ඕස්ට්‍රේලියානු A කණ්ඩායම ජුනි මාසයේ දී දිවයිනට

ඕස්ට්‍රේලියානු A කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2022

842

ඕස්ට්‍රේලියානු A ක්‍රිකට් කණ්ඩායම එළඹෙන ජුනි මාසයේ දී ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරත වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අද (20) පවසා සිටියා.

ජුනි 8 වැනිදා සිට 25 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත එම තරග සංචාරය සඳහා එක්දින තරග දෙකක් සහ සිව්දින තරග දෙකක් ඇතුළත්. තරගාවලියේ එක්දින තරග දෙක SSC ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත අතර සිව්දින තරග දෙක පැවැත්වෙන්නේ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දීයි.

එසේම තේරීම් කමිටුව විසින් මේ තරගාවලියට සහභාගී වීම වෙනුවෙන් ක්‍රීඩකයින් 24 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා A මූලික සංචිතයක් මේ වන විට තෝරාගෙන තිබෙන බව ThePapare.com වෙත වාර්තා වෙනවා.

නිමා වුන NSL තරගාවලිවල දී සහ අන්තර් සමාජ නැගී එන ක්‍රිකට් තරගාවලියේ දී වැඩි දස්කම් දැක්වූ බොහෝමයක් ක්‍රීඩකයින් මේ මූලික සංචිතයට ඇතුලත්ව තිබෙනවා.

ශ්‍රී ලංකා ‘A’ මූලික සංචිතය,

පබසර වඩුගේ, කමිල් මිශාර (කඩුලු රකින්නා), සංගීත් කුරේ, මිනෝද් භානුක, සදීර සමරවික්‍රම, කමිඳු මෙන්ඩිස්, නුවනිඳු ප්‍රනාන්දු, හෂාන් දුමිඳු, සමින්ද ප්‍රනාන්දු, ජනිත් ලියනගේ, ලහිරු උදාර (කඩුලු රකින්නා), අශේන් බණ්ඩාර, සහන් ආරච්චිගේ, ලහිරු සමරකෝන්, ලහිරු මදුශංක,  ධනංජය ලක්ෂාන්, ප්‍රමෝද් මදුශාන්, ඩිල්ශාන් මදුශංක, ශිරාන් ප්‍රනාන්දු, මොහොමඩ් ශිරාස්, කවිඳු පතිරත්න, ප්‍රභාත් ජයසූරිය, පුලින තරංග, ලක්ෂිත මණසිංහ.

තරගාවලියට එක්වන ඕස්ට්‍රේලියානු A කණ්ඩායම ,

Sean Abbott, Scott Boland, Peter Handscomb, Aaron Hardie, Marcus Harris, Travis Head, Henry Hunt, Josh Inglis, Matthew Kuhnemann, Nic Maddinson, Todd Murphy, Josh Philippe, Matt Renshaw, Jhye Richardson, Tanveer Sangha, Mark Steketee

තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<