Home Sinhala තියුණු සටනකින් පසු ඉන්දියාව තරගාවලියේ පෙරමුණට

තියුණු සටනකින් පසු ඉන්දියාව තරගාවලියේ පෙරමුණට

ඉන්දීය කාන්තා කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

343

සංචාරක ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ සත්කාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවති පළමු එක්දින තරගයෙන් කඩුලු 4ක ජයක් ලබා ගැනීම ඉන්දීය කාන්තාවන් සමත් වුනා.

ICC එක්දින ශූරතාවය යටතේ පැවැත්වෙන මෙම තරගාවලිය දෙපිලටම ඉතා වැදගත් වූ අතර කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් රශ්මි ද සිල්වා අද (01) ජාත්‍යන්තර වරම් දිනා ගත් අතර ඇය ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින වරම් දිනා ගත් 74 වැනි ක්‍රීඩිකාවයි.

තරගය ක්‍රීඩා කළ කණ්ඩායම්,

  • ඉන්දීය කාන්තා කණ්ඩායම: Smriti Mandhana, Shafali Verma, Harleen Deol, Harmanpreet Kaur (c), Yastika Bhatia (wk), Richa Ghosh, Deepti Sharma, Pooja Vastrakar, Renuka Singh, Rajeshwari Gayakwad, Meghna Singh
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම: හසිනි පෙරේරා, චමරි අතපත්තු (නායිකා), හංසිමා කරුණාරත්න, කවිෂා දිල්හාරි, හර්ෂිතා මාධවී, නිලක්ෂි ද සිල්වා, අනුෂ්කා සංජීවනී, ඕෂධී රණසිංහ, රශ්මි ද සිල්වා, ඉනෝකා රණවීර, අචිනි කුලසූරිය.

ශ්‍රී ලංකාවේ ආරම්භය එතරම් සුබදායී වීමට ඉඩ නොදුන් ඉන්දීය ක්‍රීඩිකාවන් ශ්‍රී ලංකා පළමු කඩුලු ද්විත්වයම ලකුණු 29ක් තුළ දවා ගන්නට සමත් වුනා. ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩිකා චමරි අතපත්තු ලකුණු 2කට සහ හංසිමා කරුණාරත්න ලකුණු නොලබාම එලෙස පිටියෙන් ඉවත් වුනා.

තෙවැනි කඩුල්ල සඳහා ලකුණු 34ක සම්බන්ධතාවක් පිහිටුවීමෙන් අනතුරුව ලකුණු 37ක් ලබා සිටි හසිනි පෙරේරා දැවී ගියේ Deepti Sharmaගේ පන්දුවක් හමුවේයි.

ඉන්පසුව පිටියට පිවිසි කවීෂා දිල්හාරි හට සාර්ථක වීමට අවස්ථාවක් ලබා නොදුන් Harmanpreet Kaur විසින් ඇයව ලකුණු ලබා ගැනීමට ප්‍රථම පිටියෙන් ඉවත් කළා.

ශ්‍රී ලංකා ඉනිමට තරමක සහනයක් වෙමින් නිලක්ෂි ද සිල්වා සමඟ එක්ක හයවැනි කඩුල්ලට ලකුණු 60ක සම්බන්ධතාවක් පිහිටුවීමෙන් අනතුරුව අනුෂ්කා සංජීවනී දැවී ගියේ ලකුණු 18ක් ලබා සිටිය දීයි.

සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කරමින් නිලක්ෂි ද සිල්වා ලකුණු 43ක් රැස් කළත්, අනෙක් ක්‍රීඩිකාවන්ගෙන් නිසි සහයක් හිමි නොවීම නිසා ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 48.2ක් අවසානයේ ලකුණු 171කට සීමා වුනා.

ලකුණු 172ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමේ පළමු කඩුලු ද්විත්වය ලකුණු 21ක් වන විට ක්‍රීඩාගාරයට හරවා යැවීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ට හැකි වුනා.

ඉන්දීය ඉනිම ගොඩ ගනිමින් ලකුණු 35ක් ලබා සිටි Shafali Verma ලකුණු 35කට දවා ගැනීමට ඉනෝකා රණවීරට හැකි වුනා.

නමුත් ඉන්පසු පිටියේ එක්වූ Harleen Deol සහ Harmanpreet Kaur එක්ව සිව්වැනි කඩුල්ල සඳහා ලකුණු 62ක වටිනා සම්බන්ධතාවක් පිහිටුවීමට සමත් වුනා.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට තරගය පිළිබඳව යම් බලාපොරොත්තුවක් ගෙන දෙමින් Harmanpreet Kaur ලකුණු 44කට සහ Harleen Deol ලකුණු 34කට දවා ගැනීමට ඉනෝකා රණවීරට හැකි වුනා.

