හොලිවුඩ් යන ආලියා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

May 22, 2022

හොලිවුඩ් යන ආලියා

ආලියා භාත් බොලිවුඩ් රැජිනකි. ඒ, ඇය රංගනයෙන් එක්වන බොලිවුඩ් සිනමා නිර්මාණ සියල්ල ​සිනමා ලෝලීන්ගේත් විචාරකයන්ගේත් පැසැසුමට ලක්වන බැවිනි. 

බොලිවුඩය ජයගත් ආලියා, සිය හොලිවුඩ් ආගමනයට සැරැසෙයි. සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුම ඔස්සේ ඒ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ආලියා පවසා ඇත්තේ හොලිවුඩයට එක්වීමට තමන් නොඉවසිල්ලෙන් පසුවන බවත්, එය තමන්ට අපූරු අත්දැකීමක් වනු ඇති බවත්ය. ආලියා රංගනයෙන් එක්වන හොලිවුඩ් සිනමා පටය ‘හාර්ට් ඔෆ් ස්ටෝන්’ය. 
ජේමී ඩෝර්මන් පමණක් නොව, හොලිවුඩයේ ජනප්‍රිය නිළි ගැල් ගැටඩාට් ද මෙම චිත්‍රපටයට එක් වී සිටිති. මෙය ත්‍රාසජනක චිත්‍රපටයක් වන අතර ඉදිරියේ දී නෙට්ෆ්ලික්ස් හරහා විකාශය වනු ඇත. 

ආලියාගේ විවාහය පසුගිය මාසයේ සිදුවිය. ඒ ඇගේ පෙම්වතා මෙන්ම ජනප්‍රිය බොලිවුඩ් නළිවකු ද වන රන්බීර් නපූර් සමගය. මංගල උත්සවය ඉතා චාමෙට පැවැත්වූයේ පවුලේ ඥාති මිත්‍රාදීන් කීප දෙනකුගේ සහභාගීත්වයෙනි.
෴ උපුටා ගැනීම - NDTV

Classified_Ad

Classified_Ad_News_Bottom