ජාතික ඔලිම්පික් කමිටු ප්‍රධානියා ආසියානු රග්බි සභාපති හමුවෙයි

215

ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ ප්‍රධානි සුරේෂ් සුබ්‍රමනියම් මහතා සහ ආසියානු රග්බි සම්මේලනයේ සභාපති Qais Al Dhalai මහතා අතර හමුවක් ඊයේ (20) පැවැත්වුණා.

ආසියානු රග්බි සම්මේලනය විසින් ශ්‍රී ලංකා රග්බි තහනම් කිරීමට පසුගිය දා තීරණය කිරීමෙන් පසුව මෙම හමුව සිදුව තිබූ අතර ශ්‍රී ලංකාවට සහ ක්‍රීඩකයින්ට ඉදිරියටත් සහයෝගය දක්වන බව එහි දී ආසියානු රග්බි ප්‍රධානියා ප්‍රකාශ කර තිබුණා.

මෙම හමුවීමෙන් පසුව අදහස් දැක්වූ සුරේෂ් සුබ්‍රමනියම් මහතා ප්‍රකාශ කළේ, “ආසියානු රග්බි ප්‍රධානියා හමුවීමට ලැබීම සතුටක්. මෙම හමුවීමෙන් පසුව සභාපතිවරයා පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහය ලබාදෙනවා කියලා ඔහු සහතික වුනා. ඒ වගේම ශ්‍රී ලංකා රග්බි තහනම නුදුරේ දී ම ඉවත් කිරීමට සභාපතිවරයා නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා”, යනුවෙන්.

එම සාකච්ඡාවෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආසියානු රග්බි සම්මේලනයේ ප්‍රධානියා ප්‍රකාශ කළේ, “මගේ සගයා වන සුරේෂ් සුබ්‍රමනියම් ඔහුගේ දෙවැනි නිවහන වන එක්සත් අරාබියට පිළිගැනීමට ලැබීම සතුටක්. සෑම ක්‍රීඩා කටයුත්තක දී ම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉදිරියෙන් ඉන්න ඕන කියලා මම විශ්වාස කරනවා. ආසියානු රග්බි සම්මේලනයේ නීති සහ රේගුලාසිවලට යටත්ව ශ්‍රී ලංකා රජය විසින් ශ්‍රී ලංකා රග්බි තහනම ඉවත් කළ වහාම කලාපීය සාමාජිකත්වය නැවත ලබා දීමට අප සූදානම්.”

Asia Rugby ඇසුරෙනි.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<