Home Sinhala චමරිගේ අගනා ඉනිම ශ්‍රී ලංකාවට ජය ගෙනෙයි!

චමරිගේ අගනා ඉනිම ශ්‍රී ලංකාවට ජය ගෙනෙයි!

ඉන්දීය කාන්තා කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

226

සංචාරක ඉන්දීය කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති තෙවැනි සහ අවසන් විස්සයි  විස්ස ක්‍රිකට් තරගයෙන් කඩුලු 7ක ජයක් හිමි කරගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුනා. 

පෙර තරග ද්විත්වයේම ලද පරාජය නිසාවෙන් පූර්ණ තරගාවලි පරාජයකින් බේරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට මෙම තරගය වැදගත් වූ අතර තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඉන්දීය නායිකාව පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්;

ඉන්දීය කණ්ඩායම : Smriti Mandhana, Shafali Verma, Sabbhineni Meghana, Harmanpreet Kaur (c), Jemimah Rodrigues, Yastika Bhatia (wk), Deepti Sharma, Pooja Vastrakar, Simran Bahadur, Renuka Singh, Radha Yadav.

ශ්‍රී ලංකා කණ්ඩායම – විශ්මි ගුණරත්න, චමරි අතපත්තු (නායිකා), හර්ෂිතා මාධවී, කවීෂා ඩිල්හාරි, නිලක්ෂි ද සිල්වා, අමා කාංචනා, අනුෂ්කා සංජීවනී, ඕෂධී රණසිංහ, සුගන්ධිකා කුමාරි,ඉනෝකා රණවීර, මල්ෂා ශෙහානි.  

අභියෝගාත්මක ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමේ අරමුණින් පිටියට පිවිසි ඉන්දීය කාන්තා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස Shafali Verma ලකුණු 5ක් රැස් කරගෙන සිටිය දී දවා ගැනීමට සුගන්ධිකා කුමාරිට හැකි වුනා.

දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 41ක සම්බන්ධතාවක් ගොඩනගමින් සටහන්කාමී ඉනිමක් ක්‍රීඩා කිරීමට උත්සාහ කළ Smriti Mandhana ලකුණු 22කට පිටියෙන් ඉවත් වුනේ ඕෂධී රණසිංහගේ පන්දුවක් හමුවේයි.

එම දැවී යාමෙන් ටික වේලාවකට පසුව ක්‍රියාත්මක වූ ඉනෝකා රණවීර විසින් ලකුණු 22ක් වාර්තා කරගෙන සිටි Sabbhineni Meghanaව පිටියෙන් ඉවත් කළේ මුළු ලකුණු සංඛ්‍යාව 51ක් වන විටයි.

ඉන්පසු පිටියෙහි එක් වූ Harmanpreet Kaur සහ Jemimah Rodrigues සිව්වැනි කඩුල්ල සඳහා ලකුණු 64ක වටිනා සම්බන්ධතාවක් ගොඩනගමින් ඉන්දීය ලකුණු පුවරුව ඉහළ නැංවීමට සමත් වුනා.

අමා කාංචනාගේ පන්දුවක් හමුවේ Jemimah Rodrigues ලකුණු 33කට දැවී ගිය අතර නායිකා Harmanpreet Kaur නොදැවී රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 39ක්.

එම ඉනිම් නිසාවෙන් ඉන්දීය ක්‍රීඩිකාවන් සිය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 138ක් රැස් කළා.

ලකුණු 139ක තරමක අභියෝගාත්මක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස යොවුන් ක්‍රීඩිකා විශ්මි ගුණරත්න දැවී ගියේ ලකුණු 5ක් වාර්තා කරගෙන සිටින විටයි.

ශ්‍රී ලංකා ලකුණු පුවරුව 37ක් වන විට ලකුණු 13ක් රැස් කරගෙන සිටි හර්ෂිතා මාධවී පිටියෙන් ඉවත් කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට පීඩනයක් එල්ල කිරීමට Radha Yadavට හැකි වුනා.

