන්ඩිස් 2/40, ගිහාන් ඊබර්ට් 2/42.

ලංකන්ස් කණ්ඩායමට කඩුලු 3ක ජයක්.


කෝල්ට්ස් සහ Ace කැපිටල් අතර තරගය කෝල්ට්ස් පිටියේ දී

කෝල්ට්ස් – 242/9 (50): විශාද් රන්දික 88, ධනංජය ලක්ෂාන් 35, චානක දේවින්ද 3/49. 

Ace කැපිටල් – 243/6 (44.3): තනුක දාබරේ 68, දුලික තිස්සකුට්ටිගේ 61, ලසිත් කෲස්පුල්ලේ 41, අකිල දනංජය 4/31.

Ace කැපිටල් කණ්ඩායමට කඩුලු 4ක ජයක්.


සෙබස්තියනයිට්ස් සහ කළුතර නාගරික කණ්ඩායම අතර තරගය පානදුර දී

සෙබස්තියනයිට්ස් – 209/9 (50): තරිඳු රත්නායක 51*, සශා ද අල්විස් 33, ජනිඳු ඉඳුවර 4/36, කනිෂ්ක මදුවන්ත 3/22.

කළුතර නාගරික කණ්ඩායම – 88 (29.2): විශාර ප්‍රනාන්දු 38, ශෂ්රික පුස්සෙගොල්ල 3/14.

සෙබස්තියනයිට්ස් කණ්ඩායමට ලකුණු 121ක ජයක්.


SSC සහ ටැමිල් යූනියන් අතර තරගය SSC පිටියේ දී

SSC – 267 (50): නිපුන් ධනංජය 89, කවිඳු නදීෂාන් 62, දසුන් ශානක 30, ක්‍රිෂාන් සංජුල 26, දිලුම් සුධීර 3/39, ප්‍රමෝද් මදුශාන් 2/51.

ටැමිල් යූනියන් – 146 (29.5): රවිඳු ප්‍රනාන්දු 43, නවෝද් පරණවිතාන 24, ලක්ෂිත මණසිංහ 4/16, කවිඳු නදීෂාන් 3/30, සම්මු අශාන් 2/25.

SSC කණ්ඩායමට ලකුණු 121ක ජයක්.


මුවර්ස් සහ NCC අතර තරගය NCC පිටියේ දී

මුවර්ස් – 179 (40.3): මොහොමඩ් ශමාස් 61, පසිඳු සූරියබණ්ඩාර 29, සොහාන් ද ලිවේරා 26, අශෙල් සිගේරා 3/35, යුගීෂ ඩිෂාන් 2/31, වෙනුර ජයකොඩි 2/34, අශේන් ඩැනියල් 2/35.

NCC – 121 (31): කවීන් බණ්ඩාර 27, අම්ෂි ද සිල්වා 21*, චානුක ඩිල්ශාන් 3/27, මිලාන් රත්නායක 2/26, දිනුක ඩිල්ශාන් 2/22.

මුවර්ස් කණ්ඩායමට ලකුණු 58ක ජයක්.

Group B

නාවික හමුදාව සහ CCC අතර තරගය වැලිසර දී

නාවික හමුදාව – 148 (34): සචිත්‍ර සේනානායක 70, මාලිංග මාලිගස්පේ 26, අශාන් ප්‍රියන්ජන් 6/30.

CCC – 149/8 (30.5): අශාන් ප්‍රියන්ජන් 28, ලසිත් අබේරත්න 27, පවන් රත්නායක 24, දිලංක අවුවඩ් 3/34, සචිත්‍ර සේනානායක 2/28, සුදාර දක්ෂිණ 2/48.

CCC කණ්ඩායමට කඩුලු 2ක ජයක්.


නුගේගොඩ ක්‍රීඩා සමාජය සහ මීගමුව අතර තරගය කටුනායක දී

නුගේගොඩ – 209 (48.2): රනිත ලියනාරච්චි 64, භාග්‍ය දිසානායක 43, අවීෂ කේෂාන් 3/38, පසිඳු උස්හෙට්ටිගේ 3/39.

මීගමුව – 174 (45): අමෝද් විදානපතිරණ 41, ඩිල්ශාන් මුණවීර 35, සඳරුවන් චින්තක 31, රනිත ලියනාරච්චි 3/14, අරවින්ද ප්‍රේමරත්න 2/26, නවීන් ප්‍රනාන්දු 2/27, හංස ද සිල්වා 2/29.

නුගේගොඩ කණ්ඩායමට ලකුණු 35ක ජයක්.


කුරුණෑගල සහ ගුවන් හමුදාව අතර තරගය කටුනායක දී

කුරුණෑගල – 71 (33): ඩිල්ශාන් කොල්ලුරේ 22, දුලංජන මෙන්ඩිස් 4/02, මොවින් සුබසිංහ 2/11, ගයාන් සිරිසෝම 2/25.

ගුවන් හමුදාව – 74/3 (17.4): කලන විජේසිරි 37, යොහාන් මැදගේ 2/07.

ගුවන් හමුදාවට කඩුලු 7ක ජයක්.


BRC සහ ගාලු ක්‍රිකට් සමාජය අතර තරගය දොඹගොඩ දී

BRC – 164 (37.3): ලහිරු සමරකෝන් 35, ලියෝ ෆ්‍රැන්සිස්කෝ 24, රවිෂ්ක විජේසිරි 4/35, චතුර ලක්ෂාන් 3/18.

ගාල්ල ක්‍රිකට් සමාජය – 133/6 (33): සමීන් කඳනආරච්චි 56, තෙවින් අමරසිංහ 44, දුවිඳු තිලකරත්න 4/30.

ගාල්ල කණ්ඩායමට ලකුණු 9ක ජයක් (D/L).


පානදුර සහ රාගම අතර තරගය තර්ස්ටන් පිටියේ දී

රාගම – 250 (49.4): නිශාන් මදුෂ්ක 73, සමින්ද ප්‍රනාන්දු 64, ජනිත් ලියනගේ 25, තරිඳු කෞෂාල් 3/44.

පානදුර – 251/9 (49.3): තරිඳු කෞෂාල් 59*, ලක්ෂාන් රොද්‍රිගෝ 49, රිශික දවටගේ 37, ඩෙලෝන් පීරිස් 3/45, කල්හාර සේනාරත්න 2/28, ජනිත් ලියනගේ 2/63.

පානදුර කණ්ඩායමට එක් කඩුල්ලක ජයක්.


යුද හමුදාව සහ හලාවත මේරියන්ස් අතර තරගය ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී

යුද හමුදාව – 261/9 (50): තිසර පෙරේරා 70, ලක්ෂාන් එදිරිසිංහ 50, සුමින්ද ලක්ෂාන් 39, ලක්ෂාන් ගමගේ 29, ධම්මික ප්‍රසාද් 4/58, පුලින තරංග 3/34.

හලාවත මේරියන්ස් – 163 (41.4): අනුජ් ජොටින් 38, රවීන් යසස් 28, සුමින්ද ලක්ෂාන් 4/23, අසංක මනෝජ් 3/31.

යුද හමුදාවට ලකුණු 98ක ජයක්.

තරගාවලියේ සියලු පුවත් දැනගැනීමට රැඳී සිටින්න, ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<