ඕස්ට්‍රේලියා මහ මැතිවරණය අද - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

May 21, 2022

ඕස්ට්‍රේලියා මහ මැතිවරණය අද

ඕස්ට්‍රේලියාවේ ෆෙඩරල් පාර්ලිමේන්තු මැතිවරණය අද (21) පැවැත්වෙයි. මෙය එරට පැවැත්වෙන 41 වැනි පාර්ලිමේන්තු මැතිවරණයයි. ඕස්ට්‍රේලියානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන 151 සඳහා සහ සෙනෙට් මණ්ඩලයේ ආසන 76 සඳහා නියෝජිතයන් තෝරා ගැනීමට මැතිවරණය පැවැත්වෙයි. 

මැතිවරණය පැවැත්වෙන්නේ ‘කොවිඩ් 19’ වසංගතය හේතුවෙන් ඕස්ට්‍රේලියානුවන් ආර්ථික වශයෙන් අර්බුදයකට මුහුණ පා සිටිද්දීය. එය අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන්ගේ ලිබරල් පක්ෂ නායකත්වයෙන් පිහිටුවා ඇති ලිබරල් ජාතික සන්ධාන රජයට අභියෝගයන් වනු ඇති බව දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසය. 

අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ සිවුවැනි වරට අග්‍රාමාත්‍ය ධුරය අපේක්ෂාවෙනි. ලිබරල් පක්ෂයට අභියෝගයක් එල්ල වන්නේ විපක්ෂය වන කම්කරු පක්ෂයෙනි. කම්කරු පක්ෂයට නායකත්වය දෙන්නේ ඇන්තොනි ඇලෙනාසිය. 

ස්කොට් මොරිසන් සහ ඇන්තොනි ඇලෙනාසි ට අමතරව, සෙසු අපේක්ෂකයන් ලෙස ‘හරිත’ පක්ෂයේ ඇඩම් බැන්ඩ්, ‘එක්සත් ඕස්ට්‍රේලියා’ පක්ෂයේ ක්‍රෙග් කෙලී සහ ‘කැටර්ස් ඕස්ට්‍රේලියා’ පක්ෂයේ බොබ් කැටර් අග්‍රාමාත්‍ය ධුරය සඳහා තරග වදින සෙසු අපේක්ෂකයන්ය.

෴ උපුටා ගැනීම - REUTERS

Classified_Ad

Classified_Ad_News_Bottom