මැතිව්ස් පළමු ටෙස්ට් තරගයෙන් ඉවත‍ට

ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

195

ශ්‍රී ලංකා ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් හට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර  පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය මඟ හැරී යන බව වාර්තා වනවා.

ඒ ඔහුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමඟිනුයි. ඊයේ (30) දෙවැනි දිනයට ක්‍රියාත්මක වූ මෙම තරගය අවසානයේ මැතිව්ස් අසනීප තත්වයක් පෙන්නුම් කළ අතර එම නිසාවෙන් ඔහුට Rapid Anti-Gen පරීක්ෂාවක් සිදු කිරීමට කළමනාකරණ මණ්ඩලය තීරණය කර තිබුණා. එයින් ඔහු ආසාදිතයෙකු බවට හඳුනා ගෙන තිබුණා.

ඉන් අනතුරුව මැතිව්ස් කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩකයින්ගෙන් වෙන් කර නිරෝධායනයට යොමු කර තිබුණේ COVID-19 සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව යමිනුයි. ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ දී මැතිව්ස් විසින් පන්දු 71ක් තුල ලකුණු 39ක් වාර්තා කිරීමට සමත්ව තිබුණේ 4 පහර 3ක් ද සමඟිනුයි.

මැතිව්ස්ගෙන් හිස්වන ස්ථානය සඳහා ඕෂද ප්‍රනාන්දු කණ්ඩායමට ඇතුළත් කිරීමට තීරණය කර තිබෙන අතර ඔහු දෙවැනි ඉනිමේ සිට පිතිකරණයේ නිරත වනු ඇත.

ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු විසින් අවසන් ඕස්ට්‍රේලියානු කඩුලු දෙක තෙවැනි දිනයේ (01) උදෑසන කාලයේ දී දවා ගැනීමට සමත් වූ අතර ඒ අනුව ඕස්ට්‍රේලියාව ලකුණු 321ක් සමඟින් ඉනිම අවසන් කළේ ශ්‍රී ලංකාවට වඩා ලකුණු 109ක් ඉදිරියෙන් පසුවෙමිනුයි.

තරගාවලියේ උණුසුම ඔබ වෙත සමීප කරන්නට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<