Ashton Agarට දෙවැනි ටෙස්ට් තරගය මඟහැරෙයි

ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

1586

Ashton Agar හට ඕස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගයත් මඟ හැරෙන බව වාර්තා වෙනවා.

ඒ ඔහුට තවමත් සිය ආබාධයෙන් පූර්ණ ලෙස සුවය ලබා ගැනීමට නොහැකි වී ඇති නිසයි. ඔහු වෙනුවට Jon Holland ඕස්ට්‍රේලියානු ටෙස්ට් සංචිතයට කැඳවා තිබෙනවා.

2017 වසරේ සිට ටෙස්ට් තරගයක් ක්‍රීඩා කර නොමැති Agar මෙම තරගාවලියට ක්‍රීඩා කර වීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් බලධාරීන් සුදානම් බව මිට පෙර වාර්තා වුනා. කෙසේ වෙතත් ඕස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර එක්දින තරගාවලියේ දී Agar ආබාධයකට ලක් වුනා.

Agar නොමැති නිසා Mitchell Swepson දෙවැනි තරගයත් ක්‍රීඩා කරනු ඇතැයි වාර්තා වෙනවා. Swepson පළමු ටෙස්ට් තරගයේ දී කඩුලු 5ක් දවා ගත් අතර එම තරගය ඕස්ට්‍රේලියාව කඩුලු 10කින් ජය ගත්තා.

මම Swepo ගැන හරිම සතුටුයි”, Swepson පිළිබඳව අදහස් දක්වමින් Pat Cummins පවසා සිටියා.

ඔහු පළමු ඉනිමේ කඩුලු දෙක හා දෙවැනි ඉනිමේ ලබා ගත් කඩුලු ඉදිරිපෙළ පිතිකරුවන්ගේ කඩුලු. ඒවා ඉතා වටිනවා. ඔහු තරගයේ වේගය පාලනය කළා. පිතිකරුවන් ඔහුට වේගයෙන් පන්දුවට පහර දුන්නා. මම හිතනවා ඔහු හොඳින් පන්දු යැව්වා.”

Ashton Agar වෙනුවට Holland කණ්ඩායමට කැඳවා තිබෙනවා. ඔහු ද ආබාධයකට ලක්ව සිටි අතර එම නිසා ඔහුට ද පළමු ටෙස්ට් තරගය මඟ හැරුණා. ඔහු මේ වන විට සුවය ලබා තිබෙන අතර ඔහු දෙවැනි ටෙස්ට් තරගය ක්‍රීඩා කළහොත් එය Holland 2018 වසරට පසුව ක්‍රීඩා කරන පළමු ටෙස්ට් තරගය වනු ඇත.

cricketaddictor ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<