එංගලන්ත සුදු පන්දුවට නව පුහුණුකරුවෙක්

275

හිටපු ඕස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු වන Matthew Mott එංගලන්ත සීමිත පන්දුවාර කණ්ඩායම් හි ප්‍රධාන පුහුණුකරු ලෙස තෝරාගෙන ඇති බව අද (18) විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

ඔහු සීමිත පන්දුවාර ආකෘතියේ කණ්ඩායම්වල ප්‍රධාන පුහුණුකරු ලෙස වසර 4ක් පුරා එංගලන්තය සමඟින් කටයුතු කිරීමට නියමිතයි. එළඹෙන මාසයේ දී නෙදර්ලන්තය සමඟ පැවැත්වීමට නියමිත එක්දින තරග 3කින් සමන්විත තරගාවලියේ දී ඔහු එංගලන්ත කණ්ඩායම සමඟින් එකතු වීමට නියමිතයි.

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමට මෑතක දී තේරීපත් වූ කළමනාකරණ අධ්‍යක්ෂක Rob Keyගේ මගපෙන්වීම යටතේ Matthew Mott ප්‍රධාන පුහුණුකරු ලෙස තෝරාගෙන තිබෙනවා.

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම් ටෙස්ට් සහ සීමිත පන්දුවාර ආකෘති සඳහා වෙනවෙනම පුහුණුකරුවන් තෝරාපත් කර ගැනීමට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබුණු අතර පසුගිය සතියේ දී පුහුණුකරු ලෙස Brendon McCullum එංගලන්තය සමඟින් ගිවිසුම්ගත වුනා.

මෙම ධුරය සඳහා Mott අමතරව ප්‍රවීණ පුහුණුකරුවෙකු වන Paul Collingwood ද සලකා බලා තිබෙනවා. Mott 2015 සිට ඕස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කර තිබෙනවා.

මීට වසර 7කට පෙර පැවති කාන්තා ලෝක කුසලානයේ දී ද ඕස්ට්‍රේලියාව සමඟ කටයුතු කර තිබෙන ඔහුගේ කාලය තුල ඔවුන් සහභාගී වූ එක්දින තරග 42න් ඔවුන් පරාජය වී ඇත්තේ තරග දෙකක් පමණයි.

48 හැවිරිදි වියේ පසුව වන Mott නිමා වූ ඕස්ට්‍රේලියා – එංගලන්ත කාන්තා අළුබඳුන තරගාවලි 4ක දී ද ඕස්ට්‍රේලියාව සමඟින් කටයුතු කර තිබෙනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<