මලයාලම් සුපර්-ස්ටාර් සුරේෂ් ගෝපි නැවතත් සිනමාවට

Avatar Kavinu Weerakkody | May 28, 2022 100 Views 0 Likes 0 Ratings

100 Views 0 Ratings Rate it

ලෝකයේ දක්නට ලැබෙන විවිධ කලාපීය සිනමාවන් ගොඩ නැඟී තිබෙන්නේ ඒ ඒ කලාප සහ භූමි ප්‍රදේශ තුළ ජීවත් වන ජනතාවගේ අභිලාෂයන්, ආශක්තවීම් මුල් කරගෙනයි. ලෝකය පුරා විසිරී සිටින ජනතාවගේ අභිලාෂයන් සහ රසවින්දනාත්මක හේතූන් එකිනෙකට වෙනස් වන්නේ කෙසේද, ඒ කලාපයේ සිනමාවත් ඒ ආකාරයෙන්ම එකිනෙකට වෙනස් සහ විවිධාංගීකරණය වී තිබෙනවා. භාෂාව පදනම්ව ගොඩ නැඟුණු විවිධ රටවල සිනමා කර්මාන්ත තුළ ඊටම ආවේණික වූ ලක්ෂණ දක්නට ලැබෙන්නේ ඒ නිසායි.

ඉන්දියාව හා ආසියානු කලාපය වටා ගොඩ නැඟුණු ඉන්දීය සිනමාව තුළත් එවැනි අනන්‍යතා රැසක් දක්නට ලැබෙනවා. හින්දි, දෙමළ, තෙළිඟු, කන්නඩ ආදී වශයෙන් ප්‍රාන්ත අනුව එහි උප- සිනමා දක්නට ලැබුණත් ඒ සියල්ලක් තුළම ප්‍රධාන ඉන්දීය චිත්‍රපට කර්මාන්තයේ පොදු ලක්ෂණ ඇතුළත් වී තිබෙනවා. සුපිරි තරු හෙවත් Super Stars සංකල්පය එයින් ප්‍රධාන තැනක් ගන්නවා..!!

ඉන්දියාවේ බොහෝ උප – සිනමා ක්ෂේත්‍ර තුළ මෙම සුපිරි තරු සංකල්පය සක්‍රීයව පවතින අංගයක්. ඔවුන්ගේ බොහෝ ප්‍රාන්තීය චිත්‍රපට කර්මාන්ත තුළ මෙම Super Star ගණයේ රංගන ශිල්පීන්, ශිල්පීන් දැකගන්නට පුලුවන්. දෙමළ, හින්දි, තෙළිඟු ආදී සෑම ප්‍රාන්තීය industryකම එසේ සුපිරි තරු සංකල්පය සක්‍රීයව පැවතුණත් කේරළය මුල් කරගත් මලයාලම් චිත්‍රපට කර්මාන්තය වර්තමානය වනවිට එම ලක්ෂණයෙන් ඈත්වී තිබෙනවා.

මලයාලම තුළ ත් අතීතයේදී සුපිරි තරු හෙවත් Super Star නලු නිළියන් සිටියත් 2000 වසර මුල භාගයේ සිට ගොඩ නැඟුණු “නව රැල්ලේ මලයාලම” නිසා අලුතෙන් සුපිරි තරු බිහි වීම වැළකුනා. අද වනවිට මලයාලමේ චිත්‍රපට ශිල්පීන් අතර තිබෙන සමානාත්මතාව සහ සාර්ථකත්වයට ප්‍රධානම හේතුවක් වන්නේ ද එයයි. ඒ වගේම, අතීතයේ බිහිවූ Super Star ශිල්පීන් අති බහුතරයක් පවා අද දවසේ සක්‍රීය මට්ටමේ නැහැ. Mohanlal, Mammootty සහ Suresh Gopi හැරෙන්නට වෙනත් කිසිදු සුපිරි තරුවක් වර්තමාන කේරළ සිනමාවෙන් ප්‍රේක්ෂකයින්ට සමීප වන්නේද නැහැ.

මලයාලම් සිනමාවේ අවසන් සුපිරි තරුව ලෙස හැඳින්වෙන Suresh Gopi පවා බොහෝ කාලයක් සිනමාවෙන් ඈත් වී සිටි අයෙක්. වසර ගණනාවකට පසු ඔහු යළිත් රංගනයට පිවිසුනේ 2020 වසරේ Varane Avashyamund සිනමාපටය හරහායි. Varane Avashyamund චිත්‍රපටයේ ඔහු නිරූපණය කළේ උප ප්‍රධාන චරිතයක් වූවත්; චිත්‍රපටයේ සාර්ථකත්වයට Suresh Gopiගේ නැවත ආගනමය සැලකිය යුතු බලපෑමක් කළ බවයි මලයාලම් සිනමා මාධ්‍ය පවසන්නේ…

Varane Avashyamundට පසු දැන් ඔහු යළිත් සක්‍රීය සිනමා රංගනයට අවතීර්ණ වී සිටිනවා. ඔහු රංගනයෙන් දායක වූ Paappan, Ottakkomban වැනි anticipated සිනමා නිර්මාණ ගණනාවක්ම ඉදිරියේදී තිරගත වීමට නියමිතයි. ඊට අමතරව Suresh Gopiගේ ප්‍රධාන රංගනය සහිත තවත් නව චිත්‍රපටයක් ගැන පසුගියදා වාර්තා වුනා. SG253 යනුවෙන් තාවකාලිකව නම් කර තිබූ එම චිත්‍රපටයේ නාමය “Mei Hoom Moosa” බව පසුව නිවේදනය කළා. මෙය සුපර් ස්ටාර් Suresh Gopi රංගනයෙන් සම්බන්ධ වන 253වන නිර්මාණයයි.

