Sunday, July 3, 2022

677. පුවක් එෂැණිං - 69 - දිරි දීමනා සහ දඬුවම් ලිහිල් කිරීම


කැබිනට් ඇමති රණතුංග...


ලංකා විදුලිබල  මණ්ඩලයේ මනු කියවන්නන්හට නිවැරදිව මනු කියවීම වෙනුවෙන් වැටුපට අමතරව දිරි දීමනාවක්ද  ගෙවන බව කෝප් කමිටුව ඉදිරියේදී හෙලිවූ බව වාර්තා වේ.. ඒ අනුව ඊයේ දිනයේදී රැස්වූ පහත සඳහන් වෘත්තීය සමිතිද එවන් දිරි ගැන්වීමේ දීමනාවක් තමන්ටද ගෙවන ලෙස  බල කරමින් වහාම උද්ඝෝෂණ පැවැත්වීමට ඒකමතිකව තීරණය කොට ඇත.

1. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය  එක් එක් නිවසේ දී හමුවූ  ඩෙංගු මදුරු කීටයින් ගණන නිවැරදිව වාර්තා කිරීම වෙනුවෙන් දිරි දීමනාවක් ඉල්ලා සිටී.

2. ලංගම බස් රියදුරෝ  බස් හෝල්ට් වල බස් රථය නැවැත්වීම වෙනුවෙන් දිරි දීමනාවක් ඉල්ලා සිටිති.

3. පොල් කඩන්නන්ගේ සංගමය නිවැරදිව පැසුණු පොල් පමණක් කැඩීම වෙනුවෙන් විශේෂ දිරි දීමනාවක් ඉල්ලති.

(දැන් මේ හරියට මීටර් එක කියවනවට මීටර් රීඩර්ට දිරි දීමනාවක් ගෙවනවයි කිව්වම මට ආපු ප්‍රශ්නෙ තමයි අඩේ..හරියට මීටර් එක කියවන එක උගෙ රාජකාරියනෙ..ඌට පඩියක් කියල එකක් ගෙවන්නෙ ඌ රාජකාරිය හරියට කරනවට..හරියට රාජකාරිය කරනවට වෙනම දීමනාවක් ගෙවනවයි කියන්නෙ එතකොට රාජකාරිය හරියට නොකලත් ඒ කියන්නෙ මීටර් එක හරියට නොකියවුවා උනත් පොරට පඩිය කොහොමත් ගෙවනවයි කියන එකනෙ..මාරයි ඕයි මේ රටේ වැඩ..මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නෙ පිස්සූ...ඇත්තම තමයි..)


******************************************************


නඩුවක් විභාග කිරීමේදී චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වුවද විත්තිකරුට දඬුවම් නියම කිරීමේදී පහත සඳහන් කරුනු අනිවාර්යයෙන් සළකා බැලිය යුතු බවට  විනිශ්චයකාර වරුන්ට උපදෙස් ලැබී ඇති බව අධිකරණ ආරංචි මාර්ග පවසයි..

1. විත්තිකරුගේ නිවස මෑතකදී ගිණි තබා විනාශ කොට ඇතිද? යන්න....

2. විත්තිකරුගේ දියණිය තම විවාහය ප්‍රමාදවීම නිසා විශාදයෙන් පෙලන්නේද?  යන්න...

3. විත්තිකරුට සිර දඬුවමක් නියම කලහොත් ඔහුගේ පරම්පරාවේ කීර්තිනාමයට ඉන් කැලලක් සිදුවේද ? යන්න.. 

4. විත්තිකරුගේ සුරතල් බල්ලා බත් කන්නේ විත්තිකරුගේ අතින් පමණක් නිසා විත්තිකරු බන්ධනාගාර ගත කළහොත් සුරතල් බල්ලා නිරාහාරව මියයයිද? යන්න... 

5. විත්තිකරුගේ ගෙදර මිදුලේ ඇති රඹුටන් ගසේ ගෙඩි කෑමට රාත්‍රියේදී පැමිණෙන වවුලන් එලවා දමන්නෙ විත්තිකරු බැවින් ඔහු බන්ධනාගාර ගත කලහොත් රඹුටන් පලදාව වවුලන්ටම සින්නවී යාවිද? යන්න...

10 comments:

  1. අවසන් චේදයේ කියන්නේ කප්පම් ප්‍රසන්න ඇමති ගැ නද

    ReplyDelete
  2. https://www.hmichaelsteinberg.com/the-apology-what-to-say-at-sentencing-in-a-colorado-criminal-cas.html

    ReplyDelete
    Replies
    1. Pra,

      Thanks, I learnt some thing new today..difference between Jail & Prison...I thought they were the same..

      JAIL
      Jails are usually local facilities under the jurisdiction of a city, local district, or county. Jails are short-term holding facilities for the newly arrested and those awaiting trial or sentencing. Those sentenced to serve a small amount of time (less than a year) may be housed in the local jail for the duration of their sentence.

      PRISON
      Prisons are institutional facilities under the jurisdiction of the state or federal government where convicted offenders serve longer sentences. People who have been found guilty of breaking a state law are usually sent to a state prison. Those who have violated federal laws are typically sent to federal prison located somewhere in the U.S. Some states have jails and prisons that are privately operated–usually by a corporation. The state basically contracts with these private facilities to house prisoners and does not have as much control over how the facilities are operated.

      Delete
  3. https://quotesgram.com/stupid-lawyer-quotes/

    ReplyDelete
  4. උංගෙ රෙද්දෙ ක්‍රම උන්ටම ගැළපෙනවා
    ඒවා දැක දැකත් අපි නං ඉවසනවා
    කෙළිමින් බයිල උන් අපිවම රවටනවා
    වෘෂභයො රජ වෙනව, අපටම කෙළවනවා!

    ReplyDelete
  5. බ්ලොග් වලට කොමෙන්ට් කරනව වගේම හරියට කොමෙන්ට් කරනවට සියලු බ්ලොග් කරුවන් විසින් කොමෙන්ට් කරුවන්ට දිරි දීමනාවක් ලබා දෙන ලෙස කො.කා.ස.ස. විදියට මම ඉල්ලා සිටිනවා.

    ReplyDelete
    Replies
    1. ඒක යෝජනාවක් නම් මං සම්මත කරනවා.

      Delete
  6. සුරතල් බල්ලාට බත් කැවීම හා වවුලන් එලවීම තමයි ලස්සනම පොයින්ට්ස් දෙක.

    Amidst husband duties, රවි දිගටම ලියන එක ගැන සතුටුයි

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...