නවසීලන්තයට එරෙහි වන එංගලන්ත සංචිතයට වෙනස්කම් කිහිපයක්

නවසීලන්ත කණ්ඩායමේ එංගලන්ත ටෙස්ට් සංචාරය 2022

355

එළඹෙන ජුනි 2 වැනිදා එංගලන්තයේ සත්කාරකත්වයෙන් ආරම්භ වීමට නියමිත නවසීලන්ත කණ්ඩායමේ එංගලන්ත ටෙස්ට් සංචාරය සඳහා සහභාගී වන එංගලන්ත සංචිතය අද (18) මාධ්‍ය වෙත නිකුත් කළා.

13 දෙනෙකුගෙන් සමන්විත ටෙස්ට් සංචිතයේ නායකත්වය Ben Stokes සතු වන අතර මෙම තරගාවලිය ICC ලෝක ටෙස්ට් ශූරතාවයට ඇතුළත් තරගාවලියක් ද වනවා.

නිමා වූ එංගලන්ත – බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා ඇතුළත් නොවූ ප්‍රවීණ එංගලන්ත වේගපන්දු යවන්නන් දෙදෙනෙකු වන James Anderson සහ Stuart Broad නැවතත් සංචිතය සඳහා තෝරාගෙන තිබෙනවා.

ටෙස්ට් වරම් දිනා නොමැති Matthew Potts සහ Harry Brook ද මෙම සංචිතය සඳහා ඇතුළත් කර තිබෙන අතර බටහිර ඉන්දීය කොදෙව් තරගාවලිය ක්‍රීඩා කළ Alex Lees, Craig Overton සහ Jack Leach සිය ස්ථාන තවදුරටත් රැක ගැනීමට සමත්ව සිටිනවා.

තරගාවලියේ පළමු ටෙස්ට් තරගය එළඹෙන ජුනි 2 වැනිදා සිට 6 වැනිදා දක්වා ලෝඩ්ස් පිටියේ ද, දෙවැනි ටෙස්ට් තරගය ජුනි වැනිදා 10 සිට 14 වැනිදා දක්වා නොටිංහැම් හිදි සහ තෙවැනි ටෙස්ට් තරගය ජුනි වැනිදා 23 සිට 27 වැනිදා දක්වා ලීඩ්ස් හිදි ද පැවැත්වීමට නියමිතයි.

සංචිතය: Ben Stokes (c), James Anderson, Jonny Bairstow, Stuart Broad, Harry Brook, Zak Crawley, Ben Foakes, Jack Leach, Alex Lees, Craig Overton, Ollie Pope, Matthew Potts, Joe Root.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<