නමුත් ඉන්පසු පිටියෙහි එක් වූ චමරි අතපත්තු සහ නිලක්ෂි ද සිල්වා තෙවැනි කඩුල්ල සඳහා ලකුණු 77ක සම්බන්ධතාවක් පිහිටුවීමට සමත් වූ අතර එය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් විස්සයි විස්ස තරගයක දී තෙවැනි කඩුල්ල සඳහා පිහිට වූ ඉහළම සම්බන්ධතාව ලෙස සටහන් වුනා.

පන්දු 28ක් තුළ ඉවසිලිවන්ත ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 30ක් රැස් කරගෙන සිටි නිලක්ෂි ද සිල්වා අවසනාවන්ත ලෙස දුවද්දී දැවී යාමකට හසුවීම නිසා පිටියෙන් ඉවත් වුනා.

තරගය පුරාවට අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 48ක් තුළ හතරේ පහර 14ක් සහ හයේ පහරක් සමඟ ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු නොදැවී වාර්තා කරගත් ලකුණු 80 නිසාවෙන් පන්දුවාර 17ක් අවසානයේ තරගය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හැකි වුනා.

ඒ සමඟින් තරග 3කින් යුත් විස්සයි විස්ස තරගාවලිය 2-1ක් ලෙස ඉන්දියාවට ජයග්‍රහණය හිමි කරදෙමින් අවසන් වූ අතර එක්දින තරගාවලිය ජූලි මස 01 වැනිදා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.

එම තරගාවලිය ද සජීවව ඔබ වෙත ගෙන ඒමට ThePapare.Com සූදානම්. රැඳී සිටින්න අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

Result


Sri Lanka Women
141/3 (17)

India Women
138/5 (20)

Batsmen R B 4s 6s SR
Smriti Mandhana c Nilakshi de Silva b Oshadi Ranasinghe 22 21 3 0 104.76
Shafali Verma c Chamari Athapaththu b Sugandika Kumari 5 4 1 0 125.00
sabbhineni meghana c Chamari Athapaththu b Inoka Ranaweera 22 26 3 0 84.62
Harmanpreet Kaur not out 39 33 3 1 118.18
Jemimah Rodrigues c Vishmi Gunaratne b Ama Kanchana 33 30 3 0 110.00
Pooja Vastrakar run out () 13 16 2 0 81.25


Extras 4 (b 0 , lb 1 , nb 0, w 3, pen 0)
Total 138/5 (20 Overs, RR: 6.9)
Bowling O M R W Econ
Sugandika Kumari 4 0 28 1 7.00
Ama Kanchana 4 0 22 1 5.50
Oshadi Ranasinghe 3 0 13 1 4.33
Inoka Ranaweera 4 0 31 1 7.75
Kavisha Dilhari 3 0 22 0 7.33
Chamari Athapaththu 2 0 21 0 10.50


Batsmen R B 4s 6s SR
Vishmi Gunaratne c Harmanpreet Kaur b Renuka Singh 5 5 1 0 100.00
Chamari Athapaththu not out 80 48 14 1 166.67
Harshitha Samarawickrama c Smriti Mandhana b Radha Yadav 13 14 2 0 92.86
Nilakshi de Silva run out () 30 28 4 0 107.14
Kavisha Dilhari not out 7 7 0 0 100.00


Extras 6 (b 1 , lb 0 , nb 0, w 5, pen 0)
Total 141/3 (17 Overs, RR: 8.29)
Bowling O M R W Econ
Renuka Singh 4 0 27 1 6.75
Deepti Sharma 3 0 26 0 8.67
Radha Yadav 4 0 41 1 10.25
Pooja Vastrakar 1 0 9 0 9.00
Harmanpreet Kaur 2 0 13 0 6.50
Simran Bahadur 2 0 20 0 10.00
Shafali Verma 1 0 4 0 4.00