Dialog–SLESA සමස්ත ලංකා Free Fire Esports ශූරතාවලිය නව මානයකට

296

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා සහ ශ්‍රී ලංකා ජාතික Esports කණ්ඩායමේ නිල අනුග්‍රාහකයා වන Dialog Axiata PLC, ශ්‍රී ලංකා Esports සංගමය (SLESA) සමඟ එක්ව Dialog–SLESA සමස්ත ලංකා Free Fire ශූරතාවලිය නමින් සමාරම්භක Esports තරගාවලියක් බලගැන්වීමට ඉදිරිපත්ව සිටින අතර මෙම ශූරතාවලිය එළඹෙන ජූලි 7 වැනිදා ආරම්භ වීමට නියමිතය. 

මෙම ශූරතාවලිය සඳහා සහභාගි වීමට කැමැත්තක් දක්වන තරගකරුවන් ලියාපදිංචි කිරීමේ කටයුතු 2022 ජූලි 01 වැනිදා දක්වා දීර්ඝ කර ඇත. ඒ අනුව තරගකරුවන්ට https://dlg.lk/3vZdkd9 ඔස්සේ ශූරතාවලිය සඳහා ලියාපදිංචි විය හැක. ශූරතාවලිය පිළිබඳ වැඩි විස්තර දැන ගැනීමට අවශ්‍ය නම් Dialog Facebook පිටුවට පිවිසීමෙන් හෝ Sri Lanka Esports පිටුවට පිවිස තොරතුරු ලබා ගත හැකි.

COVID-19 වසංගතය හේතුවෙන් තදාසන්න ප්‍රදේශවල මහජන ඒකරාශීවීම් සීමා කර ඇති තත්වයක් තුළ ශූරතාවලිය සඳහා සහභාගී වන්නන්ට සිය නිවසේ සිට හෝ ඕනෑම ස්ථානයක සිට ක්‍රීඩා කිරීමට ඉඩ ප්‍රස්තාව සලසා දීම හේතුවෙන් Dialog විසින් බලගන්වන SLESA හි සමස්ත ලංකා Free Fire ශූරතාවලිය වැඩි ආකර්ෂණයක් දිනා ගැනීමට සමත්ව තිබේ.

රුපියල් මිලියනයක ජයග්‍රාහී තෑගි මුදලක් පිරිනැමෙන මෙම දිස්ත්‍රික් මට්ටමේ Esports ශූරතාවලිය මගින් දක්ෂතාවයන්ගෙන් පිරිපුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනා ගෙන ඔවුන්ගේ කුසලතා ඔප්නංවා ඔවුන්ට ජාත්‍යන්තර මට්ටමින් තරගාවලි සඳහා සහභාගි වී ක්‍රීඩා කිරීමට ඉඩ ප්‍රස්තාව සලසා දීමට අපේක්ෂා කරයි.

ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රිය Esports නාමයක් වන  Free Fire විසින් මෙම ශූරතාවලිය සංවිධාන කරන අතර එය Garena ආයතනය විසින් වැඩිදියුණු කර ප්‍රසිද්ධියට පත්කළ බහු ක්‍රීඩක battle-royale පන්නයේ Mobile ක්‍රීඩාවකි.

 SLESA හී සභාපති රවීන් විජයතිලක මහතා මෙම ශූරතාවලිය සම්බන්ධයෙන් මෙලෙස අදහස් දක්වන ලදි. “මෙම DIALOG-SLESA සමස්ත ලංකා Free Fire ශූරතාවලිය ශ්‍රී ලංකාවේ Esports ක්‍රීඩකයන්ව ගෝලීය ESports  විප්ලවයට සූදානම් කිරීම උදෙසා තැබූ ඉදිරි පියවරක් වශයෙන් සඳහන් කළ හැකිය. අපගේ කලාපීය Esports තරගකරුවන් සමඟ අපේ ක්‍රීඩකයන් සම මට්ටමක තබා ගැනීම වෙනුවෙන් අපි දරන මේ උත්සහයේ දී ඒ ගමන උදෙසා Dialog සමාගම අප සමඟ එක්වීම අපට මහත් සතුටක්.”

මෙහි ප්‍රධාන අනුග්‍රාහකයා වශයෙන් Dialog Axiata සමාගම සියලුම ක්‍රීඩාලෝලීන් වෙනුවෙන් මෙම තරග Theඡapare.com, SLESA සහ Gamer.lk සමාජ මාධ්‍යය පිටු ඔස්සේ සජීවීව විකාශය කිරීමට කටයුතු යොදා තිබේ.

Dialog Axiata සමාගම ජාතික ක්‍රිකට්, වොලිබෝල් හා දැල්පන්දු කණ්ඩායම්හි නිල අනුග්‍රාහකයා ලෙස කටයුතු කරන අතර ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය බලගැන්වීමට අමතරව කනිෂ්ඨ වොලිබෝල් තරගාවලිය, ජාතික ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ දැල්පන්දු තරගාවලිය, පාසල් ලීග් රග්බි, පිළිමළුන් පිටුදැකීමේ (knockout) හා සත් සාමාජික රග්බි තරගාවලිය, ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලි, යුද හමුදා පැරා ක්‍රීඩා තරගාවලිය, ජාතික පැරා ක්‍රීඩා තරගාවලිය හා ලෝක පැරාලිම්පික් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පැරා කණ්ඩායම බලගැන්වීමට කටයුතු කර ඇත.

මාධ්‍ය නිවේදනයකි

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<