Suresh Gopi එතෙක් මෙතෙක් රඟපෑ චිත්‍රපට අතුරින් වැඩිම වියදමක් දරා නිෂ්පාදනය වන නිර්මාණය වන මෙම Mei Hoom Moosa චිත්‍රපටයට ඉන්දීය කෝටි 10කට ආසන්න නිෂ්පාදන පිරිවැයක් වැය වන බවත් සඳහන් වනවා. මේ වනවිට චිත්‍රපටයේ රූපගත කිරීම් සියල්ලම පාහේ අවසන් වී තිබෙන අතර කේරළය ආශ්‍රිත දර්ශන කිහිපයක් පමණක් ඉතිරි වී තිබෙනවා. කේරළයට අමතරව Mei Hoom Moosa හි දර්ශන තල ගණනාවක්ම උතුරු ඉන්දියාව තුළත් රූගත කර අවසානයි.

චිත්‍රපටයේ කතා තේමාව ගැන තොරතුරක් තවමත් අනතර්ජාලයට නිකුත් වී තැතත්, මෙය සුරේෂ් ගෝපිට හුරුපුරුදු අන්දමේ action thriller ශානරයේ නිර්මාණයක් වීමට තිබෙන ඉඩකඩ වැඩියි. Action Super-Star යන නමින් හැඳින්වෙන සුරේෂ් ගෝපිගේ චිත්‍රපට නාමාවලියෙන් වැඩි ප්‍රමාණයක් වෙන් වන්නේ ත් මේ ආකාරයේ ක්‍රියාදාම චිත්‍රපටවලටයි. එය එදා සිටම ඔහු වටා රැඳුණු අනන්‍යතාවයක්! බොහෝ විට ’80 ’90 දශකවල සිටි energetic සුරේෂ් ගෝපිව Mei Hoom Moosa චිත්‍රපටයෙන් අපට නැවතත් දැකගත හැකි වේවි…

ප්‍රධාන චරිතයට රඟපාන ගෝපිට අමතරව Poonam Bajwa, Saiju Kurup සහ Hareesh Kanaran වැනි තරුණ රංගන ශිල්පීන් පිරිසකුත් මේ නිර්මාණය වටා එක්ව සිටිනවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ප්‍රවීණ මලයාලම් සිනමාකරුවෙකු වන Jibu Jacob විසිනුයි.
2002 වසරේදී Stop Violence චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂකවරයා ලෙස සිනමාවට පිවිසි Jibu Jacob, එතැන් සිට Oruvan, Boy Friend, Anaamika, Rama Ravanan, Oru Small Family වැනි ජනප්‍රිය මලයාලම් නිර්මාණ ගණනාවක කැමරා ශිල්පියා ලෙස සම්බන්ධ වී තිබෙනවා. Bharya Athra Pora (2013) ඔහු කැමරා අධ්‍යක්ෂණයෙන් සම්බන්ධ වූ අවසාන චිත්‍රපටයයි.

එතැන් සිට අධ්‍යක්ෂකවරයෙකුගේ සක්‍රීය භූමිකාවට පිවිසෙන Jibu Jacob විසින් 2014දී Vellimoonga නමින් සිය පළමු චිත්‍රපටය අධ්‍යක්ෂණය කළා. එය ඒ කාලයට සාපේක්ෂව බොහොම සාර්ථක වූ හාස්‍යමය චිත්‍රපටයක් බවට සැලකෙනවා. ඉන්පසුව මෝහන්ලාල් ප්‍රධාන රංගනයෙන් එක් වූ Munthirivallikal Thalirkkumbol සිනමා නිර්මාණයත්, Adhyarathri සහ Ellam Sheriyakum යන චිත්‍රපට ද්විත්වයත් ඔහුගේ අධ්‍යක්ෂණයෙන් හැඩ වූවා. සුරේෂ් ගෝපිගේ මෙම Mei Hoom Moosa  චිත්‍රපටය ඔහුගේ පස්වන සිනමා අධ්‍යක්ෂණයයි.

ව්‍යාපාරික Roy CJ සහ Thomas Thiruvalla විසින් නිෂ්පාදන කරන මෙහි කතාව, දෙබස් සහ තිර රචනය Rubesh Rainගෙනි. විධායක නිෂ්පාදකවරයා ලෙස කටයුතු කරන්නේ T A Josephයි.

Movie Name – Mei Hoom Moosa

Director – Jibu Jacob
Screenplay, Script & Dialogues – Rubesh Rain
Producer – Roy CJ

Cast – Suresh Gopi, Poonam Bajwa, Saiju Kurup, Hareesh Kanaran

Co Producer – Thomas Thiruvalla
Executive Producer –  T A Joseph
Cinematography – Vishnu Narayanan

Music – Sreenath Sivasankaran
Lyrics – Sajjad, Rafeek Ahemmad, Harinarayanan
Editor – E S Sooraj

Art – Sajith Shivaganga
Costume – Nizar Rahmath
Make Up – Pradheep Rangan

Share

100 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.