කළු ඇස් තිබුන ගැහැණු ළමයා

කළු ඇස් තිබුන ගැහැණු ළමයා..
එකම දේ සැරින් සැරේ මගෙන් ඇහුවා..
ඇයි ඔයාව මට මීට කලින් මුණගැහුනේ නැත්තේ?
ඒකම අහල මාත් එක්ක රණ්ඩු කරා හැමවෙලේම..

මට ආදරේ නෑ කියල මට තරහින් කිව්වා..
ඒ උනාට එයාගේ හැම පොතකම කොතැනක හරි..
මගේ නම ලියල තිබුනා..

මමත් එයාට පිස්සු වැටිලා හිටියා..
ආදරේ කළා..
සමහර වෙලාවට තේරුම් කරන්න අමාරු උනා..
එයාගෙන් වෙන් වෙලා ඉන්න එක කොච්චර අමාරුද..
කියලා තේරුම් කරවන්න මට අමාරු උනා..

කළු ඇස් තිබුන ගැහැණු ළමයා..

Leave a comment