ඉන්පසු පිටියට පිවිසි Richa Ghosh ද ලකුණු 6කට දවා ගැනීමට ඉනෝකා රණවීරට හැකි වුනේ ඉන්දීය ක්‍රීඩිකාවන්ට තරමක පීඩනයක් ගෙන දෙමිනුයි.

නමුත් ඉන්පසු පිටියේ එක්වූ  Deepti Sharma සහ Pooja Vastrakar හත්වැනි කඩුල්ල සඳහා ලකුණු 38ක නොබිදුණු සම්බන්ධතාවක් පිහිටුවමින් පන්දුවාර 38ක් අවසානයේ ජයග්‍රාහී සීමාව පසු කළා.

නොදැවී පන්දුවට පහර දුන් Deepti Sharma ලකුණු 22ක් සහ Pooja Vastrakar ලකුණු 21ක් රැස් කරද්දී කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වූ ඉනෝකා රණකීර ලකුණු 39ට කඩුලු හතරක් දවා ගත්තා.

Result


Sri Lanka Women
171/10 (48.2)

India Women
176/6 (38)

Batsmen R B 4s 6s SR
Hasini Perera lbw b Deepti Sharma 37 53 5 0 69.81
Chamari Athapaththu c Taniya Bhatia b Renuka Singh 2 8 0 0 25.00
Hansima Karunaratne c Pooja Vastrakar b Deepti Sharma 0 11 0 0 0.00
Harshitha Samarawickrama lbw b Pooja Vastrakar 28 54 3 0 51.85
Kavisha Dilhari c Shafali Verma b Harmanpreet Kaur 0 2 0 0 0.00
Nilakshi de Silva lbw b Renuka Singh 43 63 4 0 68.25
Anushka Sanjeewani c Yastika Bhatia b Rajeshwari Gayakwad 18 48 0 0 37.50
Oshadi Ranasinghe b Renuka Singh 8 14 1 0 57.14
Rashmi de Silva b Deepti Sharma 7 21 0 0 33.33
Inoka Ranaweera c Yastika Bhatia b Pooja Vastrakar 12 15 2 0 80.00
Achini Kulasuriya not out 0 0 0 0 0.00


Extras 16 (b 4 , lb 3 , nb 0, w 9, pen 0)
Total 171/10 (48.2 Overs, RR: 3.54)
Bowling O M R W Econ
Renuka Singh 6 0 29 3 4.83
Meghna Singh 8 0 23 0 2.88
Deepti Sharma 8.2 1 25 3 3.05
Rajeshwari Gayakwad 9 0 33 1 3.67
Harmanpreet Kaur 7 1 13 1 1.86
Pooja Vastrakar 5 0 26 2 5.20
Harleen Deol 3 0 11 0 3.67
Shafali Verma 2 0 4 0 2.00


Batsmen R B 4s 6s SR
Smriti Mandhana b Oshadi Ranasinghe 4 7 1 0 57.14
Yastika Bhatia b Oshadi Ranasinghe 1 8 0 0 12.50
Shafali Verma st Anushka Sanjeewani b Inoka Ranaweera 35 40 1 2 87.50
Harmanpreet Kaur lbw b Inoka Ranaweera 44 63 3 0 69.84
Harleen Deol lbw b Inoka Ranaweera 34 40 2 0 85.00
Deepti Sharma b 22 41 0 0 53.66
Richa Ghosh c Anushka Sanjeewani b Inoka Ranaweera 6 11 0 0 54.55
Pooja Vastrakar b 21 19 2 0 110.53


Extras 9 (b 0 , lb 2 , nb 1, w 6, pen 0)
Total 176/6 (38 Overs, RR: 4.63)
Bowling O M R W Econ
Achini Kulasuriya 6 0 34 0 5.67
Oshadi Ranasinghe 8 1 34 2 4.25
Inoka Ranaweera 10 0 39 4 3.90
Kavisha Dilhari 7 0 33 0 4.71
Rashmi de Silva 6 0 30 0 5.00
Chamari Athapaththu 1 0 4 0 4.00



මෙම තරගාවලියේ දෙවැනි එක්දින තරගය එළඹෙන සඳුදා (04) පැවැත්වීමට නියමිත අතර එම තරගය ද සජීවීව ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න  ThePapare.com සමඟම.

>>  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න  <<